Thursday, June 24, 2010

නේපාලය සහ නේපාල විවාහ උත්සව........







ඔන්න ඉන්දිය නේපාල දෙශසීමාව හරහා අපි නේපාලෙට ආවා. අපි ආවෙ අශ්ව කරත්තෙක. මේකත් මරු අශ්ව කරත්තෙ. ගොඩක් වෙලාවට අශ්ව කරත්තෙකට යොදා ගන්නෙ ගෑණු සතෙක්ලු. මොකද, හොඳට බර අදින්න පුලුවන් නිසා. මේකට කියන්නෙ "ටඟා" කියල. මෙ ගමනත් මරු. අපි කරත්තෙ පිටි පස්සෙ තමයි වාඩි වෙන්න ඕනෙ. පිටි පස්ස පැත්ත පාරට සම්පූර්ණයෙන්ම නිරාවරණය වෙලා තමයි තියෙන්නෙ.

හැමෝම වගේ යන්නෙ කරත්තේ නිසා ට්‍රැෆික් වෙලාවට අශ්වයා ගිහින් ඉස්සරහ කරත්තේ යන අයව ලෙව කනවා. (ආදරේට වෙන්න ඇති ). එතකොට ඒකෙ ඉන්න මිනිස්සු යටි ගිරියෙන් කෑගහන්න පටන් ගන්නවා. මේ සිද්දිය ගොඩක් තැන් වලදි උනා.:) :) :) තව සමහර වෙලාවට හදිස්සියෙවත් පිරිමි අශ්වයෙක් දැක්කොත් ගමන දාල ඒ අශ්ව්ය පස්සෙන් දුවනවා.. ඔය අතරෙ කරත්ත අනතුරු එහෙමත් වෙනවා. මේ ටඟා කරත්තේ ගාන බොහොම අඩුයි. කිලොමීටර ගානක් ඇවිල්ලත් ඒ මනිස්සයට දුන්නේ ල0කාවෙ සල්ලි වලින් රුපියල් 30ක් විතර. රික්ශා සහ කුලී කියන ඒවත් මෙහෙ කෙටි දුර ගමන් යන්න යොද ගන්නවා. රික්ශාවෙ එක මනුස්සයෙක් බයිසිකලය වගේ පැදගෙන යනවා. පිටිපස්සෙන් මිනිස්සු ඉඳගෙන යනවා. කුලී කියලා කියන්නේ මිනිහෙක් ඇදගෙන යන කරත්තක්.

මම නම් නේපාලෙදි රික්ශාවක ගියේ එක පාරයි. මට ඒ මිනිහා ගැන ගොඩක් අනුකම්පා හිතුනා. කුලී එකක නම් කවදවත් යන්න ඕන කමක් තිබ්බේ නැහැ. මම ගිය කරත්තෙ හිටියෙ උමේශ් සහ මම විතරයි. අපිත් ඉතින් වල වල් වල වැටි වැටී ටිකක් දුරක් ගියා.

ටික වෙලාවකින් උමේශ් මට කිව්ව අපි දන් නේපාල සීමවට කිට්ටුයි කියලා. මමත් තකහනියක් මගේ බෑග් එක ඇරල මගේ “Pass port” එක එලියට ගත්තා. මමත් ඉතින් ආගමන විගමන කටයුතු කරන තැනට ආවාම කියන්න කියල මගේ යාලුවට කිව්වා. නේපාලෙට එන්න කලින් වීසා ගන්න ඕනෙ කමක් තිබ්බෙත් නැහැ, මොකද “Visa on arrival” නිසා.
ටික වෙලාවකින් අපේ කරත්තෙ නැවත්තුවා නේපාල පොලිස් නිලධාරියෙක්. එය උමේශ් එක්ක වචන දෙක තුනක් කතා කලා. ඒට පස්සෙ අපි අයෙත් දිගටම කරත්තෙන් ගියා. විනාඩි 5 කට විතර පස්සෙ උමෙශ් කියනව....අපි ගෙදරට ආව...කරත්තෙන් බහින්න කියලා.

එතකොට තමයි මට දෙයියො බුදුන් සිහි උනේ.මේක මාව රට ඇතුලට අරන් ඇවිල්ල තියෙන්නෙ වීසා ගන්නෙ නැතුව. මම ඕක කිව්වහම මිනිහ හිනා වෙවී කියනව, "වීසා ගන්න ගියා නම් තව පැය දෙකක් වත් අපිව රස්තියාදු කරයි.. ඒක නිසා සද්ද නැතුව ඉන්න" කියල. කොහොමත් මට කේරලා ලුක් එකක් තියෙනවා කියල හැමෝම කියනවා. ඒක නිසා මමත් සද්ද නැතුව හිටියා.
නේපාලය කියන්නෙ බොහොම දුප්පත් රටක්. ඉන්දියාවටත් වඩා දුප්පත් ඇති.

මම එදා හිටියේ රොෂන්ගේ ගෙදර. ඒ ගෙදරදි මම කවදාවත් හිතපු නැති විදියට පිළි ගත්තා. රොෂන්ගේ අම්මා ඇවිත් සාම්ප්‍රදායික විදියට මාව පිලි ගත්තා. (අර හින්දි ෆිල්ම් වල වගේ). ඒට පස්සෙ රතු තිලකයක් මගේ නලලේ තිබ්බා. මමත් දන්න විදියට ෆුල්ල් ඉන්දියන් විදියට වැඩිහිටියන්ට වැඳල ඇතුලට ආවා. මගේ කාමරේ තිබ්බෙ 3වෙනි තට්ටුවේ.

ඉතින් ඊට පස්සෙ හැම විනාඩි 10කටම වගේ පස්සෙ කවුරු හරි කාමරේට ඇවිත් කෑම කෑවද? බඩගිනි නැද්ද ? මොනවා හරි බොනවද ? මොනවද ඕනෙ ? කියල මගේන් ඇහුවා. මේක මම යනකම් හැමදාම වෙච්ච දෙයක්.

මාව ගමේ අයට අඳුන්වල දුන්නෙ "රාවනා දේශයෙන් ආවා කියලා” ඒ අච්චිල සීයලා ලoකාව කිව්වට වඩා රාවණා දේශය කිව්වහම දන්නවලු. තව සමහර අච්චිලා මාත් එක්ක පැය ගනන් කියව කියවා හිටියා. ඒත් මම නේපාලි භාෂාව දන්නෙ නැති නිසා හිනා වෙවි හිටියා. (හරියට දන්නව වගේ) එක අච්චි කෙනෙක් රොෂන්ට කියල තිබ්බ මම අඩම්බර නිසා කතා කලේ නැහැ කියල. පස්සෙ රොෂන් හිනා වෙවී කියල තිබ්බ මට නේපාලි භාෂාව බැරි බව.

ඇවිල්ල පහුවෙනිදා අපිට කත්මණ්ඩු නගරයට යන්න උනා. මොකද මම මෙහෙ ආවේ රෝෂන්ගේ අයියාගේ විවාහ උත්සවයට නිසා. ඒකෙ මනාලියගේ පාර්ශවයේ උත්සවය තිබ්බේ එහේ. කත්මණ්ඩු යන්න කලින් ගෙදර පොඩි පූජාවක් තිබ්බා. ඒක මනමායා ගෙදරින් යන නිසා මනමාලයාට අශිර්වාද කරලා. ඊට පස්සෙ ඔක්කොම නැග්ගා බස් එකකට. එතකොටම කව්ද ආච්චි කෙනෙක් ඇවිල්ල මට ආශිර්වාද කරල ගෑවෙ නැතෑ හෙන ටීකා තලියක්(නලලේ ගාන ඒවා) . විශ්වාස කරන්න මගේ නලළෙන් එකයි. ඒකට මීකිරියි, පොඩි කරපු කෙසෙල් ගෙඩියි අනල ගාලා. මට ඒ කිරි ගඳ ආවහම වමනෙටත් ආව. පස්සෙ හිමින් සැරේ ගිහින් මම මුණම හෝද ගත්තා. තව ටික වෙලාවකින් තව අච්චි කෙනෙක් ඇවිල්ල හැමෝටම මොනවද හැන්දකින් කව කවා ගියා. මොනවද කියල අහන්න විදියකුත් නැහැ. කිසිම යාලුවෙක් අහල පහල හිටියෙ නැහැ. අච්චීත් කඩ්ඩ දන්න එකක්යැ. මම කොකටත් එපා කිව්වා. මෙයා මට බල කරනව කන්න කියලා. පව්නෙ...අච්චිකෙනෙක්නෙ කියල මම කෑවා. ඒ පාර සීනි වත් නැතුව මීකිරි. මේගොල්ලන් දුර ගමන් යනකොට හැමෝම කන්න ඕනෙලු.

ඔක්කොම දුර පැය 10ක් විතර. පහුවෙනිදා උදේ අපි කත්මණ්ඩු නගරයට ආවා. නගරයට එන්න ක්ලින් හිමාලයා කඳු පන්තිය දැක්කා. මේක හරිම ලස්සනයි. මේ කාලය නේපාලයේ රස්නෙම කාලය උනත් එදා උදේ නම් මට වෙවුලන්න තරම් හීතලයි. අපි ගිහින් නතර උනේ හෝටලයක. ටික වෙලාවකින් අපි ගියා පොඩ්ඩක් ඇවිදින්න කියලා නගරයට. මුලින්ම අපි ගියේ ස්වම්බුනාත් බෞද්ධ විහාරයට. (Swayambhunath)

මට මෙහේදි නම් ටිකක් ලජජා හිතුනා. මත් එක්ක ගියේ උමේශ් එය හින්දු භක්තිකයෙක්., සොයේබ් ඉස්ලාම් භක්තිකයෙක් සහ රිකී, එයත් හින්දු බැතිමතෙක්. මාම් ඉතින් බුද්ඩාගම ගැන කිය කියා තමඉ ගියේ. ටික වෙලාවකින් තමයි මම දැක්කේ. මෙ ලොක ප්‍රසිද්ධ පන්සලේ වැඩි හරියක් ඉන්නෙ පෙම්වතුන් කියල. පාසල් නිල අඳුම් වලින් ගොඩක් දෙනෙක් හිටියේ. මමත් ඉතින් වැඳලා කියලා ආව එලියට. පස්සෙ අපි නගරේත් ටිකක් ඇවිදලා අයෙත් ආවා හෝටලයට.

එදාම රෑ අපි ගිය මගුල් ගෙදරට. තව දෙයක් තමයි මනමාලිගේ ගෙදරට යනකොට කිලෝමීටරයක විතර ඉඳලා ඔක්කොම අය නට නටා තමයි යන්න ඕනේ. මේකෙදි අවිවාහක පිරිමි නටන එක අනිවාර්යයයි. ඉතින් කවුරු හරි කමති උනත් නැතත් නටන්නම වෙනවා. පපර බෑන්ඩ් එකක් ඉස්සරහින් යනවා. අපිව පිලිගත්තෙ පිච්ච මල් මාලවක් දාල . මේක අනිත් පාර්ශව්යේ අයව අඳුර ගන්න දාපු දෙයක්. මනමාලි පෙන්න හිට්යේ නැහැ. මනමාලයාගේ ගෙදරට ගන්නේ මනමාලියගේ සහොදරයන්ගේ කර පිටින්. ඒට පස්සෙ ටික වෙලාවකින් මනමාලයගේ පැත්තේ නෑදෑයන් සහ මනමාලියගේ නෑදෑයන් පැති දෙකකට බෙදෙනවා. ඒට පස්සෙ තමයි මනමාලයා මනමාලිගෙ කරේ මාලයක් දාන්නේ. මේක දානකොටම මනමාලි පස්සට පනින්න ඕනෙ.(නැත්තම් මනමාලිගෙ පාර්ශවයේ අය මනමාලිව පස්සට තල්ලු කරනවා) කොහොම හරි ඒ දිග මාලය මනමාලයා මනමාලිගේ කරේ දම්මොත් මනමාලයාගේ පාර්ශවය දිනුම්. නත්තම් මනමාලිගේ පාර්ශවය දිනුම්. මේකත් බොහොම විනොද ජනක අවස්තාවක්. මේ මගුල් ගෙදර දිනුවේ මනමාලයාගේ පාර්ශ්වය.

නේපාලේ කසාද බඳින එක ඒතරම්ම ලේසි දෙයක් නෙමේ. මගුල් ගෙදරට කලින් මනමාලයයි මනමාලී දෙන්නම දවස් 5ක් විතර නොකා නොබී ඉන්න ඕනේ. කන්න පුලුවන් කැවිලි විතරයි. මේකත් හම තිස්සෙම බැහැ. මගුල් ගෙදර දවස් 6ක් විතර තියෙනව. එක එක උත්සව.

පහුවෙනිදා අපි පස්පතිනාත් පන්සලත් බලලා අයෙත් බිර්ගන්ජ් නගරයට ආවා. මගදි නම් මට ලොකු කෑම අරුචියක් තිබ්බා. මේක දවස් 5ක් විතර යනකන් තිබ්බා. ඒ දවස් වල වඩිපුර ජීවත් උනේ පෙප්සි වලින්.


ඒට පස්සෙ දවසේ මම ගියා රිකීගෙ ගෙදර උදෙ කෑමකට. තිබ්බේ පූරි සහ තව මොනවද එලවලුවක්. ගොඩක් රසයි, ගොඩක් මහන්සි වෙල තිබ්බ. උමේෂ්ගේ ගෙදර දවල් කෑම....මේක තමයි ගොඩක්ම විනොද ජනක අවස්තාව. උමේශ්ගේ අයිය්යටයි මල්ලිටයි ඉOග්‍රීසි භෂාව කතා කරන්න පුලුවන්. ඒක නිසා මෙයාල මගෙන් උමේෂ් ගැන ගොඩක් දෙවල් ඇහුවා. මේක ගෙදරට කියල තියෙන්නේ බැච් එකේ හොඳම එකා මේකා කියල. මම ඉතින් ඒවගේම කියල වගේ තමයි කතා කලේ. මට ගෙදරට ගිය ගමන්ම ගෙදර එල්ලල තිබ්බ පදක්කම් වගයක් පෙන්නල කිව්ව, නදීශ.. මම දැන් වැඩිය ඉගෙන ගන්නෙ නැති උනාට ඉස්සර මම ගොඩක් දක්ෂයි. මේ ඔක්කොම මගේ ඒවා කියලා. ඒවා පන්තියෙ පළවෙනියා වෙච්ච පදක්කම් ටිකක්. (10ක් විතර )
ටිකකින් මෙයාගේ අම්ම කියනවා අර ඔක්කොම පදක්කම් එයාගෙ අයියගේයි මල්ලිගෙයි කියල. මේකගේ මූන රතු උනා. :) :) :)

ටික දවසකට පස්සෙ මනමාලයගේ පාර්ශවයේ උත්සවයට පස්සෙ මම අයෙත් ගෙදර එන්න ලැස්ති උනා. මේ වෙලාවෙ ගෙදර හැමෝම මට එක එක තෑගි දුන්නා ඒ ඒ අයට ගැලපෙන විදියට. (රොෂන්ගේ ගෙදර අය )

මුලින්ම රෝෂන්ගේ අම්මා මට කලිසම් රෙද්දකුයි කමීස රෙද්දකුයි, ගණ දෙවි රූපයක් එක්ක කාසියකුයි තව නේපාල සල්ලි ටිකකුයි දුන්නා, ලොකු අක්කා (මීනා) මට දුන්නෙ බිත්තියේ එල්ලන රූපයක්. රොෂන්ගේ තත්තා මට දුන්නේ පොඩි ලාම්පුවක්, එයාගේ පොඩි නOගි දුන්නෙ පෑනක්. පොඩි අක්කා දුන්න ගණ දෙවි පිලිමයක් එක්ක බිත්තියේ එල්ලන රූපයක්. මුන්නා අයියා (පොඩි අයියා) දුන්නේ පෑනක්. ලොකු අයියා දුන්නේ ලී වලින් හදපු නේපාලේ සිතියමක්. අලුත් මනමාලි මට දුන්නේ බිත්ති ඔරලොසුවක්. පස්සෙ මම බෑග් එක අරිද්දි දැක්කේ මගේ බෑග් එක පිරෙන්න අඹයි රසකැවිලී පුරවලයි කියලා. මට ඉතින් කර ගන්න දෙයක් තිබ්බේ නැහැ. මොකද.. මට ඒගොල්ලන්ට කියන්න පුලුවන් කමක් තිබ්බේ නැහැ මට ගුවන් තොටුපලින් ගෙනියන්න අවසර තියෙන්නේ කිලෝ 20ක් විතරයි කියලා. මම ඔකොටම කතා කරලා එලියට බහිද්දි දැක්කේ එයාගේ අම්මලයි අක්කලයි මම යනව කියල අඬනවා කියලා. මට මගින් මගටම කීප පාරක් කිව්ව ඒගොල්ලන් අමතක කරන්න එපා, ඊලඟ මගුල් ගෙදරටත් එන්න ඕනෙ කියල.

අමතක නොවෙන ගමනක්. මට ඒ අයගේ ආගන්තුක සත්කාර නම් කවදාවත් අමතක වෙන එකක් නම් නැහැ

Tuesday, June 22, 2010

To Nepal by train......

Part 2.......................

ටික වෙලාවකින් අපි "විසාකාපට්නම්" වලට ලඟා උනා. පහුවෙනිදා දවල් 1.00 ට විතර අපි හවුරා (Hawrah / Calcutta) වලට ආවා. අපි දවස් දෙකක් එක දිගට කොච්චියේ.
“හවුරා” කියන්නෙ ඉන්දියාවෙ තියෙන ලොකුම station එකක්. දැ නට මේකෙ ඔක්කොම වේදිකා 23ක් තියෙනවා. අපි ආවෙ 12 වෙනි වේදිකාවට. එතන ඉඳල 22වෙනි වේදිකාවට යන්න අපිට විනාඩි 40ක් විතර ගියා. මේ station එකේ තරම හිතාගන්න පුලුවන් නේද ?

මේ station එක ලොකු වගේම ගොඩක් දියුනුයි. බැoකු, හොඳ කඩ සාප්පු, රථ වාහන සේවා, වගේ හැම සේවාවක්ම තිබුනා. අපේ ඊලඟ train එකට වෙලාව තිබුනු නිසා අපි කල්කටා නගරයේ ඇවිදින්න හිතුවා. අපි ගියා "කාලි මාතා" කෝවිලට. නගරයේ හොඳ ටැක්සි සේවාවක් තිබ්බා. අපි දවල්ට කෑවෙ බෙoගාලි කෑම. මට මේ බෙoගාලයේදි අපේ අම්මාව මතක් උනා. අපේ අම්මා බෙන්ගාලි නව කතා කියවන්න ගොඩක් කැමතී.

අපේ ඊලඟ ට්රේන් එකත් බොහොම නම ගිය එකක්, මේක නම් නම් ගිහින් තියෙන්නෙ මේකෙ ඉන්න මoකොල්ල කාරයො නිසා. මේ ට්රේඑන් එක යන්නෙ බිහාරයට. බිහාරය කියන්නෙ ඉන්දියාවෙ තියෙන දරුණුම මoකොල්ලකාරයො ඉන්න ප්රතදේශය. මේ ට්රේනන් එකේදි උමේෂ්ගේ අයියාගෙ බෑග් එකක් උසගෙන ගිහින් තිනුන මීට අවුරුද්දකට කලින්. ඒ වගෙම තමයි රිකීගෙ තාත්තගේ බෑග් එකකුත් නැති වෙලා තිබුනා. ඒ අoකල් උසස් නිලයක් දරන පොලිස් නිලධාරියෙක්.
මම මේ ට්රේන් එකට නගින්න කලින්ම මට උමෙෂ් උපදෙස් මාලවක් ම දීල තිබුනෙ. එයා ලොකු දම්වැලක් අරගෙන බෑග් ඔක්කොම ටික එකතු කරල ඒක සීට් එකට තියල ලොක් කලා. ඒ තරම්ම තත්වය දරුණුයි කියල මම දැන ගත්තෙ, ටික වෙලාවකින් පොලීසියෙන් අවිත් මිනිසු ට්රේදන් එකෙන් අල්ලන් යද්දි.

අපි යද්දි ට්රේකන් එකෙ හිටිය කාන්තාවක් හයියෙන් කෑගමින් කාටදෝ බනිනව ඇහුනා. අපි බලද්දි එය එයගෙම සැමියට බැනල තිබෙබෙ.පස්සෙ මේ මනුස්සයා එයගේ භර්යාව ගොඩක් හයියෙන් වෙන තැනකට තල්ලු කලා.මෙයා අඬන්න ගත්ත. ඉතින් භාර්යාවට ගහද්දි අනිත් මිනිස්සු ඇහුවා රන්ඩුවට හේතුව. මනුස්සයගේ උත්තරේ උනේ තමන්ගෙ භර්යාවට යකෙක් වැහිල කියල. ටික වෙලාවකින් සද්දෙ තව ටිකක් වැඩි උනා.
අර මනුස්සය කාන්තාවගේ අතේ තිබ්බ වීදුරු වලලු ටික ඔක්කොම බිඳල දැම්මා. මේ වෙලවේ ඒ කාන්තාව විලාප තබමින් ඇඬුව. ඒ වෙලාවෙ ට්රේකන් එකේ හිටපු අනිත් ගැනු අයත් භය උනා වගෙ දෙයක් උනා කියල මම දැක්කා. පස්සෙ උමේෂ් මට කිව්වෙ අතේ වීදුරු වලලු බිඳින එකේ තේරුම ඒ වෙලාවෙ ඉඳන් ඒ දෙන්නගෙ විවාහයේ අවසනය කියල. මට මේක හිතාගන්නත් බැරි දෙයක් උනා.


ඒත් එක්කම මට අම්තක වෙන්නෙ නැති තව සිද්දියක් තමයි කොච්චියට නැග්ගල සල්ලි එකතු කල අම්මඉ දුවයි. මේ ගොල්ලන් සල්ලි එකතු කරන්න හේතුව තමයි දුවගෙ දෑවැද්දට සල්ලි එකතු කර ගැනීම. ඉන්දියාවෙ කෙල්ලෙකුට දෑවැද්ද කොච්චර බලපානවද කියල මට හරියටම තේරුනේ එදා තමයි.


මට කියන්න බැරි උනා. මේ කොච්චියේ නම "මිතිලා" (Mithila Express). බිහාරයේඑදිත් අපි කුඹුරු, ඉඳි වතු, ඉලුක් ගෙවල්, මැටි ගෙවල් අතරින් ආව. ළමා මෙහෙකාර සේවය කොච්චර දරුණු විදියට ඉන්දියාවෙ තියෙනවද කියල මේ ට්රේචන් එකේ යන අයට දැක ගන්න පුලුවන් වෙයි. වයස අවුරුදු 5ක් විතර තරම් පොඩි දරුවො වැලි තාච්චි ඔලුව උඩ තියන් යන හැටි.... කොච්චියේ බඩු විකුණන හැටි ගොඩාක් සුලබ දසුන්...


අන්තිමට අපි දවස් හතරකට පස්සෙ ගමනාන්තය කරා පැමිණියා.මේ රක්ශෝල් (Raxaul) ඉන්දියාවේ හා නේපාලයේ දෙශ සීමාව.

නේපාලෙට කෝච්චියෙන්





(Part 1)..........................

මම ඉන්දියාවට ඇවිත් අවුරුද් කීපයක් උනත් මට යන්න පුලුවන් උනේ ඉන්දියාවෙ නගර කීපයකට විතරයි. චෙන්නායි, මනිපාල්, ගෝවා, මූඩ්බිද්රිව, බැoගලෝර්, උඩුපි විතරයි මම ගිහින් තිබුනෙ. කොහොමත් ඉන්දියාව, ලoකාව වගෙ හැට ගුණයක් විතර ලොකු රටක්නෙ. ඒක නිස බලන්න යන්න පුලුවන් තැන් නම් බොහොමයි.

ඔන්න දවසක් මමයි, මගේ යලුවො දෙන්නෙකුයි මයිසූර් යන්න කියල පොඩි ප්ලෑනක් ගැහුව. කොච්චියෙ රුපියල් 100.00 විතර තමයි යන්නෙ එක්කෙනෙකුට. පොඩි බජට් ටුවර් එකක්. නවතින්න තැනක්, බලන තැන් ඔකොම ප්ලෑන් කරල තමයි තිබ්බෙ. ඒත් අන්තිම මොහොතෙ ඔක්කොගෙම යන්න මූඩ් එකක් නැති උනා. මම හිතන්නෙ ප්රැ ක්ටිකල් exam නිසා වෙන්න ඇති.

ඔන්න ඔය අතරෙ උමේෂ්, (මගේ හොඳම යාලුවෙක්), එයගෙ ගෙදර යන්න එන්න කියල කතා කලා. එයා නේපාල ජාතිකයෙක්. මම යනවද නැද්ද කියල හිත හිත හිටියෙ. ඔන්න ඔය අතරෙ මගේ තව නේපාල් යාලුවෙක් එයාගෙ අයියගේ වෙඩින් එකට එන්න කියල විෂෙශ ආරධනයක් කලා.මෙයා රෝෂන් ගුප්තා. රෝෂන් කලින් නිවාඩුවට අපේ ගෙදර ආවා (ලoකාවට )ඒක නිසා මට කිසිම ගැලවුමක් තිබ්බෙ නැහැ. මට ඕනෙ වෙලා තිබ්බෙ විභාගෙ ඉවර වෙච්ච ගමන් ගෙදර එන්න.

ටික දවසකින් රොෂන් මට කියනවා එයා නේපාල් යන්න ටිකට් පවා බුක් කලා කියල. කොහොමත් ඉන්දියාවෙ දුර ගමන් යන ට්රේ්න් අඩු ගානෙ මාස දෙකකට කලින් වත් බුක් කරන්න ඕනෙ.

කොහොමින් කොහොම හරි මගේ විභාගෙත් ඉවර උනා. ඒක මගේ මුලු ඩිග්රිනයේම අමාරුම විභාගය. අතිරේක විශයන් ඉල්ලල තිබ්බ නිසා තවත් වැඩ වැඩි උනා.විභාගේ අන්තිම දවස 04/06/2010. ප්රභශ්න පත්තරේ ඉවර උනේ දවල් 12.00ට. ට්රේාන් එක මැන්ගලොර් station එකෙන් දවල් 12.30ට. ලොකු ට්රේැන් වල සීට් එක හොයන්න විතරක් පැයක් විතර යනවා. ඒක නිස විභගේ ඉවර වෙච්ච ගමන් ඉක්මනට station එකට ගියා.

මේ ට්රේවන් එක මැන්ගලොර් ඉඳලා චෙන්නායි වලට යන ට්රේරන් එක. මේකෙ නම (Mangalore Mail express). අපි ඔක්කොම හතර දෙනයි. සොයේබ්. (මුස්ලිම්, නේපාල් ජාතිකයෙක්), උමේෂ් (මගෙ හොඳම යාලුවෙක්, නෙපාල් ජාතිකයෙක්.) අක්ෂත් (බිහාර්, ඉන්දියානුවෙක්) හා මම. මේ ට්රේeන් එක මට හොඳට පුරුදුයි. මම නිවාඩුවට ගෙදර යන්න චෙන්නායි යන්නෙ මේ ට්රේයන් එකේ. පහුවෙනිදා පාන්දර 6.30ට විතර අපි චෙන්නායි වලට ආවා. පැය 17.5ක ගමනක්. අපි මේ ට්රේදන් එකේ ඉන්දියාවේ ප්රාටන්ත 3කට ආවා. (කර්ණාටක,කේරලා, හා තමිල්ණාඩු ) . මම මගේ ජීවිතේට කාපු රසම ඉඩ්ලි කෑවේ චෙන්නායි station එකේදි.

අපේ ඊලඟ ට්රේ න් එක චෙන්නායි සිට හවුරා (Hawrah) දක්වා. හවුරා කියන්නෙ කල්කටා නගරය. මේ train එකේ නම (Koramandal Express) . අපි ගමන පටන් ගත්තෙ උදේ 9.00 ට. තමිල්නාඩු කියන්නෙ ඉන්දියාවේ තියෙන පොහොසත් ප්රmන්තයක්. මේකෙ බොහොම ප්රනසිද්ඩ විශ්ව විද්යාල තියෙනවා. බොහෝ පොහොසත් මිනිස්සු ඉන්නවා. මම ඉන්දියාවෙදි වැඩියෙන්ම ගුවන් පාලම් දැක්කෙ තමිල්නාඩුවෙදි. ඒ අතරෙම අන්ත දුගී දුප්පත් මිනිස්සුත් ඉන්නවා.

ඊට පස්සෙ ට්රේ්න් එක "ආන්ද්රා" ප්රාන්තයට ආවා උදේ 11.00ට විතර (05/06/2010). මම අහල තියෙන විදියට මේක තමයි ඉන්දියාවේ තියෙන පොහොසත්ම ප්රාන්තය. මේකට හේතුව තමයි තිරුපති කෝවිල.

අපේ train එකේ අපි ලඟ හිටියා තාත්තා කෙනෙකුයි, පුතාලා දෙන්නෙකුයි. ඊට එහායින් හිටියා ටිකක් අමුතු ජාතියේ මනුස්සයෙක්. මෙයා ටිකක් වයසයි. කොන්ඩෙ පාට හතරක්. (රතු, කලු, සුදු, තැඹිලි ). මේ තාත්තලා පුතාලා දවල්ට කන්න පටන් ගත්තා. ඒගොල්ලන් චපාතී, බොන්චී තමයි කෑවෙ. ඔය අතරේ අර මනුස්සයා මොනවද කුඩු ජාතියක් කන්න පටන් ගත්තා. මම ඒ මොනවද කියල නම් හරියට දන්නෙ නැහැ. ඒත් ඉන්දියාවෙ ගොඩක් මිනිස්සු මේවට පුරුදු වෙලා ඉන්නව. මේ මනුස්සය කුඩු ටිකක් කාල ඉතුරු ටික ජනේලෙන් එලියට වීසි කලා. ඔක්කොම කුඩු ටික අර කෑම කකා හිටපු මිනිස්සුන්ගේ ඇඟේ. අර තාත්තාට නම් හොඳටම මල පැනල අර මනිස්සයට තිත්ත කුනුහර්පෙන් බැන්නා.


අපි ට්රේන් එකි යද්දි එක එක කෑම ජාති කෑව. හැම තිස්සෙම දුම් රිය ආපාන සේවය එක එක කෑම විකුණනවා. වතුර බෝතල්, බීම බෝතල, අල බොන්ඩා, පොල්, තැඹ්ලි, පළතුරු, චාට් වර්ග, සුප්, තේ, කෝපි, බිරියානි, චපාති, චාප් වර්ග, රටකජු, කජු, වගේ දේවල්.
ඉන්දියාවෙ කොච්චියක යන ඕනෙම කෙනෙක්ට "චායි චායි....... කෆේ කෆේ......." කිය කිය යන තේ, කොපි වෙලෙන්දො නම් කවදාවත් අමතක වෙන එකක් නැහැ

චක්කා......(SIXER)


ඉන්දියාවෙ ට්රේන් ගැන කියද්දි "චක්කා වරුන්" ගැන නොකියම බැහැ. "චක්කා" නමින් හඳුන්වන්නේ ගැහැණු, පිරිමි කියන කොටස් දෙකටම අයත් නොවන අය. ඔවුන්ගේ අඟ පසඟ කන්තාවන්ගේ වගේ උනාට සමහර ලක්ෂණ පිරිමින් හ සමානයි. මුහුනේ රැවුල තියෙනවා. නමුත් සාරියක් හෝ සල්වාර් ඇඳුමක් ඇඳගෙන තමයි ඔවුන් ඉන්නේ. කොච්චිය ඔවුන්ගේ ප්රරධාන ආදායම් මාර්ගය. මේ අය කොච්චියට එන්නෙ කණ්ඩායම් විදියට. එක කණ්ඩායමක 6 - 7ක් විතර දෙනෙක් ඉන්නවා.
මේ ගොල්ලන් කොච්චියේ ඉන්න පිරිමි ලඟට ගිහින් සල්ලි ඉල්ලනවා. කාන්තාවන්ට නම් කිසිම හිරිහැරයක් නැහැ. අඩුම ගානේ එක පුද්ගලයෙක් රුපියල් 10.00ක් වත් දෙන්න ඕනෙ. නැත්තම් ඉතින් මේගොල්ලන්ගේ අශීලාචාර වාග් ප්රහාර වලට ලක්වෙන්න සිද්ද වෙනව. එහෙම නත්තම් ඔවුන්ගේ අතවර වලට ලක් වෙන්න වෙනවා. මේගොල්ලන් කෙලින්ම ඇවිත් උකුල උඩ වාඩි වෙනව. සල්ලි දුන්නොත් තමයි නැගිටල යන්නෙ. ඒත් දුන්නෙ නැත්තම් වෙන දෙවල් මෙතන ලියන්න ටිකක් අමාරුයි.

ඔන්න ඉතින් මම ගිය කොච්චියටත් මේ චක්කල ටිකක් නැග්ග. ඔක්කොම make up කරල, ලසනට සාරි ඇඳන් තමයි හිටියේ. මට මේක සම්පූර්ණයෙන්ම අලුත් දෙයක්. ඔන්න ආවා මගේ ලඟටත් අඩි 6ක් විතර උස අක්කා කෙනෙක්.

අවිත් මූන ලඟටම කරල ගැහුව අප්පුඩියක්. මේක තමයි ඒගොල්ලන්ගේ signal එක. මූන ලඟටම කරල අප්පුඩියක් ගහද්දි කව්ද බය නොවෙන්නෙ. කොහොමත් මම ඔය වෙලාවෙ බාගෙට නිදාගෙන හිටියෙ. ඒත් එක්කම අර අක්කා මගේ එහා පැත්තෙ ඉඳ ගෙන හිටිය උමේෂ් බිබි හිටිය පෙප්සි බෝතලේ උදුර ගත්තා. ඒට පස්සෙ Haree.. Jaaan..... Paise dedo.... කියල හින්දියෙන් කිව්වා. මම අන්ද මන්ද වෙලා බලන් හිටියා. එතකොටම උමේෂ් රුපියල් 10.00ක් දීල ඉක්මනටම යවා ගත්තා. එතකොට තමයි දැක්කෙ අහල පහල හිටිය ඔක්කොම මිනිස්සු මට හිනා වෙනවා.

Friday, January 08, 2010

කෝකි අoකල්

මම නැවතිලා ඉන්නෙ පෞද්ගලික නේවාසිකාගාරයක. මේකෙ ඔක්කොම නේවාසිකයන් 50ක් විතර ඉන්නවා. කාමර වර්ග දෙකක් තියෙනවා. එක ජාතියක කාමරයක ඉන්න ඕනෙ 5දෙනෙක්. අනිත් වර්ගයේ ඒවගෙ ඉන්න ඕනෙ දෙන්නයි. මම ඉන්නෙ මේ දෙවැනියට කිව්ව ජාතියේ කාමරයක. මගෙ කාමර සගයා ලoකාවෙ කොල්ලෙක්.

නම අකලoක. ඉන්නෙ ගම්පහ. මිනිහ ගැන මම ටිකක් කලින් blog post එකකදි කියල ඇති.
මේ hostel එකේ කෑම උයන්න ඉන්නව හෙන සයිස් uncle කෙනෙක්. නම නම් මතක නැහැ. මිනිහගේ කෑම ගැන කියනවනම්.....
මිනිහ හැමදාම හවසට වෙන කඩේකට ගිහින් කාල එන්නෙ. මෙයාගෙ ජoගම දුරකතනයේ ring tone එක තමයි, " චල චයිය චයිය චයියා චයියා" කියල ප්‍රසිද්ඩ හින්දි සින්දුවක්. එයාට උදව්ව්ට ඉන්නව තව uncle කෙනෙක්. අපි මෙයාට කියන්නෙ පොඩි මාම කියල (Code name)
මේ අය ගැන හොඳ කතා නම් තියෙනවා. ඒත් ඒවා මේ බ්ලොග් එකේ දාන්න පුලුවන්ද කියන එක ගැන තමයි සැක. අපේ මේ අනිත් uncle ට අපි කිව්වෙ "කෝකියා" කියල. (මේ code නම අපිට ගොඩක් ප්‍රයොජනවත් වෙනවා. අපි සිoහලෙන් කතා කරද්දි, විශේෂයෙන්ම වෙන අය ඉන්න තැන් වලදි (ඉන්දියානුවන්) මේක ගොඩක් ප්‍රයොජනවත්. අපේ කැම්පස් එකේ කාර්යාල සහායක කෙනෙක් ඉන්නවා "සන්තුශ්". මෙයාට අපි කියල. මෙයට අපි කියන්නෙ "භාතියගෙ යාලුවා" කියල, Chairman ට කියන්නෙ "පුටුවෙ එකා" කියලා, තව "ජෝශප්" කියලා ඕමානයේ මස්කට් කියන නගරයේ ළමයෙක්ට කියන්නෙ "දොදොලා" කියල. මේ code names දාල තියෙන්නෙ එයා ඉන්න තැනකදි උනත් එ ගැන, එයාට නොතේරෙන විදියට කතා කරන්න.

දවසක් මම උදේට කන්න කෑම කාමරේට ගියාම උණු උණු පූරි තිබ්බ. අපි කන්න ආසම කැම තමයි මේක. ඉතින් මම ඉක්මනට මගෙ කාමර සගයාට "කෙටි පණිවිඩයක් යැව්වා පූරි නිවෙන්න කලින් කන්න එන්න කියලා. මෙන්න නිදාගෙන හිටිය එකා විනාඩි 2ක් යන්න කලින් කෑම කාමරේ. මිනිහත් මම වගේ පූරි පෙරේතයෙක්.
අපිට පොඩි පූරි 4ක් දෙනව කන්න. ඔන්න මිනිහගෙ පූරි පිඟාන ගේන අතරෙ මිනිහ සද්දෙන් කියනව.. “කෝකියෝ, මට ලොකු පූරියක් දීපන්" කියල. (සිoහලෙන් - ජෝක් එකට) වෙනද අපි සිoහලෙන් කතා කරද්දි හිනාවෙන මිනිහා අද ටිකක් දරුණු විදියට බැල්මක් දාල රවල බැලුව. අපිට මේක ෆුල් කචල්. මොකද අපි පුරුදු වෙල හිටියෙ අපේ නේවාසිකාගාරයේ කාටවත් තේරෙන්නෙ නැති හින්ද අපි ඕනෙම දෙයක් කතා කරන්න. මොකද කාටත් සිoහල වචනයක්වත් බහැනෙ.

මෙන්න මේ හේතුව නිසා අපි දෙන්න තීරණය කලා මේ සිද්ඩිය "ව්කේෂ්" කියල අපේ හොඳ යාලුවෙකුට කියල බලන්න. අපි මිනිහට මේක කිව්වට පස්සෙ මිනිහ ඇස් දෙක ලොකු කරගෙන අපෙන් අහනව, කව්ද මේක අපිට කියල දුන්නෙ කියල (මේ කෝකියා කියන නම) . අපිට මේක ප්‍රෙහේලිකාවක්. අපි මිනිහට ඇත්තම කිව්ව. මේ නම අපි පාවිච්චි කරන්නෙ කෑම උයන කෙනෙක්ව හඳුන්වන්න කියල. මේක අහපු විකේෂ් බඩ අල්ලගෙන හිනාවෙන්න පටන් ගත්තා. අපිට තවත් පුදුමයි.

අපි විකේෂ්ගෙන් තමයි දැනගත්තෙ"කෝකි" කියන වචනයෙ කන්ණඩා" භෂාවෙන් තේරුම "පුරුෂ ලිoගය" කියන එක බව.

Thursday, January 07, 2010

යාලුවෝ....






මීට අමතරව මම ඉස්සෙල්ල කිව්ව වගේ, ඉන්දියාවෙ හැම පත්තකින්ම වගේ ආපු ළමයි ඉන්නවා. මගේ හොඳම Fit එක තමයි උමේශ්. උමේශ් කුමාර් පටේල්. එයා නෙපාල ජාතිකයෙක්.මෙයා තමයි මගේ (Official translator - Hindi to English, English to Hindi) විදියට කටයුතු කරන්නෙ. උමේශ්ට හින්දි, බෙන්ගාලි, බජ්පූරි, ගුජරාටි වගේ භෂා 10 - 12ක් කතා කරන්න පුලුවන්. මව් භෂාව නේපාලි.ගොඩාක් හොඳ යාලුවෙක්. මෙයාට උතුරු ඉන්දියානුවන් පෙන්නන්න බැහැ. මයලාලි, දෙමළ, කර්නාටක වගේ දකුණු ඉන්දියානු ළමයි එක්ක තම යි මෙයා ගොඩාක් හිතවත්. ලoකාවෙ ළමයි එක්ක නම් ගොඩාක් හිතවත්. මෙයාට අපේ ලoකාවෙ ගෑණු ලමයෙක් ගැන පොඩි crush එකක් වගේ තිබ්බ. මේක නිසා එයාට තැපෑලෙන් සියඹලා, අඹ වගේ දෙවල් තාමත් යවනව. ඒත් අහිoසකයා පොඩ්ඩක් පරක්කු වැඩී. මෙයා නිතරම කියන්නෙ.... “Nadee..., She (Dh_ _s_i) can be the queen of my mango state. I know she loves Mangoes. Still she has time.. :P :P” මෙයා මට කියන්නෙ භායි ජාන් (loving brother) කියල.



_______________
අනිත් එක්කෙනා තමියි, අශීෂ් ථාකූර්. මෙයා එයාගෙ පෙලපත ගැන කියන්න හරිම කැමති. මෙයා එන්නෙ රජ පෙලපතකින්ලු. අපෙ ලoකාවෙ ගැණු ළමයි කීප දෙනෙක් මෙයාට try කලත් වැඩේ නම් පොඩ්ඩක් අසාර්ථක උනා. මෙයාට කියන්නෙ අයිෂු කියලා



________________
ඊලඟට රන්දීප් සිo. මෙයා පන්ජාබි ජාතිකයෙක්, හරි පණ්ඩිතයෙක්. උමේශ්ගේ මෙයාගේ පොඩි කෝන්තරයක් තියෙනවා. උන් දෙන්න වලි දා ගන්න ගියාම ගොඩක් වෙලාවට විසදන්නෙ මම. මෙයාට accounts නම් හොඳට පුලුවන්. මෙයා ගිරවා දන්න ගොඩක් ප්රශසිද්ඩයි. Nick name එක “ජට්ටේ”



________________
අනිත් එක්කෙනා නම් බොහොම කලාතුරකින් දකින්න ලැබෙන කෙනෙක්. මෙයාගෙ නම සෙරීන්. සෙරීන් වන්ගියාර් (Xerin Wangiyar). මෙයා ටිබෙට් ජාතිකයෙක්. සෙරීන් කොච්චර කථිකාචර්යවරු බැන්නත් පන්තියට එන්නෙ ඔලුවට band එකක් දාගෙන. අපෙ ප්‍රන්ෂ භෂා කථිකාචර්යාට මොහු දකිනකොට ප්‍රන්සය මතක් වෙනවාලු.

මගේ Faculty එක



මේ පාර මම හිතුවා මගේ Faculty එක ගැන ටිකක් ලියන්න.

මේක තියෙන්නෙ මැoගලොර් නගරයට ටිකක් ඈතින්. පොඩි කඳු මුදුනක. ඔක්කොම ළමයි ඉන්නව 200ක් විතර මගේ හිතේ.


(My campus)

ඔක්කොටම ඉන්නෙ ගෑණු ළමයි 2ක් විතරයි (‍යාමිනී - හසන් දිස්ත්රි2ක්කය, කර්නාටක ප්රා.න්තය සහ රශ්මී (කේරල ප්රාවන්තය. මේ රශ්මී නම් මාත් එක්ක කතා කරල තියෙන්නෙ 2 - 3 පාරක් විතරයි.මෙයා හැමදේකටම ලැජ්ජාවෙන් හිනාවෙන ළමයෙක්. එයත් එක්ක කතා කිරීමට තියෙන මූලික සුදුසුකම තමයි මලයාලම් භාෂාව දැනගෙන සිටීම. කොටින්ම කිව්වොත් සෙමෙස්තර් අවසාන විභගේ ප්රාකයොගික පරීක්ෂණය දවසෙත් මෙයා කිසිම ප්රනශ්ණකට උත්තර නොදී හිනා වෙවී ඉඳල. මෙයත් අර සාම්ප්‍රදායික විදියටම කොන්ඩෙ ගොතා ගෙන, කකුලෙ වලලුකර දක්වා දිග සායක් එක්ක බෝරිච්චි අත් දාපු හැට්ටයක් අන්දින, දුග ලොකු කරාබු දාන, වලලු දගෙන ඉන්න ගෑනු ළමයෙක්. , සමහර වෙලාවට හේතුවක් නැතුවත් ලැජ්ජාවෙන් හිනා වෙනව.
අනිත් එක්කෙනා ඊට ගොඩාක් වෙනස්. නම යාමිනී. මෙයාගෙ විනොදාන්ශෙ තමයි අර අනිත් ගෑණු ළමයව (රශ්මි) Bite කිරීම. ගොඩක් forward ළමයෙක්.



අනිත් එක්කෙනා ඊට ගොඩාක් වෙනස්. නම යාමිනී. මෙයාගෙ විනොදාන්ශෙ තමයි අර අනිත් ගෑණු ළමයව (රශ්මි) Bite කිරීම. ගොඩක් forward ළමයෙක්.

අමතක නොවන දවසක්





අද මම කියන්නම් මගේ ජීවිතයේ අමතක නොවන දවසක් ගැන....

මේක මම මුලින්ම ඉන්දියාවට ආපු දවස ගැන. මීට අවුරුදු දෙකකට කලින් තමයි මේ සිද්ඩිය උනේ. මම මගෙ විශ්ව විද්යාආලයට ආවෙ නියෝජිතයෙක් හරහා. මම මීට කලින් ඉන්දියාවට ගිහින් තිබුනෙත් නැහැ. ඔන්න ඉතින් ඒ දවසෙ මම සහ තව ළමයි කීප දෙනෙක් එක්ක මම කටුනායක ගුවන් තොටුපලින් චෙන්නායි නගරයට ගියා. ශ්‍රී ලාන්කිකයෙකු වීම ගැන මට මුලින්ම ආඩම්බර වුනේ එදා කියල කියන්න පුලුවන්. මොකද, "1st impression is the lasting impression" කියන දේ මම ඇත්ත කියල මට හිතුනා..

මුලින්ම ගුවන් තොටුපොල ඇතුලට ගියාම එක තැනක මිනිහෙක් බදාම අන අන හිටියෙ.මම පුදුම උනා. මේක අන්තර්ජාතික ගුවන් තූටුපොලක් නේද කියල. පස්සෙ මම ආගමන - විගමන කවුලුවට ගියාම එතන පරණ වෙච්ච සාරියක් ඇඳගත්ත වයසක කාන්තාවක් කොළපතකින් පොළව අතු ගගා හිටිය. එදා තමයි මට හිතුනෙ මම යන්නෙ මොනවගේ රටකටද කියල.

ඔන්න ඉතින් කලබල ජරමර අතරේ මම ගුවන් තොටුපොලින් එලියට ආව මගෙ නියෝජිතයා එක්ක. අපිත් එක්ක ඔක්කොම ළමයි 100ක් විතර අවිත් හිටියා. මට පස්සෙ තමයි දැන ගන්න ලැබුනේ එයාල ඔක්කොම යන්නෙ බැoගලොර් විශ්ව විද්යා්ලයට කියල.
ඒත් මගෙ හිතේ පුන්චි බලා පොරොත්තුවක් තිබ්බ මැoගලොර් යන කෙනෙක් මේ අතරෙ ඉඳීවි කියල.
අපේ නියෝජිතයා කිව්ව විදියට මමත් ගිහිල්ලා එතන නවත්තල තිබ්බ බස් එකට නැග්ගා. නැගල එතන හිටිය යාලුවෙක් එක්ක පොඩි චැටක් දාගෙන හිටිය. එතකොටම අර uncle අවිත් කියපි.... "ඔයා මොකද මේ බස් එකෙ කරන්නෙ. ඔයා මේකෙන් බහින්න. මේකෙ යන්නෙ බැoගලොර් යන ළමයි විතරයි" කියල. මමත් ඉතින් බස් එකෙන් බැහැගත්තා. ඊට පස්සෙ මේ uncle කියනව, “මැoගලොර් යන්නෙ ඔයා විතරයි. ඔයා යන්නෙ ට්රේ,න් එකෙන්. මේ මනුස්සය ඔයවව එහෙට එක්ක යයි” කියල මාව එතන හිටිය මනුස්සයෙක්ට බාර දුන්න. එයාගෙ නම "බාසා". මිනිහා චෙන්නයි උනාට සිoහල, දෙමළ කතා කරන්න පුලුවන්. ඔන්න ඉතින් මගේ යලුවො ටික අර බස් එකේ යන අතරේ මමත් බාසාත් එක්ක ගියා ත්රී විලර් එකක නැගල ස්ටේශන් එකට. මේ යන අතරේ මිනිහා මට ට්රෙේන් ටිකට් එක දීල මාව වෙන ත්රී්විලර් එකකට නග්ග්ගවල කිව්ව, "He will drop you to there" කියල. මමත් ඉතින් "Ok" කියල ආව.
මේ මනුස්සයා මාව චෙන්නයි දුම්රිය පොළින් මාව බස්සවල මට දෙමළින් මොනවදො කිව්ව.මට ඒක හරියටම තෙරුනේ නැතැත්, මෙතන ඉඳල මට තනියෙම යන්න වෙන බව මට තේරුනා. මේ වෙද්දි වෙලාව දවල් 12.00 ට විතර ඇති. මට දෙයියන් බුදුන් සිහි උනේ චෙන්නායි දුම්රිය පොළ ඇතුලට ගියාට පස්සෙ. සෙනග 100ක් විතර මාව වට කරගත්තා. "ස’ර්.. තමිල් තෙරියමා ? konsa language? Sri Lanka ? ඒ මිනිසුන් මගේ බැග් එක අරගෙන ගිහින් දෙන්න පොර කෑව. අලි මදිවට හරක්!!! බොහොම අමාරුවෙන් ඒ වදෙනුත් බේරිලා මම "station" එක ඇතුලට ආව.
ඒක ගොඩාක් කලබල තැනක්. මම මගේ ලොකු බැග් දෙකත් තල්ලු කරගෙන එතන හිටිය පොලිස් කාරයෙක් ගෙන් කොච්චිය ගැන විස්තර ඇහුවා. බොහොම අමාරුවෙන් හස්ත භාශාවෙන් කොච්චිය තියෙන තැනයි, ඒක චෙන්නයි වලින් පිටත් වෙන්නෙ රෑ 8.10 කියලයි අහගත්තා.ඉතින් දවල් 12.00 ඉඳල රෑ 8.00 වෙනකන් මම දුම්රිය පොළේ එහේ මෙහේ ඇවිද ඇවිද හිටියා.
ඉන්දියාවෙ කොච්චර දුප්පත් මිනිස්සු ඉන්නවද කියල බලන්න කාට හරි "station" එකට ගියාම හොඳටම ඇති. මේ ඔක්කොම අතරේ ඉන්දියාවට බොහොම ලස්සන ස්Oස්කෘතියක් තියෙනවා කියල මට හිතුන. කොහොමින් කොහොමහරි රෑ 8.00ට විතර ආපු ට්රේන් එකට මම නැග්ගා. (Flat form number 17) ට්රේන් එකේ නම west cost express.
මම කලින් නිතරම වගෙ ට්රේන් එකේ ගිහිල්ල තිබ්බත් මේක මට අලුත්ම අත්දැකීමක් උනා. ඔක්කොම දෙවල් වෙනස්. මගේ ලඟම හිටියෙ වයස 40ක් විතර වෙච්ච uncle කෙනෙක්. මෙයා දවස් 3ක් තිස්සෙ ට්රේන් එකේ එනවලු. (බිහාර් ඉඳල) එයත් මැoගලොර් යනව කිව්ව නිසා ටිකක් විතර බය අඩු උනා.
කලින්ම මම අහල තිබ්බ විදියට මගේ ට්රේන් එක මැoගලොර් වලට යද්දි 2.30 වෙනව කිව්ව. මම හිතුවෙ පැය 6කින් විතර මැoගලොර් ව්ලට යයි කියලා. මම කෝකටත් කියල එතන හිටිය කෙනෙක් ගෙන් අහුව මේක මැoගලොර් යනකොට කීය විතර වෙයිද කියල. ඔන්න එතකොට තමයිමම දන ගත්තෙ අර "බාසා" කියල තියෙන්නෙ පාන්දර 2.30 නෙමේ, පහුවෙනිද දවල් 2.30 ගැන කියල. ඔක්කොම පැය 17 1/2ක්.
ගොඩාක් ලොකු කොච්චියක්. පෙට්ටි 20 – 25 ක් විතර තිබ්බා. එතුවක් කාලෙකට මම දැකල තිබ්බ ලොකුම කොච්චිය. මේ පැය 17 ඇතුලත ගොඩක් මිනිස්සු කොච්චියට නැගල බැහැල ගියා. එක එක විදියෙ මිනිස්සු.

හැම තිස්සෙම "කිරි"යි "කෝපි"යි අරගෙන මිනිස්සු "චායා... චායා.... කෆේ... කෆේ... කිය කියා යනවා.
මේ අතරෙ තව මිනුස්සයෙක් බිරියානි, චපාති, පුලාවො, පූරි අරගෙන යනව. ලoකාවෙ වගේම කඩල, ටොෆි, වතුර බෝතල්, බීම බොතල් අරගෙන යන වෙළෙන්දොත් ගොඩාක් හිටිය. මේ මොහොමයක් දෙවල් මට අලුත් දේවල්. මමත් ගෙදර ගැන, අලුත් විශ්ව විද්යා ල ජීවිතය ගැන හිත හිත කොච්චියේ ගියා. සමහර දුම්රිය ස්ථාන වල විනඩි 15 - 20ක් විතර නවත්තල තිබ්බ. (කට්පඩි Katpadi, ඊරෝඩ් ජන්ශන් Eroad Junction, කැලිකට් Calicut) සමහර මිනිස්සු මේ වගේ තැන් වලදි, කොච්චියෙන් බැහැල වතුර ටිකක් නා ගත්තා. කොහොමින් කොහොම හරි හරි වෙලාවටම කොච්චිය කන්හන්ගෝඩ් (Kanhangod), කාසර්ගෝඩ් (Kasargod) දුම්රිය ස්ථාන පහුකරල පහුවෙනිදා දවල් 2.30 වෙද්දි මැoගලොර් වලට ආව.

මම මැoගලොර් දුම්රිය ස්ථානයෙන් බැහැල ඒ වෙද්දි එහේ ඉගෙන ගන්න ලoකාවෙ ශිෂ්යලයෙක් වෙච්ච රoගික ඇවිල්ලද කියලා ටිකක් එහේ මෙහේ බැලුවා. අඳුර ගන්න බැරි වෙච්ච හින්ද මම ලඟ තිබ්බ "Coin Box" එකකින් රoගිකට call එකක් දුන්න. කොහොමින් කොහොම හරි විනාඩි 15 කට විතර පස්සෙ රoගිකව හොයා ගත්තා.
ඒ වෙද්දි මගෙ විශ්ව විද්යා්ලයේ වාහනයක් අවිල්ල තිබුන මාව එක්ක ගෙන යන්න. ඒ වෙලාවෙදි අපි මැoගලොර් නගරය මැද්දෙන් ලාල්බාග් (Lalbagh), වගේ නගර පහු කරල මගේ විශ්ව විද්යාකලයේ, අපේ Department එකට ආවා. එදා ඉරිදා දවසක්. ඒක නිසා ළමයි හිටියේ නැහැ. මම Admission කාමරයට ගිහින් මගේ ගෙවීම් කරලා ඔක්කොම වැඩ ඉවර කර ගත්තා.
ඊට පස්සෙ අපේ විශ්ව විද්යාඔලයේ සභපති තුමා මගෙන් ඇහුවෙ Do you like to stay in the hostel or……? කියලයි. මේකට උත්තරේ දෙන්නෙ කොහොමද කියල මට රoගික කියල තිබ්බෙ. මම කිව්ව "Sir, I prefer to stay out, I wish to stay with other Sri Lankan students”
මම හිටපු ගෙඩනැගිල්ලෙම තමඉ අපේ ලoකවෙ ගෑණු ළමයින්ගෙ නේවාසිකාගාරය තිබ්බෙත්.(එයාලට නේවාසිකාගාරයේම නැවතීම අනිවාර්යයී) ඔන්න ඒ වෙලවෙම දක්ෂි කියලා අපේ ලoකාවෙ ළමයෙක් අපිව හම්බ වෙන්න ආවා. (දැන් නම් ඉතින් හොඳ යාලුවෝ)
ඔන්න ඊට පස්සෙ අපි ගියා අපේ බෝඩිමට. මට මතක් වුනේ අර TV එකේ ගිය ටෙලි නාට්යුය. "බොඩිම". ඊට වඩා වැඩි වෙනසක් තිබ්බෙ නැහැ. (කොල්ලොන්ගෙ ගොඩක් බෝඩිම් ඔහොම තමයි නේද:)
ඒ ගෙදර ඔක්කොම 4 දෙනයි (මාත් එක්ක)
රoගික (මාවනැල්ල), ප්ර්සාද් (නුවර), කවිරත්න (කලුතර)
මේ අය ගැන විස්තර පස්සෙ කියන්නම්....
එදා උයලා තිබ්බෙ අලයි පරිප්පුයි බතුයි : ) ලoකාවෙ විදියට.
ටොක වෙලාවකින් මම දක්කා රoගික, කවී එහෙම නාලා, එහෙම හොඳ ඇඳුමක් දාගෙන,, පව්ඩර් එහෙම දාගෙන ලැස්ති වෙනව. මම හිතුවෙ කොහේ හරි යන්න ලැස්ති වෙනව කියල. ඒක නිස මම ඇහුව කොහේද යන්න හදන්නෙ කියල. ඔන්න එතකොට මම දැන ගත්ත තව ටිකකින් ලoකාවෙ ගෑණු ළමයි ටික අපේ බෝඩිමට එනව කියල.

විනාඩි 10කින් විතර ඔන්න 10 ක් විතර කට්ටිය අපේ බෝඩිමට කඩා පත් උනා. :) මේක කවී හැඳින්වුවේ "සුනාමි තත්වයක්" කියල. : )

මෙතන හිටිය අලුත් අය 4 දෙනෙකුත්. සුපුන් (බත්තරමුල්ල) උදාරා (මතුගම) අකලන්ක (ගම්පහ) හිරුණි (මාතර)
පරණ අය හිටියෙ නවම්මලී (නාරාහේන්පිට), දක්ෂි (ගම්පහ), මඩූ (නුවර), ශෂි (ගාල්ල), රoගික, ප්රටසාද්, කවිරත්න, චාමර (පානදුර), දිනේෂ් (මාතලේ), ගොඩ්ෆ්රිග (ත්රි‍කුණාමලය)
ඔන්න ඉතින් අපේ අයියල ටික මේ ඔක්කොටම කතා කරල තිබ්බෙ පොඩි රැග් එකක් දෙන්න. (මොකක් උනත් ලoකාවෙ නේ…....)
හැබයි අපේ සෙට් එක හිතූ තරම් රැග් උනේ නම් නැහැ. (පව් අපේ seniors ලා එක නoගි කෙනෙකුට කිව්වා A/L Bio කරල තිබ්බ නිස ප්රeජනනය ගැන කතවක් කරන්න කියල. මේ නoගිත් මො මොලේ පාවිච්චි කරල ශාක ප්රිජනනය ගැන, වයිරස ප්ර ජනනය ගැන, කතා කරල අන්තිම ටිකේදි පොඩ්ඩක් විතර සත්ව ප්ර ජනනය ගැන කතා කරල කතාව ඉවර කලා. ඔන්න ඔතෙන්දි තමයි අපේ seniors ලට ටිකක් මළ පැන්නෙ. මම A/L bio කරල තිබ්බ නිසා මට කිව්ව මෙයා කතා කරන දේ හරිද කියල බලන්න කියල. මම කිව්ව හරියටම හරි කියල එයට මිස් වෙච්ච පොයින්ට්ස් ටිකක් මතක් කරල දුන්න. ඔන්න අපේ අයියලාට ඒ පාර මාත් එක්කත් මළ පැනලා. තවත් ටිකක් ඒ නoගිගෙන් අහුවා. ඊත් ඉතින් එයාව bite කරන්න කාටත් ටිකක් අමාරු උනා.

මටත් ඉතින් ටිකක් happy. මොකද ඉතින් අපේ සෙට් එකේ කෙල්ලෙක් නේ. ඔන්න ඊලඟ වාරෙ මගේ. මේ වෙද්දි රoගික එහෙම දැනගෙන හිටිය මම Ceylon Hotel School එකේ ඉගෙන ගෙන ඇවිත් තියෙන්නෙ කියල. මෙතන "Hospitality Science" කරන අය ඔක්කොම හිටිය 4 දෙනෙක්. (රoගි, කවි, ගොඩ්ෆ්රි , දිනේශ්), ඔන්න මගේ පලවෙනි ප්රiශ්ණෙ මම ගැන හැඳින්වීමක්. ඒකත් ඉවර උනා. ඒට පස්සෙ මගෙ French දැනුම බලන්න මගෙන් ෆ්රෙනන්ච් ප්රයශ්න ටිකක් ඇහුව. ඒකත් පාස්. ඊට පස්සෙ Cookery ප්රනශ්න ටිකකුත් ඇහුව. අන්තිමට ඉතින් සින්දුවකුත් කියල, ස්තුති කතාවකුත් කරල මගේ වාරෙත් ඉවර උනා.
සුපුන්ට කිව්ව English song එකකට සිoහල විදියට නටන්න කියලා මේ අතරේ නවම්මලී සහ ප්රyසාද් අපිට තේ ටිකකුත් හැදුව. හැබැයි ඉතින් overall අපි සෙට් එක වැඩිය රැග් උනේ නම් නැහැ. අපි ඕක පස්සෙ මතක් කරල හිනා වෙච්ච වෙලාවල් තිබ්බ. අපේ Seniors ල ටික නම් අපිව රැග් කරන්න ගිහින් ගොඩක් රැග් උනා. (මම හිතනව රoගි මේක කියවල මළ පනින එකක් නැහැ කියල) :) මොකක් උනත් එදා ආපු ගොඩක් අය අද හොඳ යාලුවො.