Friday, January 08, 2010

කෝකි අoකල්

මම නැවතිලා ඉන්නෙ පෞද්ගලික නේවාසිකාගාරයක. මේකෙ ඔක්කොම නේවාසිකයන් 50ක් විතර ඉන්නවා. කාමර වර්ග දෙකක් තියෙනවා. එක ජාතියක කාමරයක ඉන්න ඕනෙ 5දෙනෙක්. අනිත් වර්ගයේ ඒවගෙ ඉන්න ඕනෙ දෙන්නයි. මම ඉන්නෙ මේ දෙවැනියට කිව්ව ජාතියේ කාමරයක. මගෙ කාමර සගයා ලoකාවෙ කොල්ලෙක්.

නම අකලoක. ඉන්නෙ ගම්පහ. මිනිහ ගැන මම ටිකක් කලින් blog post එකකදි කියල ඇති.
මේ hostel එකේ කෑම උයන්න ඉන්නව හෙන සයිස් uncle කෙනෙක්. නම නම් මතක නැහැ. මිනිහගේ කෑම ගැන කියනවනම්.....
මිනිහ හැමදාම හවසට වෙන කඩේකට ගිහින් කාල එන්නෙ. මෙයාගෙ ජoගම දුරකතනයේ ring tone එක තමයි, " චල චයිය චයිය චයියා චයියා" කියල ප්‍රසිද්ඩ හින්දි සින්දුවක්. එයාට උදව්ව්ට ඉන්නව තව uncle කෙනෙක්. අපි මෙයාට කියන්නෙ පොඩි මාම කියල (Code name)
මේ අය ගැන හොඳ කතා නම් තියෙනවා. ඒත් ඒවා මේ බ්ලොග් එකේ දාන්න පුලුවන්ද කියන එක ගැන තමයි සැක. අපේ මේ අනිත් uncle ට අපි කිව්වෙ "කෝකියා" කියල. (මේ code නම අපිට ගොඩක් ප්‍රයොජනවත් වෙනවා. අපි සිoහලෙන් කතා කරද්දි, විශේෂයෙන්ම වෙන අය ඉන්න තැන් වලදි (ඉන්දියානුවන්) මේක ගොඩක් ප්‍රයොජනවත්. අපේ කැම්පස් එකේ කාර්යාල සහායක කෙනෙක් ඉන්නවා "සන්තුශ්". මෙයාට අපි කියල. මෙයට අපි කියන්නෙ "භාතියගෙ යාලුවා" කියල, Chairman ට කියන්නෙ "පුටුවෙ එකා" කියලා, තව "ජෝශප්" කියලා ඕමානයේ මස්කට් කියන නගරයේ ළමයෙක්ට කියන්නෙ "දොදොලා" කියල. මේ code names දාල තියෙන්නෙ එයා ඉන්න තැනකදි උනත් එ ගැන, එයාට නොතේරෙන විදියට කතා කරන්න.

දවසක් මම උදේට කන්න කෑම කාමරේට ගියාම උණු උණු පූරි තිබ්බ. අපි කන්න ආසම කැම තමයි මේක. ඉතින් මම ඉක්මනට මගෙ කාමර සගයාට "කෙටි පණිවිඩයක් යැව්වා පූරි නිවෙන්න කලින් කන්න එන්න කියලා. මෙන්න නිදාගෙන හිටිය එකා විනාඩි 2ක් යන්න කලින් කෑම කාමරේ. මිනිහත් මම වගේ පූරි පෙරේතයෙක්.
අපිට පොඩි පූරි 4ක් දෙනව කන්න. ඔන්න මිනිහගෙ පූරි පිඟාන ගේන අතරෙ මිනිහ සද්දෙන් කියනව.. “කෝකියෝ, මට ලොකු පූරියක් දීපන්" කියල. (සිoහලෙන් - ජෝක් එකට) වෙනද අපි සිoහලෙන් කතා කරද්දි හිනාවෙන මිනිහා අද ටිකක් දරුණු විදියට බැල්මක් දාල රවල බැලුව. අපිට මේක ෆුල් කචල්. මොකද අපි පුරුදු වෙල හිටියෙ අපේ නේවාසිකාගාරයේ කාටවත් තේරෙන්නෙ නැති හින්ද අපි ඕනෙම දෙයක් කතා කරන්න. මොකද කාටත් සිoහල වචනයක්වත් බහැනෙ.

මෙන්න මේ හේතුව නිසා අපි දෙන්න තීරණය කලා මේ සිද්ඩිය "ව්කේෂ්" කියල අපේ හොඳ යාලුවෙකුට කියල බලන්න. අපි මිනිහට මේක කිව්වට පස්සෙ මිනිහ ඇස් දෙක ලොකු කරගෙන අපෙන් අහනව, කව්ද මේක අපිට කියල දුන්නෙ කියල (මේ කෝකියා කියන නම) . අපිට මේක ප්‍රෙහේලිකාවක්. අපි මිනිහට ඇත්තම කිව්ව. මේ නම අපි පාවිච්චි කරන්නෙ කෑම උයන කෙනෙක්ව හඳුන්වන්න කියල. මේක අහපු විකේෂ් බඩ අල්ලගෙන හිනාවෙන්න පටන් ගත්තා. අපිට තවත් පුදුමයි.

අපි විකේෂ්ගෙන් තමයි දැනගත්තෙ"කෝකි" කියන වචනයෙ කන්ණඩා" භෂාවෙන් තේරුම "පුරුෂ ලිoගය" කියන එක බව.

2 comments:

  1. හා හා හා...
    වෙලාවට එකේ තේරුම ඕය වගේ එකක් උනේ.
    කොහොමද කුනුහරුපයක්වත් උනානම්...

    උඹට කියන්න, ස්වීඩන් වල එක ප්‍රාන්තයක භාෂාවකින් 70 උච්චාරණය අපේ භාෂාවෙන් අමු කුණු හරුපයක් බං.


    /බිඟුවා...!

    ReplyDelete
  2. හා හා හා........ඇයි ප0ජාබි භාෂාවෙන් 250 ට කියන එක...ඒකත් ඒවගේම තමයි..... මම ප0ජාබි ළමයි එක්ක කඩේ ගියාම බොහොම අමාරුවෙන් තමයි කට පරිස්සම් කර ගෙන ඉන්නේ....

    ReplyDelete