Tuesday, June 22, 2010

නේපාලෙට කෝච්චියෙන්





(Part 1)..........................

මම ඉන්දියාවට ඇවිත් අවුරුද් කීපයක් උනත් මට යන්න පුලුවන් උනේ ඉන්දියාවෙ නගර කීපයකට විතරයි. චෙන්නායි, මනිපාල්, ගෝවා, මූඩ්බිද්රිව, බැoගලෝර්, උඩුපි විතරයි මම ගිහින් තිබුනෙ. කොහොමත් ඉන්දියාව, ලoකාව වගෙ හැට ගුණයක් විතර ලොකු රටක්නෙ. ඒක නිස බලන්න යන්න පුලුවන් තැන් නම් බොහොමයි.

ඔන්න දවසක් මමයි, මගේ යලුවො දෙන්නෙකුයි මයිසූර් යන්න කියල පොඩි ප්ලෑනක් ගැහුව. කොච්චියෙ රුපියල් 100.00 විතර තමයි යන්නෙ එක්කෙනෙකුට. පොඩි බජට් ටුවර් එකක්. නවතින්න තැනක්, බලන තැන් ඔකොම ප්ලෑන් කරල තමයි තිබ්බෙ. ඒත් අන්තිම මොහොතෙ ඔක්කොගෙම යන්න මූඩ් එකක් නැති උනා. මම හිතන්නෙ ප්රැ ක්ටිකල් exam නිසා වෙන්න ඇති.

ඔන්න ඔය අතරෙ උමේෂ්, (මගේ හොඳම යාලුවෙක්), එයගෙ ගෙදර යන්න එන්න කියල කතා කලා. එයා නේපාල ජාතිකයෙක්. මම යනවද නැද්ද කියල හිත හිත හිටියෙ. ඔන්න ඔය අතරෙ මගේ තව නේපාල් යාලුවෙක් එයාගෙ අයියගේ වෙඩින් එකට එන්න කියල විෂෙශ ආරධනයක් කලා.මෙයා රෝෂන් ගුප්තා. රෝෂන් කලින් නිවාඩුවට අපේ ගෙදර ආවා (ලoකාවට )ඒක නිසා මට කිසිම ගැලවුමක් තිබ්බෙ නැහැ. මට ඕනෙ වෙලා තිබ්බෙ විභාගෙ ඉවර වෙච්ච ගමන් ගෙදර එන්න.

ටික දවසකින් රොෂන් මට කියනවා එයා නේපාල් යන්න ටිකට් පවා බුක් කලා කියල. කොහොමත් ඉන්දියාවෙ දුර ගමන් යන ට්රේ්න් අඩු ගානෙ මාස දෙකකට කලින් වත් බුක් කරන්න ඕනෙ.

කොහොමින් කොහොම හරි මගේ විභාගෙත් ඉවර උනා. ඒක මගේ මුලු ඩිග්රිනයේම අමාරුම විභාගය. අතිරේක විශයන් ඉල්ලල තිබ්බ නිසා තවත් වැඩ වැඩි උනා.විභාගේ අන්තිම දවස 04/06/2010. ප්රභශ්න පත්තරේ ඉවර උනේ දවල් 12.00ට. ට්රේාන් එක මැන්ගලොර් station එකෙන් දවල් 12.30ට. ලොකු ට්රේැන් වල සීට් එක හොයන්න විතරක් පැයක් විතර යනවා. ඒක නිස විභගේ ඉවර වෙච්ච ගමන් ඉක්මනට station එකට ගියා.

මේ ට්රේවන් එක මැන්ගලොර් ඉඳලා චෙන්නායි වලට යන ට්රේරන් එක. මේකෙ නම (Mangalore Mail express). අපි ඔක්කොම හතර දෙනයි. සොයේබ්. (මුස්ලිම්, නේපාල් ජාතිකයෙක්), උමේෂ් (මගෙ හොඳම යාලුවෙක්, නෙපාල් ජාතිකයෙක්.) අක්ෂත් (බිහාර්, ඉන්දියානුවෙක්) හා මම. මේ ට්රේeන් එක මට හොඳට පුරුදුයි. මම නිවාඩුවට ගෙදර යන්න චෙන්නායි යන්නෙ මේ ට්රේයන් එකේ. පහුවෙනිදා පාන්දර 6.30ට විතර අපි චෙන්නායි වලට ආවා. පැය 17.5ක ගමනක්. අපි මේ ට්රේදන් එකේ ඉන්දියාවේ ප්රාටන්ත 3කට ආවා. (කර්ණාටක,කේරලා, හා තමිල්ණාඩු ) . මම මගේ ජීවිතේට කාපු රසම ඉඩ්ලි කෑවේ චෙන්නායි station එකේදි.

අපේ ඊලඟ ට්රේ න් එක චෙන්නායි සිට හවුරා (Hawrah) දක්වා. හවුරා කියන්නෙ කල්කටා නගරය. මේ train එකේ නම (Koramandal Express) . අපි ගමන පටන් ගත්තෙ උදේ 9.00 ට. තමිල්නාඩු කියන්නෙ ඉන්දියාවේ තියෙන පොහොසත් ප්රmන්තයක්. මේකෙ බොහොම ප්රනසිද්ඩ විශ්ව විද්යාල තියෙනවා. බොහෝ පොහොසත් මිනිස්සු ඉන්නවා. මම ඉන්දියාවෙදි වැඩියෙන්ම ගුවන් පාලම් දැක්කෙ තමිල්නාඩුවෙදි. ඒ අතරෙම අන්ත දුගී දුප්පත් මිනිස්සුත් ඉන්නවා.

ඊට පස්සෙ ට්රේ්න් එක "ආන්ද්රා" ප්රාන්තයට ආවා උදේ 11.00ට විතර (05/06/2010). මම අහල තියෙන විදියට මේක තමයි ඉන්දියාවේ තියෙන පොහොසත්ම ප්රාන්තය. මේකට හේතුව තමයි තිරුපති කෝවිල.

අපේ train එකේ අපි ලඟ හිටියා තාත්තා කෙනෙකුයි, පුතාලා දෙන්නෙකුයි. ඊට එහායින් හිටියා ටිකක් අමුතු ජාතියේ මනුස්සයෙක්. මෙයා ටිකක් වයසයි. කොන්ඩෙ පාට හතරක්. (රතු, කලු, සුදු, තැඹිලි ). මේ තාත්තලා පුතාලා දවල්ට කන්න පටන් ගත්තා. ඒගොල්ලන් චපාතී, බොන්චී තමයි කෑවෙ. ඔය අතරේ අර මනුස්සයා මොනවද කුඩු ජාතියක් කන්න පටන් ගත්තා. මම ඒ මොනවද කියල නම් හරියට දන්නෙ නැහැ. ඒත් ඉන්දියාවෙ ගොඩක් මිනිස්සු මේවට පුරුදු වෙලා ඉන්නව. මේ මනුස්සය කුඩු ටිකක් කාල ඉතුරු ටික ජනේලෙන් එලියට වීසි කලා. ඔක්කොම කුඩු ටික අර කෑම කකා හිටපු මිනිස්සුන්ගේ ඇඟේ. අර තාත්තාට නම් හොඳටම මල පැනල අර මනිස්සයට තිත්ත කුනුහර්පෙන් බැන්නා.


අපි ට්රේන් එකි යද්දි එක එක කෑම ජාති කෑව. හැම තිස්සෙම දුම් රිය ආපාන සේවය එක එක කෑම විකුණනවා. වතුර බෝතල්, බීම බෝතල, අල බොන්ඩා, පොල්, තැඹ්ලි, පළතුරු, චාට් වර්ග, සුප්, තේ, කෝපි, බිරියානි, චපාති, චාප් වර්ග, රටකජු, කජු, වගේ දේවල්.
ඉන්දියාවෙ කොච්චියක යන ඕනෙම කෙනෙක්ට "චායි චායි....... කෆේ කෆේ......." කිය කිය යන තේ, කොපි වෙලෙන්දො නම් කවදාවත් අමතක වෙන එකක් නැහැ

චක්කා......(SIXER)


ඉන්දියාවෙ ට්රේන් ගැන කියද්දි "චක්කා වරුන්" ගැන නොකියම බැහැ. "චක්කා" නමින් හඳුන්වන්නේ ගැහැණු, පිරිමි කියන කොටස් දෙකටම අයත් නොවන අය. ඔවුන්ගේ අඟ පසඟ කන්තාවන්ගේ වගේ උනාට සමහර ලක්ෂණ පිරිමින් හ සමානයි. මුහුනේ රැවුල තියෙනවා. නමුත් සාරියක් හෝ සල්වාර් ඇඳුමක් ඇඳගෙන තමයි ඔවුන් ඉන්නේ. කොච්චිය ඔවුන්ගේ ප්රරධාන ආදායම් මාර්ගය. මේ අය කොච්චියට එන්නෙ කණ්ඩායම් විදියට. එක කණ්ඩායමක 6 - 7ක් විතර දෙනෙක් ඉන්නවා.
මේ ගොල්ලන් කොච්චියේ ඉන්න පිරිමි ලඟට ගිහින් සල්ලි ඉල්ලනවා. කාන්තාවන්ට නම් කිසිම හිරිහැරයක් නැහැ. අඩුම ගානේ එක පුද්ගලයෙක් රුපියල් 10.00ක් වත් දෙන්න ඕනෙ. නැත්තම් ඉතින් මේගොල්ලන්ගේ අශීලාචාර වාග් ප්රහාර වලට ලක්වෙන්න සිද්ද වෙනව. එහෙම නත්තම් ඔවුන්ගේ අතවර වලට ලක් වෙන්න වෙනවා. මේගොල්ලන් කෙලින්ම ඇවිත් උකුල උඩ වාඩි වෙනව. සල්ලි දුන්නොත් තමයි නැගිටල යන්නෙ. ඒත් දුන්නෙ නැත්තම් වෙන දෙවල් මෙතන ලියන්න ටිකක් අමාරුයි.

ඔන්න ඉතින් මම ගිය කොච්චියටත් මේ චක්කල ටිකක් නැග්ග. ඔක්කොම make up කරල, ලසනට සාරි ඇඳන් තමයි හිටියේ. මට මේක සම්පූර්ණයෙන්ම අලුත් දෙයක්. ඔන්න ආවා මගේ ලඟටත් අඩි 6ක් විතර උස අක්කා කෙනෙක්.

අවිත් මූන ලඟටම කරල ගැහුව අප්පුඩියක්. මේක තමයි ඒගොල්ලන්ගේ signal එක. මූන ලඟටම කරල අප්පුඩියක් ගහද්දි කව්ද බය නොවෙන්නෙ. කොහොමත් මම ඔය වෙලාවෙ බාගෙට නිදාගෙන හිටියෙ. ඒත් එක්කම අර අක්කා මගේ එහා පැත්තෙ ඉඳ ගෙන හිටිය උමේෂ් බිබි හිටිය පෙප්සි බෝතලේ උදුර ගත්තා. ඒට පස්සෙ Haree.. Jaaan..... Paise dedo.... කියල හින්දියෙන් කිව්වා. මම අන්ද මන්ද වෙලා බලන් හිටියා. එතකොටම උමේෂ් රුපියල් 10.00ක් දීල ඉක්මනටම යවා ගත්තා. එතකොට තමයි දැක්කෙ අහල පහල හිටිය ඔක්කොම මිනිස්සු මට හිනා වෙනවා.

No comments:

Post a Comment