Thursday, June 24, 2010

නේපාලය සහ නේපාල විවාහ උත්සව........







ඔන්න ඉන්දිය නේපාල දෙශසීමාව හරහා අපි නේපාලෙට ආවා. අපි ආවෙ අශ්ව කරත්තෙක. මේකත් මරු අශ්ව කරත්තෙ. ගොඩක් වෙලාවට අශ්ව කරත්තෙකට යොදා ගන්නෙ ගෑණු සතෙක්ලු. මොකද, හොඳට බර අදින්න පුලුවන් නිසා. මේකට කියන්නෙ "ටඟා" කියල. මෙ ගමනත් මරු. අපි කරත්තෙ පිටි පස්සෙ තමයි වාඩි වෙන්න ඕනෙ. පිටි පස්ස පැත්ත පාරට සම්පූර්ණයෙන්ම නිරාවරණය වෙලා තමයි තියෙන්නෙ.

හැමෝම වගේ යන්නෙ කරත්තේ නිසා ට්‍රැෆික් වෙලාවට අශ්වයා ගිහින් ඉස්සරහ කරත්තේ යන අයව ලෙව කනවා. (ආදරේට වෙන්න ඇති ). එතකොට ඒකෙ ඉන්න මිනිස්සු යටි ගිරියෙන් කෑගහන්න පටන් ගන්නවා. මේ සිද්දිය ගොඩක් තැන් වලදි උනා.:) :) :) තව සමහර වෙලාවට හදිස්සියෙවත් පිරිමි අශ්වයෙක් දැක්කොත් ගමන දාල ඒ අශ්ව්ය පස්සෙන් දුවනවා.. ඔය අතරෙ කරත්ත අනතුරු එහෙමත් වෙනවා. මේ ටඟා කරත්තේ ගාන බොහොම අඩුයි. කිලොමීටර ගානක් ඇවිල්ලත් ඒ මනිස්සයට දුන්නේ ල0කාවෙ සල්ලි වලින් රුපියල් 30ක් විතර. රික්ශා සහ කුලී කියන ඒවත් මෙහෙ කෙටි දුර ගමන් යන්න යොද ගන්නවා. රික්ශාවෙ එක මනුස්සයෙක් බයිසිකලය වගේ පැදගෙන යනවා. පිටිපස්සෙන් මිනිස්සු ඉඳගෙන යනවා. කුලී කියලා කියන්නේ මිනිහෙක් ඇදගෙන යන කරත්තක්.

මම නම් නේපාලෙදි රික්ශාවක ගියේ එක පාරයි. මට ඒ මිනිහා ගැන ගොඩක් අනුකම්පා හිතුනා. කුලී එකක නම් කවදවත් යන්න ඕන කමක් තිබ්බේ නැහැ. මම ගිය කරත්තෙ හිටියෙ උමේශ් සහ මම විතරයි. අපිත් ඉතින් වල වල් වල වැටි වැටී ටිකක් දුරක් ගියා.

ටික වෙලාවකින් උමේශ් මට කිව්ව අපි දන් නේපාල සීමවට කිට්ටුයි කියලා. මමත් තකහනියක් මගේ බෑග් එක ඇරල මගේ “Pass port” එක එලියට ගත්තා. මමත් ඉතින් ආගමන විගමන කටයුතු කරන තැනට ආවාම කියන්න කියල මගේ යාලුවට කිව්වා. නේපාලෙට එන්න කලින් වීසා ගන්න ඕනෙ කමක් තිබ්බෙත් නැහැ, මොකද “Visa on arrival” නිසා.
ටික වෙලාවකින් අපේ කරත්තෙ නැවත්තුවා නේපාල පොලිස් නිලධාරියෙක්. එය උමේශ් එක්ක වචන දෙක තුනක් කතා කලා. ඒට පස්සෙ අපි අයෙත් දිගටම කරත්තෙන් ගියා. විනාඩි 5 කට විතර පස්සෙ උමෙශ් කියනව....අපි ගෙදරට ආව...කරත්තෙන් බහින්න කියලා.

එතකොට තමයි මට දෙයියො බුදුන් සිහි උනේ.මේක මාව රට ඇතුලට අරන් ඇවිල්ල තියෙන්නෙ වීසා ගන්නෙ නැතුව. මම ඕක කිව්වහම මිනිහ හිනා වෙවී කියනව, "වීසා ගන්න ගියා නම් තව පැය දෙකක් වත් අපිව රස්තියාදු කරයි.. ඒක නිසා සද්ද නැතුව ඉන්න" කියල. කොහොමත් මට කේරලා ලුක් එකක් තියෙනවා කියල හැමෝම කියනවා. ඒක නිසා මමත් සද්ද නැතුව හිටියා.
නේපාලය කියන්නෙ බොහොම දුප්පත් රටක්. ඉන්දියාවටත් වඩා දුප්පත් ඇති.

මම එදා හිටියේ රොෂන්ගේ ගෙදර. ඒ ගෙදරදි මම කවදාවත් හිතපු නැති විදියට පිළි ගත්තා. රොෂන්ගේ අම්මා ඇවිත් සාම්ප්‍රදායික විදියට මාව පිලි ගත්තා. (අර හින්දි ෆිල්ම් වල වගේ). ඒට පස්සෙ රතු තිලකයක් මගේ නලලේ තිබ්බා. මමත් දන්න විදියට ෆුල්ල් ඉන්දියන් විදියට වැඩිහිටියන්ට වැඳල ඇතුලට ආවා. මගේ කාමරේ තිබ්බෙ 3වෙනි තට්ටුවේ.

ඉතින් ඊට පස්සෙ හැම විනාඩි 10කටම වගේ පස්සෙ කවුරු හරි කාමරේට ඇවිත් කෑම කෑවද? බඩගිනි නැද්ද ? මොනවා හරි බොනවද ? මොනවද ඕනෙ ? කියල මගේන් ඇහුවා. මේක මම යනකම් හැමදාම වෙච්ච දෙයක්.

මාව ගමේ අයට අඳුන්වල දුන්නෙ "රාවනා දේශයෙන් ආවා කියලා” ඒ අච්චිල සීයලා ලoකාව කිව්වට වඩා රාවණා දේශය කිව්වහම දන්නවලු. තව සමහර අච්චිලා මාත් එක්ක පැය ගනන් කියව කියවා හිටියා. ඒත් මම නේපාලි භාෂාව දන්නෙ නැති නිසා හිනා වෙවි හිටියා. (හරියට දන්නව වගේ) එක අච්චි කෙනෙක් රොෂන්ට කියල තිබ්බ මම අඩම්බර නිසා කතා කලේ නැහැ කියල. පස්සෙ රොෂන් හිනා වෙවී කියල තිබ්බ මට නේපාලි භාෂාව බැරි බව.

ඇවිල්ල පහුවෙනිදා අපිට කත්මණ්ඩු නගරයට යන්න උනා. මොකද මම මෙහෙ ආවේ රෝෂන්ගේ අයියාගේ විවාහ උත්සවයට නිසා. ඒකෙ මනාලියගේ පාර්ශවයේ උත්සවය තිබ්බේ එහේ. කත්මණ්ඩු යන්න කලින් ගෙදර පොඩි පූජාවක් තිබ්බා. ඒක මනමායා ගෙදරින් යන නිසා මනමාලයාට අශිර්වාද කරලා. ඊට පස්සෙ ඔක්කොම නැග්ගා බස් එකකට. එතකොටම කව්ද ආච්චි කෙනෙක් ඇවිල්ල මට ආශිර්වාද කරල ගෑවෙ නැතෑ හෙන ටීකා තලියක්(නලලේ ගාන ඒවා) . විශ්වාස කරන්න මගේ නලළෙන් එකයි. ඒකට මීකිරියි, පොඩි කරපු කෙසෙල් ගෙඩියි අනල ගාලා. මට ඒ කිරි ගඳ ආවහම වමනෙටත් ආව. පස්සෙ හිමින් සැරේ ගිහින් මම මුණම හෝද ගත්තා. තව ටික වෙලාවකින් තව අච්චි කෙනෙක් ඇවිල්ල හැමෝටම මොනවද හැන්දකින් කව කවා ගියා. මොනවද කියල අහන්න විදියකුත් නැහැ. කිසිම යාලුවෙක් අහල පහල හිටියෙ නැහැ. අච්චීත් කඩ්ඩ දන්න එකක්යැ. මම කොකටත් එපා කිව්වා. මෙයා මට බල කරනව කන්න කියලා. පව්නෙ...අච්චිකෙනෙක්නෙ කියල මම කෑවා. ඒ පාර සීනි වත් නැතුව මීකිරි. මේගොල්ලන් දුර ගමන් යනකොට හැමෝම කන්න ඕනෙලු.

ඔක්කොම දුර පැය 10ක් විතර. පහුවෙනිදා උදේ අපි කත්මණ්ඩු නගරයට ආවා. නගරයට එන්න ක්ලින් හිමාලයා කඳු පන්තිය දැක්කා. මේක හරිම ලස්සනයි. මේ කාලය නේපාලයේ රස්නෙම කාලය උනත් එදා උදේ නම් මට වෙවුලන්න තරම් හීතලයි. අපි ගිහින් නතර උනේ හෝටලයක. ටික වෙලාවකින් අපි ගියා පොඩ්ඩක් ඇවිදින්න කියලා නගරයට. මුලින්ම අපි ගියේ ස්වම්බුනාත් බෞද්ධ විහාරයට. (Swayambhunath)

මට මෙහේදි නම් ටිකක් ලජජා හිතුනා. මත් එක්ක ගියේ උමේශ් එය හින්දු භක්තිකයෙක්., සොයේබ් ඉස්ලාම් භක්තිකයෙක් සහ රිකී, එයත් හින්දු බැතිමතෙක්. මාම් ඉතින් බුද්ඩාගම ගැන කිය කියා තමඉ ගියේ. ටික වෙලාවකින් තමයි මම දැක්කේ. මෙ ලොක ප්‍රසිද්ධ පන්සලේ වැඩි හරියක් ඉන්නෙ පෙම්වතුන් කියල. පාසල් නිල අඳුම් වලින් ගොඩක් දෙනෙක් හිටියේ. මමත් ඉතින් වැඳලා කියලා ආව එලියට. පස්සෙ අපි නගරේත් ටිකක් ඇවිදලා අයෙත් ආවා හෝටලයට.

එදාම රෑ අපි ගිය මගුල් ගෙදරට. තව දෙයක් තමයි මනමාලිගේ ගෙදරට යනකොට කිලෝමීටරයක විතර ඉඳලා ඔක්කොම අය නට නටා තමයි යන්න ඕනේ. මේකෙදි අවිවාහක පිරිමි නටන එක අනිවාර්යයයි. ඉතින් කවුරු හරි කමති උනත් නැතත් නටන්නම වෙනවා. පපර බෑන්ඩ් එකක් ඉස්සරහින් යනවා. අපිව පිලිගත්තෙ පිච්ච මල් මාලවක් දාල . මේක අනිත් පාර්ශව්යේ අයව අඳුර ගන්න දාපු දෙයක්. මනමාලි පෙන්න හිට්යේ නැහැ. මනමාලයාගේ ගෙදරට ගන්නේ මනමාලියගේ සහොදරයන්ගේ කර පිටින්. ඒට පස්සෙ ටික වෙලාවකින් මනමාලයගේ පැත්තේ නෑදෑයන් සහ මනමාලියගේ නෑදෑයන් පැති දෙකකට බෙදෙනවා. ඒට පස්සෙ තමයි මනමාලයා මනමාලිගෙ කරේ මාලයක් දාන්නේ. මේක දානකොටම මනමාලි පස්සට පනින්න ඕනෙ.(නැත්තම් මනමාලිගෙ පාර්ශවයේ අය මනමාලිව පස්සට තල්ලු කරනවා) කොහොම හරි ඒ දිග මාලය මනමාලයා මනමාලිගේ කරේ දම්මොත් මනමාලයාගේ පාර්ශවය දිනුම්. නත්තම් මනමාලිගේ පාර්ශවය දිනුම්. මේකත් බොහොම විනොද ජනක අවස්තාවක්. මේ මගුල් ගෙදර දිනුවේ මනමාලයාගේ පාර්ශ්වය.

නේපාලේ කසාද බඳින එක ඒතරම්ම ලේසි දෙයක් නෙමේ. මගුල් ගෙදරට කලින් මනමාලයයි මනමාලී දෙන්නම දවස් 5ක් විතර නොකා නොබී ඉන්න ඕනේ. කන්න පුලුවන් කැවිලි විතරයි. මේකත් හම තිස්සෙම බැහැ. මගුල් ගෙදර දවස් 6ක් විතර තියෙනව. එක එක උත්සව.

පහුවෙනිදා අපි පස්පතිනාත් පන්සලත් බලලා අයෙත් බිර්ගන්ජ් නගරයට ආවා. මගදි නම් මට ලොකු කෑම අරුචියක් තිබ්බා. මේක දවස් 5ක් විතර යනකන් තිබ්බා. ඒ දවස් වල වඩිපුර ජීවත් උනේ පෙප්සි වලින්.


ඒට පස්සෙ දවසේ මම ගියා රිකීගෙ ගෙදර උදෙ කෑමකට. තිබ්බේ පූරි සහ තව මොනවද එලවලුවක්. ගොඩක් රසයි, ගොඩක් මහන්සි වෙල තිබ්බ. උමේෂ්ගේ ගෙදර දවල් කෑම....මේක තමයි ගොඩක්ම විනොද ජනක අවස්තාව. උමේශ්ගේ අයිය්යටයි මල්ලිටයි ඉOග්‍රීසි භෂාව කතා කරන්න පුලුවන්. ඒක නිසා මෙයාල මගෙන් උමේෂ් ගැන ගොඩක් දෙවල් ඇහුවා. මේක ගෙදරට කියල තියෙන්නේ බැච් එකේ හොඳම එකා මේකා කියල. මම ඉතින් ඒවගේම කියල වගේ තමයි කතා කලේ. මට ගෙදරට ගිය ගමන්ම ගෙදර එල්ලල තිබ්බ පදක්කම් වගයක් පෙන්නල කිව්ව, නදීශ.. මම දැන් වැඩිය ඉගෙන ගන්නෙ නැති උනාට ඉස්සර මම ගොඩක් දක්ෂයි. මේ ඔක්කොම මගේ ඒවා කියලා. ඒවා පන්තියෙ පළවෙනියා වෙච්ච පදක්කම් ටිකක්. (10ක් විතර )
ටිකකින් මෙයාගේ අම්ම කියනවා අර ඔක්කොම පදක්කම් එයාගෙ අයියගේයි මල්ලිගෙයි කියල. මේකගේ මූන රතු උනා. :) :) :)

ටික දවසකට පස්සෙ මනමාලයගේ පාර්ශවයේ උත්සවයට පස්සෙ මම අයෙත් ගෙදර එන්න ලැස්ති උනා. මේ වෙලාවෙ ගෙදර හැමෝම මට එක එක තෑගි දුන්නා ඒ ඒ අයට ගැලපෙන විදියට. (රොෂන්ගේ ගෙදර අය )

මුලින්ම රෝෂන්ගේ අම්මා මට කලිසම් රෙද්දකුයි කමීස රෙද්දකුයි, ගණ දෙවි රූපයක් එක්ක කාසියකුයි තව නේපාල සල්ලි ටිකකුයි දුන්නා, ලොකු අක්කා (මීනා) මට දුන්නෙ බිත්තියේ එල්ලන රූපයක්. රොෂන්ගේ තත්තා මට දුන්නේ පොඩි ලාම්පුවක්, එයාගේ පොඩි නOගි දුන්නෙ පෑනක්. පොඩි අක්කා දුන්න ගණ දෙවි පිලිමයක් එක්ක බිත්තියේ එල්ලන රූපයක්. මුන්නා අයියා (පොඩි අයියා) දුන්නේ පෑනක්. ලොකු අයියා දුන්නේ ලී වලින් හදපු නේපාලේ සිතියමක්. අලුත් මනමාලි මට දුන්නේ බිත්ති ඔරලොසුවක්. පස්සෙ මම බෑග් එක අරිද්දි දැක්කේ මගේ බෑග් එක පිරෙන්න අඹයි රසකැවිලී පුරවලයි කියලා. මට ඉතින් කර ගන්න දෙයක් තිබ්බේ නැහැ. මොකද.. මට ඒගොල්ලන්ට කියන්න පුලුවන් කමක් තිබ්බේ නැහැ මට ගුවන් තොටුපලින් ගෙනියන්න අවසර තියෙන්නේ කිලෝ 20ක් විතරයි කියලා. මම ඔකොටම කතා කරලා එලියට බහිද්දි දැක්කේ එයාගේ අම්මලයි අක්කලයි මම යනව කියල අඬනවා කියලා. මට මගින් මගටම කීප පාරක් කිව්ව ඒගොල්ලන් අමතක කරන්න එපා, ඊලඟ මගුල් ගෙදරටත් එන්න ඕනෙ කියල.

අමතක නොවෙන ගමනක්. මට ඒ අයගේ ආගන්තුක සත්කාර නම් කවදාවත් අමතක වෙන එකක් නම් නැහැ

1 comment: