tag:blogger.com,1999:blog-46470760387105527862024-03-12T22:53:57.792-07:00මගේ ලෝකය - Me, You and Usmagelokayahttp://www.blogger.com/profile/05177344517329424383noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-4647076038710552786.post-17667554314683959002011-07-17T06:51:00.001-07:002011-07-17T06:51:44.193-07:00බස් ගමනක්මේ ජනවාරි මාසෙ දෙවෙනි සතියෙ දවසක්. මම මහේ හෝටලේ ඉඳලා ගෙදර එන්න හිතන් දවල් දොළහට විතර ගියා බස් හෝල්ට් එකට. කණ්ඩලම කියන්නේ ටිකක් දුෂ්කර පැත්තක්නේ... කොහොම හරි බස් එකක් එන්න තව පැයක් විතර ගියා. මගේ හෝටලේ ඉඳලා දඹුල්ලට එන්නත් විනාඩි හතලිස් පහක් විතර යනවා.
මේ පාර තමයි මම ලoකාවේ ගිහිල්ලා තියෙන ලස්සනම පාර. කණ්ඩලම වැව උඩින් බස් එක යනකොට කොච්චර ලස්සනද කියල ගිහිල්ලම බලන්න ඕනේ. බස් එක සපත්තු පාලම උඩින් යනකොට ගොඩක් ලස්සනයි තමයි. ඒත් ටිකක් අනතුරු සහිතයි. ඒත් දැන් නම් අලුතින් පාලමක් හදනව කියලා ආරන්චී. වෑවල - දඹුල්ල බස් එකේ තමයි මම යන්න ඕනෙ. කණ්ඩලම වැව වාන් දමන දවසට නම් ටිකක් දුර පයින් ඇවිදගෙන ගිහින් කිඹිස්ස කණ්ඩලම බස් එකක, හන්දියට යන්න ඕනෙ.
මේ සපත්තු පාලම පහුකරලා ටික දුරක් යනකොට හම්බ වෙනවා ඉස්කෝලයක්. මේක කණ්ඩලම, දඹුල්ල ඩී. එස්. සේනානායක විද්‍යාලය. මම මේ ඉස්කෝලෙ පහුකරල යනකොට හැමදාම බලන්න අලුත් දෙයක් තියෙනවා. අපි ඉස්කෝලෙ යනකොට අත් නොදැකපු දෙවල්.
එක දවසක් යනකොට පහ වසර වගේ පන්තියක ළමයි රවුමක් විදියට වට වෙලා බිම ඉඳගෙන ඉගෙන ගන්නවා. ගුරුතුමී රවුම මැද. ඔක්කොම ළමයි සහ ගුරුතුමී බිම ඉඳගෙන හිටියෙ. අපිත් පන්ති කාමරෙන් එළියෙ පුටු රවුමට තියාගෙන පාඩම් ඉගෙන ගත්ත තමයි. ඒත් ඒ පොඩි වෙනසකට. මේක පන්ති කාමරයක අඩු පාඩුවක්ද, නැත්තම් වෙනසකටද කියල නම් මම දන්නෙ නැහැ. තව දවසක් ඉස්කොලෙ ළමයි 50ක් විතර එකතු වෙලා කොට්ටම්බා තලනවා. :) සමහර දවසට ළමයි ගස් උඩ. :)
කොහොමින් කොහොමහරි, මම එදා බස් එකේ යද්දි මේ ඉස්කොලෙ පහුකලේ ඉස්කොලෙ ඇරෙන වෙලාවට. දවල් දෙකට විතර ඇති. බස් එක පිරෙන්නම නැග්ගා ඉස්කොලෙ ළමයි. මම ඉඳගෙන හිටිය තැනට ආපු ළමයි ඔක්කොම ටික මගේ උකුල උඩින් තිබ්බ පොත් බෑග් ටික. (අපේ කාලෙට වඩා නම් බෑග් එකේ බර ටිකක් අඩු වෙලා වගේ.)
ටිකෙන් ටික ටිකෙන් ටික මගෙ උකුල උඩ පොත් බෑග් දහයක් විතර. :) ටික දුරක් යනකොට එක එක්කෙනා තමන්ගෙ බෑග් ආයෙත් ඇරලා සල්ලි දුන්නා බස් එකට. :)
තව ටිකකින් මේගොල්ල බෑග් ඇරල ඊව ඇතුලෙ තියෙන කෑම ජාති එලියට අරන් එක එක්කෙනාට බෙදල දීල කන්න පටන් ගත්තා. සෙනග පිරිච්ච බස් එකත් හරි හයියෙන් යනවා. ඒත් මේ අයට ගානක්වත් නැහැ.
එක්කෙනෙක් එලියට ගත්තා පෙර ගෙඩි වගයක්. අනිත් එක්කෙනා මුරුක්කු. :) ඔහොම ඔහොම හැමෝම එක එක කෑම ජාති බෙදාගෙන කන්න පටන් ගත්තා.
පොඩි කාලේ, අපේ ඉස්කෝල් ගාව හිටියා අච්චි කෙනෙක්, පේර, වෙරලු, අච්චාරු විකුණන්න. මෙයාට අපි කිව්වෙ "වෙරලු ආච්චි" කියලා. එයා ගැන නම් වැඩිය විස්තර ඕනේ නැහැ. මොකද ඉතින් නෝන්ඩි වෙන්නේ මමම තමයි. :) :)
ටික වෙලාවකින් ඔක්කොම වගේ ළමයි බස් එකෙන් බැහැලා ගියා. යද්දි ඉස්කෝලෙ හය වසර විතර හිටිය එක ළමයෙක් තව ළමයෙක්ට කියනවා.. මේ... හවස පන්ති එනවා නේද ? මම ගෙදරින් එන්න කලින් ඔයාගෙ අම්මගේ හෑන්ඩ් ෆෝන් එකට රිo කට් එකක් දෙන්නම්. ඔය එතකොට එලියට එන්නකෝ. මතක ඇතුව රoජිත් ස'ර් ගේ ටියුට් ටිකත් අරගේන එන්න.....
මමත් දඹුල්ලට ගිහින් කොළඹ - ත්‍රිකුණාමලය බස් එකක නැගලා කොළඹට ආවා....magelokayahttp://www.blogger.com/profile/05177344517329424383noreply@blogger.com0tag:blogger.com,1999:blog-4647076038710552786.post-8564125726950155622011-07-17T06:47:00.000-07:002011-07-17T06:48:20.012-07:00Happy Birthday Adithi...මේ සටහන ආදිතී ගැන. ආදිතී කියන්නෙ වයස අවුරුදු හතරක චූටි බබෙක්. ආදිතී ගෙ මාමා මගේ කැම්පස් එකේ යාලුවෙක්. නම නිකිල්. නිකිල් කුමාර්. නිඛිල්ගේ ගෙදර තියෙන්නේ මගේ මැoගලොර් හොස්ටල් එක ගාවම තමයි. මේක නිසා නිකිල් ගේ ගෙදර අය මාත් එක්ක ගොඩක් හිතවත්.
ආදිතී කියන්නේ ගොඩක් හුරතල් බබෙක්. මෙයා ගොඩක් කතා කරනවා. හැමතිස්සෙම මොකක් හරි කතා කරනවලු. හීනෙනුත් කතා කරනවලු. හැබැයි, ආදිතී ගේ ගෙදර අයට නම් මේක වදයක් වෙලා. මේක නිසා ආදිතී මාත් එක්ක කතා කරන්න ගොඩක් කැමතී.
ආදිතී කියන්නෙ නිර්මාoශ, ඒවගේම භෂා කීපයක් කතා කරන්න පුලුවන් දක්ෂ බබෙක්. මම හින්දියෙන් අමරුවෙන් කතා කරද්දි එයා හයියෙන් හිනා වෙලා මගේ වැරදෙන තැන් හරි ගස්සනවා. ආදිතී බබා ට කණ්නඩා, තුලූ, හින්දි, වගේම ඉoග්‍රීසි භෂාවත් හොඳින් කතා කරන්න පුලුවන්. මෙයා මාත් එක්ක කතා කරන්නේ ඉoග්‍රීසි භෂාවෙන්.
දවසක් ආදිතී, එයාගේ අම්මල නිකිල්ට ආපු මoගල යොජනාවක් ගැන කතා කර කර ඉඳිද්දි, කියනවලු,
“අම්මා.. මමත් නිකිල් මාවා බඳින දවසට මම නදීශව බඳිනවා”. කියල
ආදිතී මගේ අනිත් යාලුවන්ට කියන්නේ මාවා කියල. ඒ කණ්නඩා භෂාවෙන් "Uncle’’ කියන එක. හැබයි මෙයා මට කතා කරන්නේ නදීශ කියලා.
ඔන්න තව දවසක ආදිතීගෙ ගෙදර කෑම උයද්දි, ආදිතී කියනවලු, "අද ඉඳලා මට vegetarian කෑම එපා. මට Nan veg. කෑම උයන්න කියල. මේකට හේතුව අහද්දි කියනවලු "නදීශ කන්නේ Non Veg. කෑම. එක නිසා මමත් non veg කෑම වලට දැන්ම ඉඳලම පුරුදු වෙන්න ඕනෙ’’ කියලා.
මම එයාගෙන් ඇහුවම ලොකු වෙලා වෙන්න කැමති කවුද කියල මෙයා කියනව "I like to be a dermatologist. But if you want, I can be a housewife”
මෙන්න මේ වගේ පිස්සු කතා කියන බබෙක් තමා ආදිතී කියන්නේ.
අදට ආදිතීට වයස අවුරුදු 4යි. මම අද එයාට උපන්දිනයට සුභ පතන්න කතා කරාම කියනවා, ඔයා හරිම නරකයි. මම මුම්බායි ගිහින් හිටිය අතරෙ ඔයා ගෙදර ගියා නේද... අයෙත් එනකොට duty free ශොප් එකෙන් චොකලට් ගේන්න හොඳේ.
(You are too bad. You left Mangalore when I was at Mumbai ha ? Please bring chocolates from duty free shop when you are coming back to Mangalore)
I wish darling baby Adithi, a very happy B’day ! Miss you !!!magelokayahttp://www.blogger.com/profile/05177344517329424383noreply@blogger.com2tag:blogger.com,1999:blog-4647076038710552786.post-29093995278568454552011-07-17T06:46:00.000-07:002011-07-17T06:47:35.505-07:00ගුවන්තොටේ සිට.........මහකතරෙ කෙළවරක.
ජීවිතය ගෙනියන්න
පලුදු තැන් ගොතන්නට
වෙරවැරූ යෞවනි....
නැවතුමක් නොමැතිවම
ඉසිඹුවක් නොවිඳමින
රිද්මයක් නොරඳමින
හතිලමින්
ඉකි බිඳු ප්‍රියාවී....
පුoචි පුතු රැකගන්න
ණය බරින් වියැකෙන්න
පාලුවූ ගෙළවටට
රන් දමින් හැඩවන්න
දුක්ක්රියා කරන්නී....
පැයක් ඇත ගෙවන්නට
වැලි කතරෙ රැඳෙන්නට
පොඩි පුතුගේ කිරි සුවඳ
ආයෙමත් විඳගන්න
කඳුලු අතරින් වුවද,
සිනහවෙන පින්වතී.....magelokayahttp://www.blogger.com/profile/05177344517329424383noreply@blogger.com0tag:blogger.com,1999:blog-4647076038710552786.post-65000465265555969822011-07-17T06:45:00.000-07:002011-07-17T06:46:45.375-07:00මo පොඩි කාලේමාත් හිතුවා මගේ පොඩි කාලේ ගැන ලියන්න...
දවසක් අපි වීරකැටියේ ගෙදර ඉන්න දවස් වල අපේ ගෙදර කට්ටිය (මට අවුරුදු දෙකක් විතර කාලෙදි ) තoගල්ලේ බොධිය වඳින්න ගිය දවසක ගෙදර අය ගිහින් තියෙනවාමේ බොධිය තියෙන්නේ මුහුදු වෙරළට කිට්ටුව. ඉතින් වැඳලා ඉවරවෙලා, කට්ටිය මුහුදු වෙරළටත් ගිහින්. අපේ තාත්තත් යාලුවො ටිකක් හම්බ වෙලා කතා කර කර ඉන්න අතරේදි, අයියයි මායි ගිහින් තියෙනව රැල්ල පාගන්න අපිව බලාගන්න හිටපු කෙනත් එක්ක. මේ වෙද්දි අපේ අම්මට මල්ලිව හම්බ වෙන්න හිටිය කාලෙලු.
එක පාරටම මාව මුහුදෙ ගහගෙන ගිහින් තියෙනව. ටික දුරක් යද්දි මේක දැකල අපේ අයියට හරිම සතුටු හිතිල අත්පුඩි ගහ ගහ “හොඳවැඩේ, නදීශයව ගහගෙන යනවා.... හොඳවැඩේ" කිය කිය නට නට ඉඳල. මේක දැකපු අනිත් මිනිස්සුත් හිතල තියෙන්නේ මට අවුරුදු දෙකක් කාලෙදිත් හොඳට පීනන්න පුලුවන් කෙනෙක් තමයි කියලලු. මොකද ඉතින් අයියත් උඩ පැන පැන කෑගහනකොට.
මේක දැකපු අම්මට කර ගන්න දෙයක් තිබිල නැහැ, එයා හිටපු තත්ත්වේ හැටියට. අන්තිමට අම්මගෙ කෑගැහිල්ල ඇහුනු තාත්තා තමයි ඉක්මනට වතුරට පැනල මාව බේරගෙන තියෙන්නේ. එද ඉඳලා ගොඩක් දවස් යනකන් මම වතුරට බය වෙලා ඉඳලලු.
මේක අපේ අම්මලාගෙ මහගෙදර ගිය දවසක වෙච්ච සිද්දියක්.මේ වෙද්දි මට වයස අවුරුදු පහක් විතර ඇති. අයියා මට වැඩිය අවුරුදු තුනක් වැඩිමල්, මල්ලි අවුරුදු තුනක් බාලයි. :) මේ ගමන්ම මම අපේ ගම ගැන කියන්නම්කො... අපේ අම්මගේ ගම උඩයාල, වීරකැටියේ ඉඳල තව හැතැප්ම දහයක් විතර ගියාම තමයි හම්බ වෙන්නෙ....... මල්ලි ඇර, අපි ඔක්කොම ඉපදුනෙත් මෙහේ තමයි. තාත්තයි, මමයි, අයියයි තුන්දෙනාම ඉපදිල තියෙන්නෙත් එකම ඉස්පිරිතාලේ .
ඔන්න ඉතින් මෙහේ ගිය දවසක, අපි තුන්දෙනා එකතුවෙලා පොඩි රවුමක් ඇවිදින්න හිතන් ගෙදර පිටිපස්සේ තියෙන වෙලට ගියා. වෙලක් කිව්වට මේක විසාල වෙල්යායක්. වෙල මැද්දෙන් කිලො මීටරයක් විතර ගියාම හම්බ වෙනවා මහ ඔය කියල ගඟක්. අපි තුන්දෙන ඉතින් ඇවිදගෙන ගියා. මේ වෙල ගොඩක් ලොකු නිසා පොඩි පොඩි ඇල පාරවල් හරියට තියෙනවා.
ඉතින් අපිට ඔනෙ උනා මේ ඇල පාරකට බැහැලා බලන්න. අයියයි, මමයි බැහැලා අපි මලිවත් ඇල ඇතුලට ගත්තා. ටික වෙලාවකින් බලද්දි දැක්කා මල්ලිව ගහගෙන යනවා. අපි දෙන්න කොහොම හරි එයාව බේර ගත්තා. දැන් ඔක්කොම ටිකක් බය වෙලා වගේ. මොකද, තුන්දෙනාගෙම ඇඳුම් තෙමිල, මල්ලි මඩ ඌරෙක් වගේ වෙලා. අපි ආයෙත් ගෙදර එන්න පිටත් උනා. මේ අතරේ අපි අයියා කියනව.. "මල්ලි... මේක කාටවත් කියන්න එපා. අපි ගෙදර ගිහින් ඇඳුම් මාරු කරගමු අම්මලාට හොරෙන්" කියල.
මෙහෙම එන අතරේ අපි දුර පාරකින් ගෙදර යන්න හිතාගෙන වෙන පාරකින් ගෙදර කියා. යද්දි ඇලක් දැකලා අපි ඇලෙනුත් එගොඩ වෙලා කොහොමෙන් හරි ගෙදර ආවා.
මම ගෙදර ආපු ගමන්ම ඔක්කොම කියපු දේවල් අමතක උනා. මම අම්ම ලඟට ගිහින් කිව්වා, “හරි වැඩේනෙ අම්මෙ උනේ අද, හැබැයි මට ඒ කතාව කියන්න බැහැ, ලොකු අයියා කියන්න එපා කිව්වා " කියල. අයියා ඒ වෙලාවේ දත් මිටි කකා හිටියේ මම වාර්තාව අම්මට ඉදිරිපත් කරන නිසා.
අපේ අම්මත් කලබල වෙලා, කියන්න මොකක්ද උනේ කියල ඇහුවා. අපි කවුරුවත් කිව්වේ නැහැ. ඊට පස්සෙ අම්ම කියනවා... "මට නදීව විශ්වාසයි. එයා මට මොනව වත් හoගන්නේ නැහැ, එන්න මගෙ රත්තරන් පුතේ, මo ගාවට ඇවිල්ල කියන්න" කියල. මම ඉතින් අපේ අම්මගේ මානසික අල්ලසට රැවටිලා, අයියගේ මූන දිහා බල බලා වෙච්ච දෙවල් ඔක්කොම කිව්වා. මේක අහපු අපේ පොඩි අම්මා (අම්මගේ දෙවෙනි නoගි ) ගොඩක් බය උනේ අන්තිමට එගොඩ උන ඇල ගැන අහල. ඒක නයි පොලොන්ගු විමානයක් ලු. අම්මා පොඩ්ඩක් බැන්නා. ඒත් ගැහුවේ නම් නැහැ.
ඉස්සර අපි තුන්දෙනාට කියා ගත්ත නම් තමයි මේවා......
“රන් ගොවියා - ගොන් රවියා”
“නදීශ නරියා - නරක ළමයා”
“චානක කුලුහරකෙකි, නෑ නෑ නරක ළමයෙකි”...........
අපේ ගෙදරට (කැස්බෑවේ) එහා ගෙදර හිටියා නිපුනි කියල පොඩි ගෑණු ළමයෙක්. ඒ දවස් වල මෙයාට වයස අවුරුදු තුනක් විතර ඇති. අපි මොනව හරි කෑවොත් එයාටත් ඒ දේම කන්න ඕනෙවෙනවා. අපි කට හෙලෙව්වොත් එයා අහනවා. "මොනවද ඔයා කන්නේ... " අනේ මටත් දෙන්නකෝ කියලා. " දවසක් මෙයා අපේ ගෙදර ඇවිල්ල අහනවා "මොනවද ඔය කන්නේ" කියල අපි ඒ වෙලාවේ මොනව හරි කකා කිටියා. අපි එයාට කිව්ව "මේ අපි ඉස්සරහ ගහේ කොච්චි කරල් තමයි කන්නේ" කියල
ටික වෙලාවක් බලද්දි නිපුනි බබා පේන්න හිටියේ නැහැ. ටික වෙලාවකින් අපිට ඇහෙනවා එහා ගෙදර පැත්තෙන් නිපුනි කෑ ගගහ අන්ඩන සද්දේ.... මෙයා අපිටත් නොකියාම ගහෙන් කොච්චි කඩන් ගෙදර ගිහින් කාලා. මේකට නම් හොඳට බැනුම් ටිකක් ඇහුව අම්මගෙන්.
මේකත් අපේ අම්මයි මායි, පොඩි අම්මයි ගමනක් යද්දි වෙච්ච දෙයක්. අපි කොහේ හරි යන්න හිතාගෙන බස් එකකට නගින්න හදද්දි, බස් එක ඉක්මනට යන නිසා අම්ම මට කියල තියෙනවා "බස් එක නැවත්තුව ගමන් ඩොග් ඩොග් ගාල නගින්න" කියලා. මම කරල තියෙන වැඩේ, බස් එක නැවත්තුව ගමන්ම පළවෙනි පඩියට නැගල, දිගටම "ඩොග් ඩොග් ඩොග්" ගගා ඉඳලා.
තව දවසක් අපේ ගෙදර අම්මයි තාත්තයි නැති අතරේ අයියයි මමයි සුපුරුදු පරිදි වලියක් දා ගත්තා. දෙන්නම හොඳට ගුටි කෙළ ගත්තට පස්සෙ මට මල පැනලා, මම දුන්නා හොඳ පාරක් අයියට මිට මොලවලා. අයියා ටිකක් වෙලා මගේ දිහා බලාගෙන ඉඳලා එක පාරටම බිම වැටුනා. මම අයෙත් පයින් පාරක් දුන්නා මොකක්ද මේ නාටකේ කියල බලන්න. සද්දයක් නැහැ. මම නහයට අත තියල බැලුවා හුස්ම ගන්නවද කියල, හුස්ම ගන්නෙත් නැහැ. මට දෙලෝ තරු පෙනුනා. කතා කරල බැලුවත් සද්දයක් නැහැ. මම හිතා ගත්තා අපේ සදාදර ලොකු අයියාට දිවිය ලෝකයට උසස් වීමක් ලැබුනා කියලා .
කරන්න දෙයක් නැහැ, වෙලාව හවස තුනට විතර ඇති. අම්මා ගෙදර එන්නෙත් හතරට විතරනේ. අම්මා ආවට පස්සේ අම්මගෙන් බැනුම් අහන්නත් වෙනවනේ අයියව මැරුව නිසා. ඒක නිසා මම ගියා අපේ ගෙදර පිටිපස්සේ තියෙන ඩිපෝ වත්තට. මේකෙ ලොකු වෙරලු ගහක් තිබ්බා. මම ඒකෙ වෙරලු කඩ කඩා අයියා ගැන හිත හිතා හිටියා. මට ඔක්කොටම වඩා මතක් උනේ අම්ම ඇවිත් මට බනින හැටි, තත්තා ඇවිත් වේවැලෙන් මට ගහන හැටි.
ටික වෙලාවකින් හවස හතරට විතර මැරිල හිටිය අයියයි, අම්මයි ආවා මාව බලන්න ඩිපෝ වත්තට. එදා නම් මට නොන්ඩි සාගරයක්.
වින්දෙමු මෙසේ....
පළමු කොටස
මා දෙවියේ එක් සොඳුරු තෙවසරක් පිළිබඳව තබනා වූ සටහනකි මේ...
2008 ජුනි මස 26 වැනි දින මෙහි මා පැමිණි අවදියේ මාගේ සිතුවිලි කෙසේ වීදැයි සිතා ගැනීමට මට අද කොහෙත්ම නොහැකිය. මෙයට හේතුව කුමක්දැයි මෙම සටහන අවසානයේ ඔබට අවබෝධ වනු ඇත.
මා සමාගමයට මුලින්ම එකතුවන්නේ රoගික, තිලාන් සහ ප්රෝසාද් වේ. එකිනෙකාට ප්රුතිවිරුද්ධ අදහස් හා ගතිගුණ ඇති මොවුන් තිදෙන විශ්ව විද්‍යාලයේ ලාoකික සිසුන් අතර ප්‍රකට "ත්‍රිවිධ රත්නය" නමිනි. මෙයට හේතුව ඔවුන්ගේ වාසගම් අගට "සෝමරත්න", "කවිරත්න" සහ "ගුණරත්න" ලෙස "රත්න" යන්න තෙවරක් යෙදී ඇති බැවිනි. මාගේ ප්‍ර"ථම නවාතැන වූයේ "විවේකානන්ද නගර්" හි වූ ඔවුන්ගේ බෝඩිමයි.
සෑම ඉරිදා දිනකම විශ්ව විද්‍යාලයීය ලාoකික සිසුන්ගේ වාස භවන මෙය වේ.එම නිසා ඉරිදා දින වලදී මෙය "විවේකානන්ද ලොජ්" බවට පත්වේ. මේ හේතුව නිසාවෙන් සෑම ඉරිදාවකට දින දෙක තුනකට පොරොතුව ඔවුන්ගේ පෙර සූදානම් වීම් සිදුකරනු ලැබේ.
ශෂී දින පහ හයකටම පෙර සිටම උදේ - හවස "පැක්" දැමීම සිදුකරයි. දක්ෂී මේ සඳහා "කඩල පිටි" යොදයි. නවා ඇයගේ කොණ්ඩය දන්නා උපරිම අයුරින් සකසයි. සමහරෙක් කොණ්ඩය අයන් කරයි. මධු බ්ලීච් කරයි. හිරුණි සහ උදාරා ඔවුන්ගේ අඩුපාඩු බලා රූපලාවන්යඩ උපදෙස් සපයයි. මේරියන් ආක්කාට නම් පැක්, බ්ලීච්, කොන්ඩා මෝස්තර යන සියල්ල අවශ්‍යය වේ.
මේ අතර රoගික ඔහුගේ සුවඳ විලවුන් බෝතල් ස්නානය පටන් ගනී. කවී ඔහුගේ "ඔරේන්ජ් මාස්ක්" එක දා ගන්නා අතර ප්රඩසාද් මයිසූර් ක්‍රී ම්ගා ලේබලයට අනුව උනු වතුරෙන් මුලින් සෝදා පසුව සිසිල් ජලයේ සොදයි.
ඉරිදා උදෙන්ම නැගිට මම, රoගි, කවී සහ ප්‍ර සාද් මුලු ගෙදරම අස් කරයි. මේ අතර සියලුම රෙදි වැලවල් වල ඇති රෙදි පෙට්ටගම් තුලට යයි. (ගැහණු ළමයි එන නිසා එසේ කරන්න යැයි රoගිකගෙන් විශෙෂ නියෝගයක් ලැබේ.)
ප්රෝසාද් ගේ කාර්යය ගිණුම්කරනය සහ කඩේ යෑම නිසා ඔහු ඉරිදා උදෙන්ම හාල්, පොල්, ලූණු, මිරිස්, ලුනු, තක්කාලි, අල, පපඩම්, කිරි පිටි, සීනි ආදිය කන්ද උඩ අoකල් ගේ කඩෙන් ගෙනත් තබයි. මෙයට මාද සහභාගි වෙයි.
උදේ 10 - 11 වන විට ඉස්කෝලේ ඇරියා මෙන් සියල්ලෝ අප නිවසට පැමිණෙයි. ඉන්පසු ප්රනඩාන කාර්යය දවල් ආහාරයයි. සියල්ලන්ම එකතුවී, විශෙෂයෙන් දිනේෂ්, රoගි, ප්ර්සාද්, මම, උදාරා, දක්ෂි එකතුවී දහවල් ආහාරය පිළියෙල කරයි. මෙහිදී විශේශයෙන්ම සඳහන් කල යුත්තේ ශෂීද පපඩම් බැදීම සඳහා නොමසුරුව දායක වන බවයි.
කල්හාරී ගැනද මෙහිදී සඳහන් කල යුතුමය. ඉරිදා දින වලදී ඇය නොපැමිණියත් සමහර දින වලදී ඇය පැමිණෙනේ නූඩ්ල්ස් සාදා ගැනීමටයි. රුපියල් පහේ මැගී නූඩ්ල්ස් පැකට් එකක් අරගෙන එන ඇය කියන්නේ... "අනේ අයියා.... නිකන් මොකටද නාස්ති කරන්නේ" කියාය. කුමක් වුවත් ඇයට අප තේ හදන්න ඉඩ නොදෙන්නේ ඇය තේ සාදන අන්දම අප ප්රාකයෝගිකව දන්නා නිසයි. එය කෙටියෙන් දැක්වුවහොත්, ඇය එක් තේකක් සාදන්නට පිටි හැඳි 7ක්, සීනි හැඳි 7ක් සහ වතුර කෝප්ප 7ක් දමන්නේ නිවසේදී ඇය තේ හදන්නේ හත් දෙනෙකුට බැවිනි.
මින් පසු ඇරඹෙන්නේ ඕපාදූප වටයයි. මෙහිදී ප්‍ර කට මාතෘකා වශයෙන් අහල පහල විශ්ව විද්‍යාලවල ලාoකික සිසුන්, ඔවුන්ගේ ගැටලු, ඔවුන්ගේ නඩු හබ, පෙම් සබදතා, අප විශ්ව විද්‍යාලයේ එවැනි ගැටලු ආදියයි. මේ අතර මම, උදාරා සහ සුපුන් ටෙරසයට ගොස් අපට අදාල දෙයක් කතා කරයි. මෙහිදී බොහොවිට අප විෂය වන්නේ අප ජේෂ්ඨ සිසුන්ය. (සුපුන්, අකලOක, උදාරා, හිරුණි මා සමඟ එකම වසරේ විශ්ව විද්‍යාලයට පැමිණියෝය.)
ඉන්පසුව ඇරඹෙන්නේ නවාගේ "කාඩ් කුට්ටමේන් විවාහ දිවියේ පලා ඵල කීමයි" මෙයට අවශය්යර වන්නේ තම පෙම්වතාගේ හෝ පෙම්වතියගේ නමේ අකුරු සoඛ්යාිව පමණි. ප්රේකමයට අදාල වූ දෙමපිය අනුමැතිය, යහලුවන්ගේ උදව්, විවාහ වන වයස, පෙම්වතාගේ හෝ පෙම්වතියගේ පෙර තිබු සම්බන්ධතා, අනාගතය, දරුවන් සoඛ්යා,ව ආදී සියලු පලා ඵල එසැනින් ලබා ගැනීමට ඔබට හැකිවනු ඇත.
හවස තේ වෙලවටද පෙට්ටගම් වලින් ලoකාවේ සිට ගෙන ආ සමපෝෂ, ක්රීැම් ක්රැේකර් ආදිය එළියට පැමිණේ.
මේ අතරතුර මධූ සහ මම අඹ අච්චාරු සඳහා සූදානම් වේ. අප එම නිවසේ අසල්වැසි නිවසේ විශාල අඹ ගසකි. මෙහි ගෙඩි කැඩීමට සුදුසුම වේලාව හවස හතරට පමණ වේ, මක්නිසාද යත් එම නිවසේ අයිතිකරු නිදා ගන්නා වේලාව මෙය බැවිනි.
මෙදිනද සුපුරුදු පරිදි මධූ, මම හා ප්රේසද් කෙක්කත් රැගෙන අප ටෙරසයට (Roof Top) නැග්ගේ අඹ කැඩීමටයි. මධූ කෙක්කෙන් අඹ කැඩීමට පටන් ගත්තාය. ඇයට එම කාර්යය ඇතිවන ස්වරූපයක් නම් නොපෙනිනි. අඹ ගෙඩි 10 - 15ක් පමණ බිම හෙලිනි. මේ අතර ප්රනසද් පහලට බැස්සේ කැඩූ අඹ ඇහිලීමටයි. ටිකකින් ඇසුනේ මධු නoගිගේ කටහඬයි....
"නදීශ අයියා...... නදීශ අයියා.... අන්න අර මිනිහා ගහ මුල බලන් ඉන්නවා... දුවමු... දුවමු...."
එදා අපේ අන්තිම අඹ අච්චාරු දවස විය. අප නිවස දෙසට වූ අතු ටික දිනකින් කපා දැමු අතර, ඉතුරු අඹ ගෙඩි හැදුනු වහා කඩා ගන්නා ලදී.
අප විශ්ව විද්‍යාලයේ ගැහණු ළමුන්ට එලියට යෑමට ලැබෙන්නේ ඉරිදා දිනවල පමනි. අනිත් දින වලදි එලියට යෑමට නම් විශේශ අවසරයක් ලබා ගත යුතුය. නගර සීමාවෙන් එලියට යෑමට නම් දෙමාපිය අවසරය අනිවාර්ය වේ. ශෂී මේ අවසරය ලබා ගන්නේ අපූරු ආකාරයකටයි.
ඇය පළමුව නේවාසිකාගාරයේ ටෙරසයට (Roof Top) නැග කාර්යාලයේ ඇති පරණම, CLI පහසුකම් නැති දුරකථනයට ඇමතුමක් ලබාගනී..
ඇයගේ කතා විලාශයද (Accent) ඇමරිකානු ස්වරූපයට සකසා ගනි.
Hellooooww... Itz me, Shashika’s mother from Sri Lanka. My daughter needs to go to Mysore to meet her cousin. Can you please let her go ?? Please !!! :)
පිළිතුරක්ද ලැබේ...
OK M’am.. Thank you.
මේ නිවසේ බොහෝ කාර්යයන් සිදුවිය. කෑම පිළියෙක කිරීම, කාමර අස් පස් කිරීම, කුණු අස් කිරීම. මේවා Duty Roaster එකකට අනුව සිදුවිය.
ප්රාියෝගික පරීක්ෂණ කාලයේ (මාර්තු - අප්‍රේ ල්) සහ (සැප්තැම්බර් - ඔක්තොම්බර්) මේ නිවස ක්ර මයෙන් නගර සභා කුණු ගොඩක් බවට පෙරලේ. සති අන්තයේ සියලුම පාහේ ශ්‍රීrලාන්කීය සිසුන් මේ නිවසට පැමින ප්රාියෝගික පරීක්ෂණ සඳහා සූදානම් වේ.
ප්‍රාසාද් හා සුපුන් කාඩ්බෝඩ්, ෆෙවිකෝල්, සහ ලී කෑලි වලින් කාමරය පුරවයි. මේ ඔවුන් ගෘහ අභ්‍යoන්තර අලoකරණ (Interior Design) උපාධියක් හදාරන නිසයි. මධු, රන්ගි, කවි, දිනේශ් හා මම මේ සඳහා දයකත්වය ලබා දෙන්නේ පරණ කාඩ්බොඩ් හා මැගසින් වලිනි. මේ අපගේ සත්කාරක සේවා විද්යාමව (Hospitality Science)පිලිබඳ උපාධියේ ජර්ණල් සෑදීම සඳහායි.
අකලoක, උදාරා, හා නවා පරණ රෙදි කෑලි, රේන්ද වලින් කාමරය වනස දමයි. මේ ඔවුන් මොස්තර නිරූපන (Fashion Design)උපාධි හදාරණ බැවිනි.
මේ ජනවාරි මාසෙ දෙවෙනි සතියෙ දවසක්. මම මහේ හෝටලේ ඉඳලා ගෙදර එන්න හිතන් දවල් දොළහට විතර ගියා බස් හෝල්ට් එකට. කණ්ඩලම කියන්නේ ටිකක් දුෂ්කර පැත්තක්නේ... කොහොම හරි බස් එකක් එන්න තව පැයක් විතර ගියා. මගේ හෝටලේ ඉඳලා දඹුල්ලට එන්නත් විනාඩි හතලිස් පහක් විතර යනවා.
මේ පාර තමයි මම ලoකාවේ ගිහිල්ලා තියෙන ලස්සනම පාර. කණ්ඩලම වැව උඩින් බස් එක යනකොට කොච්චර ලස්සනද කියල ගිහිල්ලම බලන්න ඕනේ. බස් එක සපත්තු පාලම උඩින් යනකොට ගොඩක් ලස්සනයි තමයි. ඒත් ටිකක් අනතුරු සහිතයි. ඒත් දැන් නම් අලුතින් පාලමක් හදනව කියලා ආරන්චී. වෑවල - දඹුල්ල බස් එකේ තමයි මම යන්න ඕනෙ. කණ්ඩලම වැව වාන් දමන දවසට නම් ටිකක් දුර පයින් ඇවිදගෙන ගිහින් කිඹිස්ස කණ්ඩලම බස් එකක, හන්දියට යන්න ඕනෙ.
මේ සපත්තු පාලම පහුකරලා ටික දුරක් යනකොට හම්බ වෙනවා ඉස්කෝලයක්. මේක කණ්ඩලම, දඹුල්ල ඩී. එස්. සේනානායක විද්‍යාලය. මම මේ ඉස්කෝලෙ පහුකරල යනකොට හැමදාම බලන්න අලුත් දෙයක් තියෙනවා. අපි ඉස්කෝලෙ යනකොට අත් නොදැකපු දෙවල්.
එක දවසක් යනකොට පහ වසර වගේ පන්තියක ළමයි රවුමක් විදියට වට වෙලා බිම ඉඳගෙන ඉගෙන ගන්නවා. ගුරුතුමී රවුම මැද. ඔක්කොම ළමයි සහ ගුරුතුමී බිම ඉඳගෙන හිටියෙ. අපිත් පන්ති කාමරෙන් එළියෙ පුටු රවුමට තියාගෙන පාඩම් ඉගෙන ගත්ත තමයි. ඒත් ඒ පොඩි වෙනසකට. මේක පන්ති කාමරයක අඩු පාඩුවක්ද, නැත්තම් වෙනසකටද කියල නම් මම දන්නෙ නැහැ. තව දවසක් ඉස්කොලෙ ළමයි 50ක් විතර එකතු වෙලා කොට්ටම්බා තලනවා. :) සමහර දවසට ළමයි ගස් උඩ. :)
කොහොමින් කොහොමහරි, මම එදා බස් එකේ යද්දි මේ ඉස්කොලෙ පහුකලේ ඉස්කොලෙ ඇරෙන වෙලාවට. දවල් දෙකට විතර ඇති. බස් එක පිරෙන්නම නැග්ගා ඉස්කොලෙ ළමයි. මම ඉඳගෙන හිටිය තැනට ආපු ළමයි ඔක්කොම ටික මගේ උකුල උඩින් තිබ්බ පොත් බෑග් ටික. (අපේ කාලෙට වඩා නම් බෑග් එකේ බර ටිකක් අඩු වෙලා වගේ.)
ටිකෙන් ටික ටිකෙන් ටික මගෙ උකුල උඩ පොත් බෑග් දහයක් විතර. :) ටික දුරක් යනකොට එක එක්කෙනා තමන්ගෙ බෑග් ආයෙත් ඇරලා සල්ලි දුන්නා බස් එකට. :)
තව ටිකකින් මේගොල්ල බෑග් ඇරල ඊව ඇතුලෙ තියෙන කෑම ජාති එලියට අරන් එක එක්කෙනාට බෙදල දීල කන්න පටන් ගත්තා. සෙනග පිරිච්ච බස් එකත් හරි හයියෙන් යනවා. ඒත් මේ අයට ගානක්වත් නැහැ.
එක්කෙනෙක් එලියට ගත්තා පෙර ගෙඩි වගයක්. අනිත් එක්කෙනා මුරුක්කු. :) ඔහොම ඔහොම හැමෝම එක එක කෑම ජාති බෙදාගෙන කන්න පටන් ගත්තා.
පොඩි කාලේ, අපේ ඉස්කෝල් ගාව හිටියා අච්චි කෙනෙක්, පේර, වෙරලු, අච්චාරු විකුණන්න. මෙයාට අපි කිව්වෙ "වෙරලු ආච්චි" කියලා. එයා ගැන නම් වැඩිය විස්තර ඕනේ නැහැ. මොකද ඉතින් නෝන්ඩි වෙන්නේ මමම තමයි. :) :)
ටික වෙලාවකින් ඔක්කොම වගේ ළමයි බස් එකෙන් බැහැලා ගියා. යද්දි ඉස්කෝලෙ හය වසර විතර හිටිය එක ළමයෙක් තව ළමයෙක්ට කියනවා.. මේ... හවස පන්ති එනවා නේද ? මම ගෙදරින් එන්න කලින් ඔයාගෙ අම්මගේ හෑන්ඩ් ෆෝන් එකට රිo කට් එකක් දෙන්නම්. ඔය එතකොට එලියට එන්නකෝ. මතක ඇතුව රoජිත් ස'ර් ගේ ටියුට් ටිකත් අරගේන එන්න.....
මමත් දඹුල්ලට ගිහින් කොළඹ - ත්‍රිකුණාමලය බස් එකක නැගලා කොළඹට ආවා....magelokayahttp://www.blogger.com/profile/05177344517329424383noreply@blogger.com0tag:blogger.com,1999:blog-4647076038710552786.post-17063786070052762972010-12-09T08:42:00.000-08:002010-12-09T09:01:34.438-08:00මගේ සමරුපොතපහුගිය දවස් වල මම ගෙදර ඇවිත් පරණ පොත් රාක්ක්කයක් අවුස්සද්දි මට හම්බ උනා 1997 දි, එකියන්නේ මීට අවුරුදු දහ තුනකට කලින් මම පාවිච්චි කරපු සමරු පොතක්. දන්න විදිහට කිව්වොත්, Autograph book එකක්.
මට මේක කියවද්දි පරණ යාලුවො මතක් වෙච්ච එකට වඩා ඒ ලියල තියෙන ඒව දැකල හිනා ගියා. මම ඒවයින් ටිකක් විතරක් කියන්නම්.....
මම මේක පටන් ගෙන තියෙන්නේ මෙහෙමයි..... (මම ලියපු එකක් නම් නෙමෙයි.. මේක මට ලියල දුන්නේ අපේ මට ලියල දුන්නෙ අපේ කුමාර අයියා...(කුමාර හේවගේ))
“එක්ව සිටියත් අද රන් රස විලස
දුරස් වෙනු ඇත අප එකිනෙකාගෙන්,
යම් දිනක ඉදිරියේ, තබනු මැන සමරුවක්,
මගේ මේ පුoචි සමරුවේ..
සිහිවන්නට ඒ සොඳුරු අතීතය.”
.......නදීශ රoගනාත් පල්ලියගුරු.......
ඊලඟ එක නම් ටිකක් හින යනා එකක්. මේක ලියල තියෙන්නෙ ශානිකා කියල මගේ යාලුවෙක්. මේකෙ තිබ්බ දෙවල් ඒ දවස් වල තේරෙන්නෙ නැතුව තියෙන්න ඇති අපිට. අනිවර්යයෙන්ම මට හිතෙන්න ඇත්තෙ ඒ දවස් වලත් ශානිකාගේ සාහිත්යත දැනුම ඉතා ඉහල මට්ටමක තියෙන්න ඇති කියල...
“පාසලේදී
හිතාදර මිතුරු නදීශ,
ජීවිතයේ එක් සොඳුරු ළමා වියක,
ශිල්ප උගත් මා සුමිතුර සිහිවී යලිත්....
පැමිණියෙමි දකින ලෙස ඔබ වතකම,
පෙරදිනේ සිනාසුන ඔබ ගොලු වෙලා....
ඇයිද මා නොදන්නා ලෙසින් නිහඬ,
පරිසරය බිඳිමින් ඉඳ හිට උලමෙකු පමනක් හඬ නoවයි,
යහන් කෙඳිරිය අතරින් ඉකි බිඳුමකුත් ඇසේ.....
මෙදින ඔබ ගොලුවෙලා නොහඳුනන ලෙසින් මා...
මෙයට ඔබේ සදාදර මිතුරි
ශානිකා”
මේක ගයානී ගෙන්............................
“1998/06/18
සිසු පුටුවේදී,
මා දයාබර මිතුර N. R. P. ,
ඉගෙනීම නැමති යතුරෙන් ජීවිතය නැමති ආලින්දයට පියනගන්න.
ඔබට මල් මල් අනාගතයකට සුභ පතමි.
මීට,
ගයානි”
මේක ලිව්වෙ අචලා.................
“1998/06/18
සිසු පියසේදී,
සොයුරු නදීශ,
ඉගෙනීම නැමති රත්තරන් වස්තුව ඇති පාසල නම් සිප් හලට ඇතුලු වනවිට, ආදරය නැමති සවන මන් මත් කරන පාවහන් ගැලවිය යුතුයි....
ඔබට දුකෙන් තොර සැපෙන් බර අනාගතයකට ආසිරි පතන මා,
අචලා”
මේක ලිව්වෙ දිනූශා. මතකද අපි එයාට කිව්වේ "සායි බාබා" කියල. (එයාගේ කොන්ඩෙ නිසා) :) මම දන්නව දිනූශා මේක දැක්කොත් තරහ වෙන එකක් නම් නැහැ.
“අමතමි සොයුර ඔබහට,
විද්යානවෙන් අවිද්යාතව දුරුවේ,
ජීවිතය යනු විලක පිපි නෙලුමකි,
සුන්දරත්වයේද, අසුන්දරත්වයේද සoකේත විලෙහි ඇත්ත සේ මට හැඟේ,
ඔබ එහි පිපි නෙලුමක් නම්,
සුවඳවත් බව දසත පතුරන මැනවි
මෙයට ඔබගේ හිතවත් මිතුරිය... දිනූශා”
මේක දිනූශ දමිත් ගෙන්. (දොඹයා)........
“99-11-23
පාසලේදී,
මිතුරන් + කරගන්න
සතුරන් - කරගන්න
ඉගෙනීම X කරගන්න
සාම්‍ය :- ගන්න
මීට මිතුරු,
දිනූශ”
මේක තමයි මට කසුන් ලියල තිබ්බේ...
“දයාබර සොයුර,
98-06-18,
විදු මවු තුරුලේදී,
උත්තරීතර දෙමාපියන්ගේ මැණික් වැනි ඔවදන් පිලිගන්න. ඉගෙනීම නැමති පාසලට ඇතුල්වීමේදී, ආදරය නැමති පාවහන් ගැලවන්න. ඉන් 90%ක්ම සාර්තක වෙවි,
සුවබර අනාගතයකට ආසිරි පතන මා...
කසුන්
Wish you all the best. I love you.”
දසුන් ගෙන්....................
“98.06.18,
සිසු පුටුවේ,
විදු මවු තුරුලේ හමුවූ අපි, කවදා හෝ යලි වෙන් විය යුතුයි. යලි හමුව බලාපොරොත්තුවෙන් වෙන්ව යමු අප මෙලෙසින්..
ඔබට මල් මල් අනාගතයක්....
මා දසුන් මිතුරා...
(තිලින දසුන් ආරියසිoහ)”
මලිත් ගෙනුත් එකක්.................
“1998/06/18
සිසු පියසේදී,
විදුහල නැමති සිප් මවුගෙන් ශිල්පය පමණක් ගෙන කටු ගොඩවල් හා අනවශ්යන දෑ ඉවත දමා යන ඉදිරි ගමන බොහෝ දුරය.
මිනිස් කම පරදා සල්ලි රජවූ මොහොතක ඔබ යන ගමනට ආසිරි..
මීට සොයුරු,
මලිත ජයලත්”
මේක මට ගොඩක් වටින එකක්... මමත් එක්ක 1996 ඉඳන් අද වෙනකන් (අවුරුදු 14ක්) ඉස්සර වගේම හොඳ යලුවෙක් වෙච්ච ටීනා ගෙන්....
"මතකය ඇසුරින් සිහිකර ගන්න"
30.06.2000
සුපුරුදු විදු බිම,
ප්‍රාන සරි සොයුර,
කෙලි බිම, පන්ති කාමරය,
සිනා සිත්, නිල් දෙනයනය,
සුන්දර අපේ ලෝකය....
එනමුදු සොයුර,
කාලය පමිණ ඇත,
සමුගන්නට ඔබෙන්,
ඉඳින් ඔබේ මතකය ගෙන...
ඉගිල යමි මගේ ලොවට,
සමුගන්නෙමි ඔබෙන්, යලි ඔබේ මතකයේ සැරි සරන සිතින්
මා... ටීනා නිලක්ෂි ධර්මතිලක.
Dear Nadee, wish you all the best !!!
ලිපිනය : xxxx, xxxxxxxxxx, xxxxxxx
දුරකතන අoකය :0112 – xxx xxx”
මේ මගේ නැති වෙච්ච පොත් දෙකෙන් එකක තිබ්බ ඒවා විතරයි.. හිමායනී, සකුන්තලා, චාමර, කුමාර, නිලේශ්, දුල්මිනි, ගිහාන්, පාටලී, අසoක, වගේ යාලුවො ලියපු අනිත් පොත තාම මට හම්බ උනේ නැහැ. හම්බ වෙච්ච ගමන් දාන්නම්....
"Happiness is time spent with a friend and looking forward to sharing time with them again."
- Lee Wilkinson
ඉන්දියාව ගැන කතා කරද්දි, ඉන්දීය සිනමාව ගැන කතා නොකරම බැහැ. ඉන්දියාවෙ ඉන්න මිනිස්සුන්ගෙන් වැඩි දෙනෙක් සිනමාව නිසා පිස්සු හැදුනු මිනිස්සු. මගේ නේවාසිකාගාරයෙත් ඉන්නේ ඒවගේ පිස්සො ටිකක් තමයි.
මමත් මෙහේ ආවට පස්සේ චිත්‍රපටි කීපයක්ම බැලුවා. පළවෙනි එක තමයි "Rabne bana di Jodi"මේක බලන්න ගියේ රoගිකයි, නවම්මලියි, එයගේ අක්කයි එක්ක.
ඊට පස්සෙ ගියෙ "Gajini" බලන්න. මේකට නම් ගියේ තනියෙම, මොකද ඒ වෙද්දි නේවාසිකාගාරයේ ඔක්කොම “දිවාලි” උත්සවයට ගෙවල් වල ගිහින් හිටපු නිසා.
ඊට පස්සෙ ගියේ මගේ බැච් එකේ යාලුවො තුන් දෙනෙක් එක්ක "We are a Family" කියල අලුත් චිත්‍රපටියක් බලන්න. මේකෙදි අපි චිත්‍රපටිය බලනවට වඩා කලේ වටේ පිටේ හිටපු අනිත් මිනිස්සු අඬනවා බලපු එකයි, නිදාගෙන හිටපු යාලුවො අවදි කරපු එකයි, පොප් කෝන් ටික ඉවර කරන්න මහන්සි වෙච්ච එකයි විතරයි, මොකද මේකෙ වැඩි හරියක් තිබ්බේ එක ගෙදරක මිනිස්සු ටිකක් අඬපු හැටි විතරයි.
අපි ගිය සතියෙ දවසක අපේ මොහන් කියලා තමිල්නාඩු යාලුවෙක් කතා කලා "එන්දිරන් (Robot)" කියලා චිත්‍රපටියක් බලන්න යන්න. මේක ද්‍රවිඩ චිත්‍රපටියක්. මේකෙ හින්දි චිත්‍රපටිය තිබුනත් අපේ කට්ටිය කැමති උනේ ද්‍රවිඩ එක බලන්න. නිෂ්පාදනය කරන්න්න ඉන්දියානු රුපියල් ක්‍රෝර් 150 විතර වියදම් කරල තියෙනවා. (ශ්‍රී ලoකා මුදලින් රුපියල් බිලියන 3.75)
මේක තමයි මගේ ජීවිතේ ලබපු හොඳම සිනමා ශාලා අත්දැකීම. ......
චිත්‍රපටිය පටන්ගෙන විනාඩි කීපයකින් ප්‍රධාන නළුවා, “රැජිනි කාන්ත්” පෙනී හිටියා. චිත්‍රපටිය බලන්න ආපු දාහක් විතර මිනිස්සු මුලු ප්රෙක්ශකාගාරයම දෙවනත් වෙන්න කෑගහමින් තම සතුට පල කලා. මේක මට අලුත්ම අත්දැකීමක්. විනාඩි කීපයක්ම යනකන් මිනිස්සු ආසන වලින් නැගිටලා අත්පොලසන් දෙන්න පටන් ගත්තා.
ඊලඟට ආවේ අයිශ්, (අයිශ්වර්යා රායි බච්චන්). ප්‍රධාන නිලිය,
මැoගලොර් ඇගේ බලකොටුව හා සමානයි. මොකද මැoගලොර් තමයි ඇය උපන් ගම.
හිතාගන්න පුලුවන් නේද කොයි වගේ පිළිගැනීමක් තිබුනද කියලා. මිනිස්සු තමන් පැලඳගෙන හිටපු කමීස, ජටා, ලේනු, තොප්පි වගේ දෙවල් තිරය පැත්තට විසි කලා. ඒ තමන්ගේ ආසම නිළිය දැකීමේ සතුටට. මේක බලද්දි මට හිතුනේ බලන මිනිස්සුන්ට මේක චිත්‍රපටියක් කියල අමතක වෙලා කියල. ප්‍රතිචාර ඒතරම්ම සජීවි.
මේ චිත්‍රපටියේ එක දර්ශනයක් තියෙනවා අයිශ් කෝලාහලයකට මැදිවෙනවා. මේ වෙලාවෙදි මිනිස්සු තම ආසන වලින් නැගිටලා "හින්දි","කණ්නඩා","තුලු" වගේ භාෂා වල අසැබි වචන වලින් කෑගහනවා. මේකට හේතුව චිත්රපටියකදි හරි ඇයට මෙවැනි තත්වයක් උද්ගත වීම.
තත්වය තවත් දරුණු උනොත්, ආරක්ශක නිලධාරීන්ගේ උදව් ගන්නත් වෙනවලු.
මේ වගේම තමයි "සිප ගන්න දර්ශන"
මේවෙලාවෙදිත් කෑගසමින් නොසතුට පල කරනවා... මේ තරු ඔවුන්ට තමන්ගේ ජීවිත හා සමානයි. ඉදිරි පෙල අසුන් ඉස්සරහට ප්ලාස්ටික් බොතල් ප්‍රහාර, කඩදාසි ගුලු ප්‍රහාර එල්ල වෙන්නෙත් මේ වගේ වෙලාවට තමයි.
මේ වගේ දර්ශනයකදි මට එහා පැත්තේ හිටිය අවුරුදු විසි පහක විතර කෙනෙක් නැගිටල හයියෙන් කෑගහන වා "Kya hai yaar" කියලා.
මම මේ චිත්‍රපටියට අකමති වෙන්න හේතුව තමයි මේකේ සජීව කරන (Animation) අනවශ්‍ය විදියට පාවිච්චි කරල තිබීම.
අපි දෙමව්පියො, වැඩිහිටියො දිහා බලන විදිය වයසත් එක්ක වෙනස් වෙනවා කියන එක ලඟදි දවසක් මට කල්පනා කරද්දි ගොඩක්ම හිතුනා.
මම පොඩි කාලෙදි මගේ යලුවෙක් කිව්වා (2 වසරෙදි )
"ඔයාගේ අම්මා නම් හරි නපුරුයි. එයා ඊයෙ මගේ දතක් ගැලෙව්වා. ලේ ගොඩාක් ගැලුවා" කියල.
මම පොඩි කාලෙදි මගේ යාලුවන්ට මගේ අම්ම ගැන තිබ්බෙ ඒ වගේ වැටහීමක්. මේක අම්මාගේ රැකියාව කියලා එයාලට ඒකාලේ තේරෙන්නෙ නැතුව ඇති.
ඒත් මගේ තාත්තා ගැන තිබ්බේ ඊට සම්පූර්ණයෙන්ම ප්රතිවිරුද්ඩ අදහසක්. ඉස්සර තාත්තා මට ටොෆි ගොඩක් දීල කියනව යාලුවොන්ට දෙන්න කියල. ඇත්තටම මේව දෙන්නෙ අම්මා. ඒත් මේව ගෙදරට ගේන්නෙ තාත්තා නිසා මම කියන්නේ තාත්තා දුන්න කියල. ඉතින් ඒ කාලෙ මගේ යාලුවො බලන් ඉන්නේ මම උදේට ඉස්කෝලෙට එනකන්.
දවසක් මම ඉස්කොලේ හවස පන්ති තියෙන දවසක අම්ම ආව මාව ගෙදර එක්ක යන්න. අම්ම ටිකක් කලින් පන්තියට ආවා. මම හතර වසර පන්තියේ ඉන්න කාලේ මගෙ පන්ති භාර ගුරුතුමිය වෙලා හිටියෙ පෙරේරා කියල ටීචර් කෙනෙක්. මේ ටීචර් ටිකක් සැර කෙනෙක්. මේ ටීචර් කොච්චර සැරද කිව්වොත් මුලු දවසම මම භයෙන් සැකෙන් තමයි හිටියෙ. ඒ පන්තියේදි මාත් එක්ක එකට හිටිය යුරේෂා, චාමිකා, සඳුන් වගේ මගේ යාලුවන්ටත් තාම ඒ කාලේ මතක ඇති කියල මම හිතනවා. මගේ වෙලාවටම අම්මා එන වෙලාවේ අපේ ටීචර් මාව තව ළමයි හය හත් දෙනෙක් එක්ක මේසෙ ලඟ තියාගෙන අනුසසනා කරමින් හිට්යේ. අපේ පන්තියට ගොඩක් වෙලාවට එන්නෙ තාත්තා නිසා මේ ටීචර්ට අපේ අම්මව අඳුර ගන්න බැරි උනා. මේක නිසා මේ ටීචර් අම්මව දැක්ක ගමන් වෙන ළමයෙක්ගේ අම්මා කෙනෙක් කියල හිතාගෙන එක හුස්මට කියවගෙන යන්න ගියා හෙන හෑල්ලක් .
"අනේ මිස්, බලන්නකෝ, මෙයාගේ තත්තා ඉස්සර උසස් පෙල ගණිත ගුරුවරයෙක්, දැන් කස්ටම් එකේ. අම්මත් හොඳට ඉගෙන ගෙන තියෙනවා. ඒත් මේ ළමයට චක්කරේ බැහැනේ."
මට දැන් මේ සිද්ඩිය මතක් වෙද්දි දුක හිතෙන්නෙ අම්ම දුන්න උත්තරේට. අම්ම ඒක කිව්වෙත් මට බනිනව අහන් ඉන්න බැරි නිසා බව අද මට තේරෙනවා.
"මිස්............. මම නදීශගේ අම්මා"
මම ලඟදි දවසක් කාමරේ වතුර නතර වෙලා තිබ්බ වෙලාවක, පහළට ගිහින් වතුර පනිට්ටුවක් ගෙනෙද්දි ඒ අමාරුව නිසා මට ඉස්සර අපි තුන් දෙනාගේ පොඩිකාලේ මතක් උනා.
අපේ අම්මයි, තත්තයිදෙන්නම එකතු වෙලා හැම ඉරිදා දවසකම අපේ ගෙදර තිබ්බ ලොකු ටැoකිය හොඳට හොදලා ලිඳෙන් වතුර ඇදලා, ටැoකිය වතුර වලින් පිරෙව්වා. අම්මයි තත්තයි මාරුවෙන් මාරුවට වතුර ඇද්දා. මේ ලිඳත් ගොඩක් ගැඹුරු ලිඳක්. පස්සේ අපිට හිතේ හැටියට නාන්න ඉඩ දුන්නා. ඒ දවස් වල ඉරිදා දවසක් එනකන් ඇඟිලි ගැන ගැන හිටියත්, ඒ ලොකු ටැoකිය පිරෙන්න වතුර ඇදල අම්මටයි, තත්තාටයි කොච්චර අමාරුද කියල අපිට ඒ කාලෙ වැටහීමක් තිබ්බේ නැහැ.
ඉගෙන ගත්ත අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, ආච්චි අම්මා කෙනෙක්, නෑදෑයෝ ඉන්න එක වාසනාවක් කියල අද අපිට හිතුනත් ඉස්සසර ඒ ඔක්කොම දැනුනේ වදයක් විදියට. ඉස්කොලේ ගිහින් ඇවිල්ලා, සෙල්ලම් කරලා හවසට පැයක් විතර පොත් එක්ක ඉන්න එක තරම් අමිහිරි දෙයක් තව තියෙන්න නැතුව ඇති.
නමුත්.. අදත් මට සතුටුයි, අපි තුන්දෙනාගෙන් කාටවත් ඉගෙන ගන්න කියලා අනිසි බලපෑමක් තිබ්බෙ නැහැ. විභාග කාලෙට පාඩම් කලේ නැති උනාම අම්මගේ බැනුම් ඇහුව තම්යි, තාත්ත්වය තව ටිකක් දරුනු නම්, තත්තා කැඳවන පවුලේ රැස්වීමට යන්න උනා තමයි, නමුත්.. ඒක තමයි උපරිම දඬුවම. අද මම මගේ උපාඩියේ අන්තිම අවුරුද්දේ ඉන්නකොටත් මගේ තාත්තා මට උගන්නපු දේවල් මම පාවිච්චි කරනවා. මම සූප ශාස්ත්‍රය ගැන ඉගෙන ගත්ත ආචාර්ය මහාචාර්යවරු යටතේ ඉගෙන ගත්තත්, අම්මා ඒ විෂය ගැන කියල දුන්නු දේවල් ගැන ඒ අය පවා පුදුම වෙනවා.
මගෙන් කවුරු හරි ඇහුවොත් ජීවිතේ හම්බ වෙච්ච හොඳම තෑග්ග මොකක්ද කිව්වොත් මට ආයෙත් කල්පනා කරල බලන්න ඔනෙ කමක් වෙන්නෙ නැහැ. උත්තරේ “මගේ අම්මයි තාත්තයි”.
අද 01/10/2010, අම්මගෙයි, තාත්තගෙයි 29 වෙනි විවාහ සoවස්තරය. මේ සටහන මේ ලෝකෙ ඉන්න හොඳම අම්මටයි, හොඳම තාත්තටයි ආදරයෙන්........
-නදී-magelokayahttp://www.blogger.com/profile/05177344517329424383noreply@blogger.com0tag:blogger.com,1999:blog-4647076038710552786.post-85621451927562062982010-09-24T11:49:00.000-07:002010-09-24T11:58:50.467-07:00Innocent him !!It was a fine Sunday evening. Since it was a rainy day, my hostel mates couldn’t go out for their daily cricket torment. So, Me and my roommate Akalanka started playing water game, which is our favourite.
The game is like this. First we have to knock the door of a room in the hostel by keeping a hidden bucket of water in the hand. As soon as he opens the door we should make him have a nice basketful of water.
As usual that day also we started our water game. This time our aim was Roshan. He is from Goa and studying in the 2nd year Business Management. This guy always use to come to our room and wasting time by talking nonsense.
We gave him a nice bath as soon as he opened the door. And at the 2nd time when he was passing our room for evening tea.
After sometimes we both saw that he is coming towards our room with a jug of water. Then again we got our water basket and chased him.
This poor chap, Roshan slipped down in the ground. That also was a good chance for us and we again did the same thing before he gets up.
After about 1 hour, I heard someone is knocking the door of our room. I knew that it is Roshan with his jug of water and I suggest my roommate Akalanka, a small plan.
That is to through the water in the basket as soon as I open the door.
As we planed earlier I opened the door. At the same time Akalanka thrower the water in the basket to the Person....Can you guess what happened ???
It was not Roshan... But one the senior lecturers in my department who came to my room to ask for my syllabus copy. Just think how much I was embarrassed to see him like a wet chicken !magelokayahttp://www.blogger.com/profile/05177344517329424383noreply@blogger.com0tag:blogger.com,1999:blog-4647076038710552786.post-6028584680397855872010-08-01T23:34:00.000-07:002010-08-01T23:35:36.631-07:00My Hostel !!!Back to the blog…..
This time thought of writing in English as I don’t have any other way. Since I have Problems in my Internet connection and as I don’t have sinhala fonts in my lapy…
Today I’ll share the memories of my hostel.
Though it is not a home away from home, I have started loving my hostel, may be because I’ll be leaving not only this hostel, but also from Mangalore and India as well. I’m now in the final semester of my degree. The name of my loving hostel is “Laxshmi” and it is situated very near to my faculty. Early in the morning when I open the window of my room I can see the main gate my faculty as well as the entrance door of my III year lecture hall.
Two years back me, together with my Sri Lankan friend Akalanka stepped to this hostel just because of horrible Hostel Foods of my previous hostel. Usually Karnataka State of India is having the worst foods. I love Kerala foods, Tamilnadu foods and specially Gujarathi foods. But.. Never Karnataka foods. These Karnataka people’s favorite dish is Sambar, which is more like flavored water. Sambar is a must for their dinner and lunch.
1st I’ll share you about the meals and Meal plans of my hostel.
I like most of the breakfast food items.
MONDAY - Pulao rice. (One of my favourites)
TUESDAY – Uththappam with coconut curry (Chutney), known as plain Dosa too (Not bad)
WEDNESDAY – Tomato rice. (I’m the only one like this in whole Hostel)
THURSDAY – Poori (Waw. My favourite)
FRIDAY – Lime Rice (Not bad. I like rice dishes)
SATURDAY – Upma (I hate this)
SUNDAY – Parota and Potato curry. (We all love this)
All most all love poori and all are counting days for THURSDAY to have poori. One person is allowed to have only 4 pooris. . When it comes to poori, I remembered another story of mine. Once I have told you about my Nepal tour. While we were traveling in the train, my good friend Umesh ask about my favourite Indian food Item. I told him that it is “Poori”.
How unlucky I was. During my stay in Nepal, from each and every house I was served Poori. For Breakfast it was Poori, Lunch – Same. Again for dinner also Poori. That was really a difficult time for me. Hehehe.
For Lunch every day Sambar curry, two chapatis and one cup of Rice. Every Sunday to Saturday it is same. I don’t like Chapati much. Whenever I go to our Dining hall, there are few North Indian guys, waiting till I offered one of my chapatis to them. They are chapati lovers. They can have Chapati for all three meals of them.
For dinner they serve four days veg meals. Rest three days, One day they serve chicken, two days eggs.
That is all about our never changing meal plans of our Hostel.
Let’s move on to my hostel mates. I’ll tell about some of the famous characters in the hostel.
1) Mohan (Mona) is From Pondicherry, which was a French colony. Situated in Tamilnadu state. A Tamil guy, whose passion is Dancing. He can draw as well. A caring and Friendly guy, studying in the final Year of Fashion designing degree program of the same university. Since my roommate also in the same department and same year, he always uses to visit our room. His Girl Friend’s Name is _____. Poor girl, who is doing all most all his assignments and Projects. When it comes to exam time, every night he comes to my room and asking my roommate,
“Machaaa Tomorrow is Garment Manufacture Paper ryt ? Don’t you have any notes to read ?” That is how he studies for the exam. After every paper we know what he says
“Ahh.. SHIT… That Paper was damn difficult. This time also Backlog”
2) Sharafath Hussein (Sharu) Room mate of Mohan, 2nd year Interior designing student. Who can’t go even to next door shop without his bike. Same characters like his room mate. Same State, Same city. In his last semester exam, he had exams continuously from 13th to 17th and the final paper was scheduled to be held on 25th. That paper was a common paper for all the 2nd year degree students of Mangalore University and one of the easiest papers (Indian Constitution). A compulsory paper. But, this guy never wanted to write that paper because of the gap of 8 days. He left Mangalore on 17th afternoon, soon after his exam. He will write the paper this time.
3) Wjey has completed his studies in the field of Graphic designing, From Kerala State and was working in a nearby institution as a designer. He is very friendly with me and my room mate. Only Problem we have is this guy is too much caring. When we go near to the bridge he says “Don’t go !! Don’t go !! You will fall down. “ When we have any foods from outside “Don’t eat out side foods.. you’ll get stomachache !! One day both I and my room mate were standing near to a small shop, where they sell Beetles. We were waiting for one of our friends. Suddenly we saw this guy is coming towards us. He told, “You came here to have beetles ?? Don’t have such bad habits. It causes cancers” My room mate, Akalanka is always telling this guy is same like his grand ma.
4) Sandy (Sandeepan) from Assam State, doing his degree in Business Management, born in Sri Lanka and have had come back to India at the age of 4 years. Still he has some memories in Sri Lanka. This guy has 3 – 4 denim pants and among them two are his favorites. He always wears those two. But never wash. According to his room mate he is washing them only once in a semester (5 months) that is just before he goes home for vacation. Trust me, when ever he comes to my room we have to clean our room because of the dust particles (including soil) which are falling to the ground. Having a bath once In a week is very much sufficient to him.
ඔන්න ඉන්දිය නේපාල දෙශසීමාව හරහා අපි නේපාලෙට ආවා. අපි ආවෙ අශ්ව කරත්තෙක. මේකත් මරු අශ්ව කරත්තෙ. ගොඩක් වෙලාවට අශ්ව කරත්තෙකට යොදා ගන්නෙ ගෑණු සතෙක්ලු. මොකද, හොඳට බර අදින්න පුලුවන් නිසා. මේකට කියන්නෙ "ටඟා" කියල. මෙ ගමනත් මරු. අපි කරත්තෙ පිටි පස්සෙ තමයි වාඩි වෙන්න ඕනෙ. පිටි පස්ස පැත්ත පාරට සම්පූර්ණයෙන්ම නිරාවරණය වෙලා තමයි තියෙන්නෙ.
හැමෝම වගේ යන්නෙ කරත්තේ නිසා ට්‍රැෆික් වෙලාවට අශ්වයා ගිහින් ඉස්සරහ කරත්තේ යන අයව ලෙව කනවා. (ආදරේට වෙන්න ඇති ). එතකොට ඒකෙ ඉන්න මිනිස්සු යටි ගිරියෙන් කෑගහන්න පටන් ගන්නවා. මේ සිද්දිය ගොඩක් තැන් වලදි උනා.:) :) :) තව සමහර වෙලාවට හදිස්සියෙවත් පිරිමි අශ්වයෙක් දැක්කොත් ගමන දාල ඒ අශ්ව්ය පස්සෙන් දුවනවා.. ඔය අතරෙ කරත්ත අනතුරු එහෙමත් වෙනවා. මේ ටඟා කරත්තේ ගාන බොහොම අඩුයි. කිලොමීටර ගානක් ඇවිල්ලත් ඒ මනිස්සයට දුන්නේ ල0කාවෙ සල්ලි වලින් රුපියල් 30ක් විතර. රික්ශා සහ කුලී කියන ඒවත් මෙහෙ කෙටි දුර ගමන් යන්න යොද ගන්නවා. රික්ශාවෙ එක මනුස්සයෙක් බයිසිකලය වගේ පැදගෙන යනවා. පිටිපස්සෙන් මිනිස්සු ඉඳගෙන යනවා. කුලී කියලා කියන්නේ මිනිහෙක් ඇදගෙන යන කරත්තක්.
මම නම් නේපාලෙදි රික්ශාවක ගියේ එක පාරයි. මට ඒ මිනිහා ගැන ගොඩක් අනුකම්පා හිතුනා. කුලී එකක නම් කවදවත් යන්න ඕන කමක් තිබ්බේ නැහැ. මම ගිය කරත්තෙ හිටියෙ උමේශ් සහ මම විතරයි. අපිත් ඉතින් වල වල් වල වැටි වැටී ටිකක් දුරක් ගියා.
ටික වෙලාවකින් උමේශ් මට කිව්ව අපි දන් නේපාල සීමවට කිට්ටුයි කියලා. මමත් තකහනියක් මගේ බෑග් එක ඇරල මගේ “Pass port” එක එලියට ගත්තා. මමත් ඉතින් ආගමන විගමන කටයුතු කරන තැනට ආවාම කියන්න කියල මගේ යාලුවට කිව්වා. නේපාලෙට එන්න කලින් වීසා ගන්න ඕනෙ කමක් තිබ්බෙත් නැහැ, මොකද “Visa on arrival” නිසා.
ටික වෙලාවකින් අපේ කරත්තෙ නැවත්තුවා නේපාල පොලිස් නිලධාරියෙක්. එය උමේශ් එක්ක වචන දෙක තුනක් කතා කලා. ඒට පස්සෙ අපි අයෙත් දිගටම කරත්තෙන් ගියා. විනාඩි 5 කට විතර පස්සෙ උමෙශ් කියනව....අපි ගෙදරට ආව...කරත්තෙන් බහින්න කියලා.
එතකොට තමයි මට දෙයියො බුදුන් සිහි උනේ.මේක මාව රට ඇතුලට අරන් ඇවිල්ල තියෙන්නෙ වීසා ගන්නෙ නැතුව. මම ඕක කිව්වහම මිනිහ හිනා වෙවී කියනව, "වීසා ගන්න ගියා නම් තව පැය දෙකක් වත් අපිව රස්තියාදු කරයි.. ඒක නිසා සද්ද නැතුව ඉන්න" කියල. කොහොමත් මට කේරලා ලුක් එකක් තියෙනවා කියල හැමෝම කියනවා. ඒක නිසා මමත් සද්ද නැතුව හිටියා.
නේපාලය කියන්නෙ බොහොම දුප්පත් රටක්. ඉන්දියාවටත් වඩා දුප්පත් ඇති.
මම එදා හිටියේ රොෂන්ගේ ගෙදර. ඒ ගෙදරදි මම කවදාවත් හිතපු නැති විදියට පිළි ගත්තා. රොෂන්ගේ අම්මා ඇවිත් සාම්ප්‍රදායික විදියට මාව පිලි ගත්තා. (අර හින්දි ෆිල්ම් වල වගේ). ඒට පස්සෙ රතු තිලකයක් මගේ නලලේ තිබ්බා. මමත් දන්න විදියට ෆුල්ල් ඉන්දියන් විදියට වැඩිහිටියන්ට වැඳල ඇතුලට ආවා. මගේ කාමරේ තිබ්බෙ 3වෙනි තට්ටුවේ.
ඉතින් ඊට පස්සෙ හැම විනාඩි 10කටම වගේ පස්සෙ කවුරු හරි කාමරේට ඇවිත් කෑම කෑවද? බඩගිනි නැද්ද ? මොනවා හරි බොනවද ? මොනවද ඕනෙ ? කියල මගේන් ඇහුවා. මේක මම යනකම් හැමදාම වෙච්ච දෙයක්.
මාව ගමේ අයට අඳුන්වල දුන්නෙ "රාවනා දේශයෙන් ආවා කියලා” ඒ අච්චිල සීයලා ලoකාව කිව්වට වඩා රාවණා දේශය කිව්වහම දන්නවලු. තව සමහර අච්චිලා මාත් එක්ක පැය ගනන් කියව කියවා හිටියා. ඒත් මම නේපාලි භාෂාව දන්නෙ නැති නිසා හිනා වෙවි හිටියා. (හරියට දන්නව වගේ) එක අච්චි කෙනෙක් රොෂන්ට කියල තිබ්බ මම අඩම්බර නිසා කතා කලේ නැහැ කියල. පස්සෙ රොෂන් හිනා වෙවී කියල තිබ්බ මට නේපාලි භාෂාව බැරි බව.
ඇවිල්ල පහුවෙනිදා අපිට කත්මණ්ඩු නගරයට යන්න උනා. මොකද මම මෙහෙ ආවේ රෝෂන්ගේ අයියාගේ විවාහ උත්සවයට නිසා. ඒකෙ මනාලියගේ පාර්ශවයේ උත්සවය තිබ්බේ එහේ. කත්මණ්ඩු යන්න කලින් ගෙදර පොඩි පූජාවක් තිබ්බා. ඒක මනමායා ගෙදරින් යන නිසා මනමාලයාට අශිර්වාද කරලා. ඊට පස්සෙ ඔක්කොම නැග්ගා බස් එකකට. එතකොටම කව්ද ආච්චි කෙනෙක් ඇවිල්ල මට ආශිර්වාද කරල ගෑවෙ නැතෑ හෙන ටීකා තලියක්(නලලේ ගාන ඒවා) . විශ්වාස කරන්න මගේ නලළෙන් එකයි. ඒකට මීකිරියි, පොඩි කරපු කෙසෙල් ගෙඩියි අනල ගාලා. මට ඒ කිරි ගඳ ආවහම වමනෙටත් ආව. පස්සෙ හිමින් සැරේ ගිහින් මම මුණම හෝද ගත්තා. තව ටික වෙලාවකින් තව අච්චි කෙනෙක් ඇවිල්ල හැමෝටම මොනවද හැන්දකින් කව කවා ගියා. මොනවද කියල අහන්න විදියකුත් නැහැ. කිසිම යාලුවෙක් අහල පහල හිටියෙ නැහැ. අච්චීත් කඩ්ඩ දන්න එකක්යැ. මම කොකටත් එපා කිව්වා. මෙයා මට බල කරනව කන්න කියලා. පව්නෙ...අච්චිකෙනෙක්නෙ කියල මම කෑවා. ඒ පාර සීනි වත් නැතුව මීකිරි. මේගොල්ලන් දුර ගමන් යනකොට හැමෝම කන්න ඕනෙලු.
ඔක්කොම දුර පැය 10ක් විතර. පහුවෙනිදා උදේ අපි කත්මණ්ඩු නගරයට ආවා. නගරයට එන්න ක්ලින් හිමාලයා කඳු පන්තිය දැක්කා. මේක හරිම ලස්සනයි. මේ කාලය නේපාලයේ රස්නෙම කාලය උනත් එදා උදේ නම් මට වෙවුලන්න තරම් හීතලයි. අපි ගිහින් නතර උනේ හෝටලයක. ටික වෙලාවකින් අපි ගියා පොඩ්ඩක් ඇවිදින්න කියලා නගරයට. මුලින්ම අපි ගියේ ස්වම්බුනාත් බෞද්ධ විහාරයට. (Swayambhunath)
මට මෙහේදි නම් ටිකක් ලජජා හිතුනා. මත් එක්ක ගියේ උමේශ් එය හින්දු භක්තිකයෙක්., සොයේබ් ඉස්ලාම් භක්තිකයෙක් සහ රිකී, එයත් හින්දු බැතිමතෙක්. මාම් ඉතින් බුද්ඩාගම ගැන කිය කියා තමඉ ගියේ. ටික වෙලාවකින් තමයි මම දැක්කේ. මෙ ලොක ප්‍රසිද්ධ පන්සලේ වැඩි හරියක් ඉන්නෙ පෙම්වතුන් කියල. පාසල් නිල අඳුම් වලින් ගොඩක් දෙනෙක් හිටියේ. මමත් ඉතින් වැඳලා කියලා ආව එලියට. පස්සෙ අපි නගරේත් ටිකක් ඇවිදලා අයෙත් ආවා හෝටලයට.
එදාම රෑ අපි ගිය මගුල් ගෙදරට. තව දෙයක් තමයි මනමාලිගේ ගෙදරට යනකොට කිලෝමීටරයක විතර ඉඳලා ඔක්කොම අය නට නටා තමයි යන්න ඕනේ. මේකෙදි අවිවාහක පිරිමි නටන එක අනිවාර්යයයි. ඉතින් කවුරු හරි කමති උනත් නැතත් නටන්නම වෙනවා. පපර බෑන්ඩ් එකක් ඉස්සරහින් යනවා. අපිව පිලිගත්තෙ පිච්ච මල් මාලවක් දාල . මේක අනිත් පාර්ශව්යේ අයව අඳුර ගන්න දාපු දෙයක්. මනමාලි පෙන්න හිට්යේ නැහැ. මනමාලයාගේ ගෙදරට ගන්නේ මනමාලියගේ සහොදරයන්ගේ කර පිටින්. ඒට පස්සෙ ටික වෙලාවකින් මනමාලයගේ පැත්තේ නෑදෑයන් සහ මනමාලියගේ නෑදෑයන් පැති දෙකකට බෙදෙනවා. ඒට පස්සෙ තමයි මනමාලයා මනමාලිගෙ කරේ මාලයක් දාන්නේ. මේක දානකොටම මනමාලි පස්සට පනින්න ඕනෙ.(නැත්තම් මනමාලිගෙ පාර්ශවයේ අය මනමාලිව පස්සට තල්ලු කරනවා) කොහොම හරි ඒ දිග මාලය මනමාලයා මනමාලිගේ කරේ දම්මොත් මනමාලයාගේ පාර්ශවය දිනුම්. නත්තම් මනමාලිගේ පාර්ශවය දිනුම්. මේකත් බොහොම විනොද ජනක අවස්තාවක්. මේ මගුල් ගෙදර දිනුවේ මනමාලයාගේ පාර්ශ්වය.
නේපාලේ කසාද බඳින එක ඒතරම්ම ලේසි දෙයක් නෙමේ. මගුල් ගෙදරට කලින් මනමාලයයි මනමාලී දෙන්නම දවස් 5ක් විතර නොකා නොබී ඉන්න ඕනේ. කන්න පුලුවන් කැවිලි විතරයි. මේකත් හම තිස්සෙම බැහැ. මගුල් ගෙදර දවස් 6ක් විතර තියෙනව. එක එක උත්සව.
පහුවෙනිදා අපි පස්පතිනාත් පන්සලත් බලලා අයෙත් බිර්ගන්ජ් නගරයට ආවා. මගදි නම් මට ලොකු කෑම අරුචියක් තිබ්බා. මේක දවස් 5ක් විතර යනකන් තිබ්බා. ඒ දවස් වල වඩිපුර ජීවත් උනේ පෙප්සි වලින්.
ඒට පස්සෙ දවසේ මම ගියා රිකීගෙ ගෙදර උදෙ කෑමකට. තිබ්බේ පූරි සහ තව මොනවද එලවලුවක්. ගොඩක් රසයි, ගොඩක් මහන්සි වෙල තිබ්බ. උමේෂ්ගේ ගෙදර දවල් කෑම....මේක තමයි ගොඩක්ම විනොද ජනක අවස්තාව. උමේශ්ගේ අයිය්යටයි මල්ලිටයි ඉOග්‍රීසි භෂාව කතා කරන්න පුලුවන්. ඒක නිසා මෙයාල මගෙන් උමේෂ් ගැන ගොඩක් දෙවල් ඇහුවා. මේක ගෙදරට කියල තියෙන්නේ බැච් එකේ හොඳම එකා මේකා කියල. මම ඉතින් ඒවගේම කියල වගේ තමයි කතා කලේ. මට ගෙදරට ගිය ගමන්ම ගෙදර එල්ලල තිබ්බ පදක්කම් වගයක් පෙන්නල කිව්ව, නදීශ.. මම දැන් වැඩිය ඉගෙන ගන්නෙ නැති උනාට ඉස්සර මම ගොඩක් දක්ෂයි. මේ ඔක්කොම මගේ ඒවා කියලා. ඒවා පන්තියෙ පළවෙනියා වෙච්ච පදක්කම් ටිකක්. (10ක් විතර )
ටිකකින් මෙයාගේ අම්ම කියනවා අර ඔක්කොම පදක්කම් එයාගෙ අයියගේයි මල්ලිගෙයි කියල. මේකගේ මූන රතු උනා. :) :) :)
ටික දවසකට පස්සෙ මනමාලයගේ පාර්ශවයේ උත්සවයට පස්සෙ මම අයෙත් ගෙදර එන්න ලැස්ති උනා. මේ වෙලාවෙ ගෙදර හැමෝම මට එක එක තෑගි දුන්නා ඒ ඒ අයට ගැලපෙන විදියට. (රොෂන්ගේ ගෙදර අය )
මුලින්ම රෝෂන්ගේ අම්මා මට කලිසම් රෙද්දකුයි කමීස රෙද්දකුයි, ගණ දෙවි රූපයක් එක්ක කාසියකුයි තව නේපාල සල්ලි ටිකකුයි දුන්නා, ලොකු අක්කා (මීනා) මට දුන්නෙ බිත්තියේ එල්ලන රූපයක්. රොෂන්ගේ තත්තා මට දුන්නේ පොඩි ලාම්පුවක්, එයාගේ පොඩි නOගි දුන්නෙ පෑනක්. පොඩි අක්කා දුන්න ගණ දෙවි පිලිමයක් එක්ක බිත්තියේ එල්ලන රූපයක්. මුන්නා අයියා (පොඩි අයියා) දුන්නේ පෑනක්. ලොකු අයියා දුන්නේ ලී වලින් හදපු නේපාලේ සිතියමක්. අලුත් මනමාලි මට දුන්නේ බිත්ති ඔරලොසුවක්. පස්සෙ මම බෑග් එක අරිද්දි දැක්කේ මගේ බෑග් එක පිරෙන්න අඹයි රසකැවිලී පුරවලයි කියලා. මට ඉතින් කර ගන්න දෙයක් තිබ්බේ නැහැ. මොකද.. මට ඒගොල්ලන්ට කියන්න පුලුවන් කමක් තිබ්බේ නැහැ මට ගුවන් තොටුපලින් ගෙනියන්න අවසර තියෙන්නේ කිලෝ 20ක් විතරයි කියලා. මම ඔකොටම කතා කරලා එලියට බහිද්දි දැක්කේ එයාගේ අම්මලයි අක්කලයි මම යනව කියල අඬනවා කියලා. මට මගින් මගටම කීප පාරක් කිව්ව ඒගොල්ලන් අමතක කරන්න එපා, ඊලඟ මගුල් ගෙදරටත් එන්න ඕනෙ කියල.
අමතක නොවෙන ගමනක්. මට ඒ අයගේ ආගන්තුක සත්කාර නම් කවදාවත් අමතක වෙන එකක් නම් නැහැmagelokayahttp://www.blogger.com/profile/05177344517329424383noreply@blogger.com1tag:blogger.com,1999:blog-4647076038710552786.post-45266278528376665922010-06-22T10:35:00.000-07:002010-06-22T10:37:09.183-07:00To Nepal by train......Part 2.......................
ටික වෙලාවකින් අපි "විසාකාපට්නම්" වලට ලඟා උනා. පහුවෙනිදා දවල් 1.00 ට විතර අපි හවුරා (Hawrah / Calcutta) වලට ආවා. අපි දවස් දෙකක් එක දිගට කොච්චියේ.
“හවුරා” කියන්නෙ ඉන්දියාවෙ තියෙන ලොකුම station එකක්. දැ නට මේකෙ ඔක්කොම වේදිකා 23ක් තියෙනවා. අපි ආවෙ 12 වෙනි වේදිකාවට. එතන ඉඳල 22වෙනි වේදිකාවට යන්න අපිට විනාඩි 40ක් විතර ගියා. මේ station එකේ තරම හිතාගන්න පුලුවන් නේද ?
මේ station එක ලොකු වගේම ගොඩක් දියුනුයි. බැoකු, හොඳ කඩ සාප්පු, රථ වාහන සේවා, වගේ හැම සේවාවක්ම තිබුනා. අපේ ඊලඟ train එකට වෙලාව තිබුනු නිසා අපි කල්කටා නගරයේ ඇවිදින්න හිතුවා. අපි ගියා "කාලි මාතා" කෝවිලට. නගරයේ හොඳ ටැක්සි සේවාවක් තිබ්බා. අපි දවල්ට කෑවෙ බෙoගාලි කෑම. මට මේ බෙoගාලයේදි අපේ අම්මාව මතක් උනා. අපේ අම්මා බෙන්ගාලි නව කතා කියවන්න ගොඩක් කැමතී.
අපේ ඊලඟ ට්‍රේන් එකත් බොහොම නම ගිය එකක්, මේක නම් නම් ගිහින් තියෙන්නෙ මේකෙ ඉන්න මoකොල්ල කාරයො නිසා. මේ ට්රේඑන් එක යන්නෙ බිහාරයට. බිහාරය කියන්නෙ ඉන්දියාවෙ තියෙන දරුණුම මoකොල්ලකාරයො ඉන්න ප්රතදේශය. මේ ට්රේනන් එකේදි උමේෂ්ගේ අයියාගෙ බෑග් එකක් උසගෙන ගිහින් තිනුන මීට අවුරුද්දකට කලින්. ඒ වගෙම තමයි රිකීගෙ තාත්තගේ බෑග් එකකුත් නැති වෙලා තිබුනා. ඒ අoකල් උසස් නිලයක් දරන පොලිස් නිලධාරියෙක්.
මම මේ ට්‍රේන් එකට නගින්න කලින්ම මට උමෙෂ් උපදෙස් මාලවක් ම දීල තිබුනෙ. එයා ලොකු දම්වැලක් අරගෙන බෑග් ඔක්කොම ටික එකතු කරල ඒක සීට් එකට තියල ලොක් කලා. ඒ තරම්ම තත්වය දරුණුයි කියල මම දැන ගත්තෙ, ටික වෙලාවකින් පොලීසියෙන් අවිත් මිනිසු ට්රේදන් එකෙන් අල්ලන් යද්දි.
අපි යද්දි ට්රේකන් එකෙ හිටිය කාන්තාවක් හයියෙන් කෑගමින් කාටදෝ බනිනව ඇහුනා. අපි බලද්දි එය එයගෙම සැමියට බැනල තිබෙබෙ.පස්සෙ මේ මනුස්සයා එයගේ භර්යාව ගොඩක් හයියෙන් වෙන තැනකට තල්ලු කලා.මෙයා අඬන්න ගත්ත. ඉතින් භාර්යාවට ගහද්දි අනිත් මිනිස්සු ඇහුවා රන්ඩුවට හේතුව. මනුස්සයගේ උත්තරේ උනේ තමන්ගෙ භර්යාවට යකෙක් වැහිල කියල. ටික වෙලාවකින් සද්දෙ තව ටිකක් වැඩි උනා.
අර මනුස්සය කාන්තාවගේ අතේ තිබ්බ වීදුරු වලලු ටික ඔක්කොම බිඳල දැම්මා. මේ වෙලවේ ඒ කාන්තාව විලාප තබමින් ඇඬුව. ඒ වෙලාවෙ ට්රේකන් එකේ හිටපු අනිත් ගැනු අයත් භය උනා වගෙ දෙයක් උනා කියල මම දැක්කා. පස්සෙ උමේෂ් මට කිව්වෙ අතේ වීදුරු වලලු බිඳින එකේ තේරුම ඒ වෙලාවෙ ඉඳන් ඒ දෙන්නගෙ විවාහයේ අවසනය කියල. මට මේක හිතාගන්නත් බැරි දෙයක් උනා.
ඒත් එක්කම මට අම්තක වෙන්නෙ නැති තව සිද්දියක් තමයි කොච්චියට නැග්ගල සල්ලි එකතු කල අම්මඉ දුවයි. මේ ගොල්ලන් සල්ලි එකතු කරන්න හේතුව තමයි දුවගෙ දෑවැද්දට සල්ලි එකතු කර ගැනීම. ඉන්දියාවෙ කෙල්ලෙකුට දෑවැද්ද කොච්චර බලපානවද කියල මට හරියටම තේරුනේ එදා තමයි.
මට කියන්න බැරි උනා. මේ කොච්චියේ නම "මිතිලා" (Mithila Express). බිහාරයේඑදිත් අපි කුඹුරු, ඉඳි වතු, ඉලුක් ගෙවල්, මැටි ගෙවල් අතරින් ආව. ළමා මෙහෙකාර සේවය කොච්චර දරුණු විදියට ඉන්දියාවෙ තියෙනවද කියල මේ ට්රේචන් එකේ යන අයට දැක ගන්න පුලුවන් වෙයි. වයස අවුරුදු 5ක් විතර තරම් පොඩි දරුවො වැලි තාච්චි ඔලුව උඩ තියන් යන හැටි.... කොච්චියේ බඩු විකුණන හැටි ගොඩාක් සුලබ දසුන්...
(Part 1)..........................
මම ඉන්දියාවට ඇවිත් අවුරුද් කීපයක් උනත් මට යන්න පුලුවන් උනේ ඉන්දියාවෙ නගර කීපයකට විතරයි. චෙන්නායි, මනිපාල්, ගෝවා, මූඩ්බිද්රිව, බැoගලෝර්, උඩුපි විතරයි මම ගිහින් තිබුනෙ. කොහොමත් ඉන්දියාව, ලoකාව වගෙ හැට ගුණයක් විතර ලොකු රටක්නෙ. ඒක නිස බලන්න යන්න පුලුවන් තැන් නම් බොහොමයි.
ඔන්න දවසක් මමයි, මගේ යලුවො දෙන්නෙකුයි මයිසූර් යන්න කියල පොඩි ප්ලෑනක් ගැහුව. කොච්චියෙ රුපියල් 100.00 විතර තමයි යන්නෙ එක්කෙනෙකුට. පොඩි බජට් ටුවර් එකක්. නවතින්න තැනක්, බලන තැන් ඔකොම ප්ලෑන් කරල තමයි තිබ්බෙ. ඒත් අන්තිම මොහොතෙ ඔක්කොගෙම යන්න මූඩ් එකක් නැති උනා. මම හිතන්නෙ ප්රැ ක්ටිකල් exam නිසා වෙන්න ඇති.
ඔන්න ඔය අතරෙ උමේෂ්, (මගේ හොඳම යාලුවෙක්), එයගෙ ගෙදර යන්න එන්න කියල කතා කලා. එයා නේපාල ජාතිකයෙක්. මම යනවද නැද්ද කියල හිත හිත හිටියෙ. ඔන්න ඔය අතරෙ මගේ තව නේපාල් යාලුවෙක් එයාගෙ අයියගේ වෙඩින් එකට එන්න කියල විෂෙශ ආරධනයක් කලා.මෙයා රෝෂන් ගුප්තා. රෝෂන් කලින් නිවාඩුවට අපේ ගෙදර ආවා (ලoකාවට )ඒක නිසා මට කිසිම ගැලවුමක් තිබ්බෙ නැහැ. මට ඕනෙ වෙලා තිබ්බෙ විභාගෙ ඉවර වෙච්ච ගමන් ගෙදර එන්න.
ටික දවසකින් රොෂන් මට කියනවා එයා නේපාල් යන්න ටිකට් පවා බුක් කලා කියල. කොහොමත් ඉන්දියාවෙ දුර ගමන් යන ට්රේ්න් අඩු ගානෙ මාස දෙකකට කලින් වත් බුක් කරන්න ඕනෙ.
කොහොමින් කොහොම හරි මගේ විභාගෙත් ඉවර උනා. ඒක මගේ මුලු ඩිග්රිනයේම අමාරුම විභාගය. අතිරේක විශයන් ඉල්ලල තිබ්බ නිසා තවත් වැඩ වැඩි උනා.විභාගේ අන්තිම දවස 04/06/2010. ප්රභශ්න පත්තරේ ඉවර උනේ දවල් 12.00ට. ට්රේාන් එක මැන්ගලොර් station එකෙන් දවල් 12.30ට. ලොකු ට්රේැන් වල සීට් එක හොයන්න විතරක් පැයක් විතර යනවා. ඒක නිස විභගේ ඉවර වෙච්ච ගමන් ඉක්මනට station එකට ගියා.
මේ ට්රේවන් එක මැන්ගලොර් ඉඳලා චෙන්නායි වලට යන ට්රේරන් එක. මේකෙ නම (Mangalore Mail express). අපි ඔක්කොම හතර දෙනයි. සොයේබ්. (මුස්ලිම්, නේපාල් ජාතිකයෙක්), උමේෂ් (මගෙ හොඳම යාලුවෙක්, නෙපාල් ජාතිකයෙක්.) අක්ෂත් (බිහාර්, ඉන්දියානුවෙක්) හා මම. මේ ට්‍රේeන් එක මට හොඳට පුරුදුයි. මම නිවාඩුවට ගෙදර යන්න චෙන්නායි යන්නෙ මේ ට්රේයන් එකේ. පහුවෙනිදා පාන්දර 6.30ට විතර අපි චෙන්නායි වලට ආවා. පැය 17.5ක ගමනක්. අපි මේ ට්රේදන් එකේ ඉන්දියාවේ ප්රාටන්ත 3කට ආවා. (කර්ණාටක,කේරලා, හා තමිල්ණාඩු ) . මම මගේ ජීවිතේට කාපු රසම ඉඩ්ලි කෑවේ චෙන්නායි station එකේදි.
අපේ ඊලඟ ට්‍රේ න් එක චෙන්නායි සිට හවුරා (Hawrah) දක්වා. හවුරා කියන්නෙ කල්කටා නගරය. මේ train එකේ නම (Koramandal Express) . අපි ගමන පටන් ගත්තෙ උදේ 9.00 ට. තමිල්නාඩු කියන්නෙ ඉන්දියාවේ තියෙන පොහොසත් ප්‍රmන්තයක්. මේකෙ බොහොම ප්රනසිද්ඩ විශ්ව විද්‍යාල තියෙනවා. බොහෝ පොහොසත් මිනිස්සු ඉන්නවා. මම ඉන්දියාවෙදි වැඩියෙන්ම ගුවන් පාලම් දැක්කෙ තමිල්නාඩුවෙදි. ඒ අතරෙම අන්ත දුගී දුප්පත් මිනිස්සුත් ඉන්නවා.
ඊට පස්සෙ ට්රේ්න් එක "ආන්ද්‍රා" ප්‍රාන්තයට ආවා උදේ 11.00ට විතර (05/06/2010). මම අහල තියෙන විදියට මේක තමයි ඉන්දියාවේ තියෙන පොහොසත්ම ප්‍රාන්තය. මේකට හේතුව තමයි තිරුපති කෝවිල.
අපේ train එකේ අපි ලඟ හිටියා තාත්තා කෙනෙකුයි, පුතාලා දෙන්නෙකුයි. ඊට එහායින් හිටියා ටිකක් අමුතු ජාතියේ මනුස්සයෙක්. මෙයා ටිකක් වයසයි. කොන්ඩෙ පාට හතරක්. (රතු, කලු, සුදු, තැඹිලි ). මේ තාත්තලා පුතාලා දවල්ට කන්න පටන් ගත්තා. ඒගොල්ලන් චපාතී, බොන්චී තමයි කෑවෙ. ඔය අතරේ අර මනුස්සයා මොනවද කුඩු ජාතියක් කන්න පටන් ගත්තා. මම ඒ මොනවද කියල නම් හරියට දන්නෙ නැහැ. ඒත් ඉන්දියාවෙ ගොඩක් මිනිස්සු මේවට පුරුදු වෙලා ඉන්නව. මේ මනුස්සය කුඩු ටිකක් කාල ඉතුරු ටික ජනේලෙන් එලියට වීසි කලා. ඔක්කොම කුඩු ටික අර කෑම කකා හිටපු මිනිස්සුන්ගේ ඇඟේ. අර තාත්තාට නම් හොඳටම මල පැනල අර මනිස්සයට තිත්ත කුනුහර්පෙන් බැන්නා.
අපි ට්‍රේන් එකි යද්දි එක එක කෑම ජාති කෑව. හැම තිස්සෙම දුම් රිය ආපාන සේවය එක එක කෑම විකුණනවා. වතුර බෝතල්, බීම බෝතල, අල බොන්ඩා, පොල්, තැඹ්ලි, පළතුරු, චාට් වර්ග, සුප්, තේ, කෝපි, බිරියානි, චපාති, චාප් වර්ග, රටකජු, කජු, වගේ දේවල්.
ඉන්දියාවෙ කොච්චියක යන ඕනෙම කෙනෙක්ට "චායි චායි....... කෆේ කෆේ......." කිය කිය යන තේ, කොපි වෙලෙන්දො නම් කවදාවත් අමතක වෙන එකක් නැහැ
චක්කා......(SIXER)
ඉන්දියාවෙ ට්‍රේන් ගැන කියද්දි "චක්කා වරුන්" ගැන නොකියම බැහැ. "චක්කා" නමින් හඳුන්වන්නේ ගැහැණු, පිරිමි කියන කොටස් දෙකටම අයත් නොවන අය. ඔවුන්ගේ අඟ පසඟ කන්තාවන්ගේ වගේ උනාට සමහර ලක්ෂණ පිරිමින් හ සමානයි. මුහුනේ රැවුල තියෙනවා. නමුත් සාරියක් හෝ සල්වාර් ඇඳුමක් ඇඳගෙන තමයි ඔවුන් ඉන්නේ. කොච්චිය ඔවුන්ගේ ප්රරධාන ආදායම් මාර්ගය. මේ අය කොච්චියට එන්නෙ කණ්ඩායම් විදියට. එක කණ්ඩායමක 6 - 7ක් විතර දෙනෙක් ඉන්නවා.
මේ ගොල්ලන් කොච්චියේ ඉන්න පිරිමි ලඟට ගිහින් සල්ලි ඉල්ලනවා. කාන්තාවන්ට නම් කිසිම හිරිහැරයක් නැහැ. අඩුම ගානේ එක පුද්ගලයෙක් රුපියල් 10.00ක් වත් දෙන්න ඕනෙ. නැත්තම් ඉතින් මේගොල්ලන්ගේ අශීලාචාර වාග් ප්‍රහාර වලට ලක්වෙන්න සිද්ද වෙනව. එහෙම නත්තම් ඔවුන්ගේ අතවර වලට ලක් වෙන්න වෙනවා. මේගොල්ලන් කෙලින්ම ඇවිත් උකුල උඩ වාඩි වෙනව. සල්ලි දුන්නොත් තමයි නැගිටල යන්නෙ. ඒත් දුන්නෙ නැත්තම් වෙන දෙවල් මෙතන ලියන්න ටිකක් අමාරුයි.
ඔන්න ඉතින් මම ගිය කොච්චියටත් මේ චක්කල ටිකක් නැග්ග. ඔක්කොම make up කරල, ලසනට සාරි ඇඳන් තමයි හිටියේ. මට මේක සම්පූර්ණයෙන්ම අලුත් දෙයක්. ඔන්න ආවා මගේ ලඟටත් අඩි 6ක් විතර උස අක්කා කෙනෙක්.
අවිත් මූන ලඟටම කරල ගැහුව අප්පුඩියක්. මේක තමයි ඒගොල්ලන්ගේ signal එක. මූන ලඟටම කරල අප්පුඩියක් ගහද්දි කව්ද බය නොවෙන්නෙ. කොහොමත් මම ඔය වෙලාවෙ බාගෙට නිදාගෙන හිටියෙ. ඒත් එක්කම අර අක්කා මගේ එහා පැත්තෙ ඉඳ ගෙන හිටිය උමේෂ් බිබි හිටිය පෙප්සි බෝතලේ උදුර ගත්තා. ඒට පස්සෙ Haree.. Jaaan..... Paise dedo.... කියල හින්දියෙන් කිව්වා. මම අන්ද මන්ද වෙලා බලන් හිටියා. එතකොටම උමේෂ් රුපියල් 10.00ක් දීල ඉක්මනටම යවා ගත්තා. එතකොට තමයි දැක්කෙ අහල පහල හිටිය ඔක්කොම මිනිස්සු මට හිනා වෙනවා.magelokayahttp://www.blogger.com/profile/05177344517329424383noreply@blogger.com0tag:blogger.com,1999:blog-4647076038710552786.post-21621727285965411722010-01-08T05:17:00.000-08:002010-01-08T05:25:10.817-08:00කෝකි අoකල්මම නැවතිලා ඉන්නෙ පෞද්ගලික නේවාසිකාගාරයක. මේකෙ ඔක්කොම නේවාසිකයන් 50ක් විතර ඉන්නවා. කාමර වර්ග දෙකක් තියෙනවා. එක ජාතියක කාමරයක ඉන්න ඕනෙ 5දෙනෙක්. අනිත් වර්ගයේ ඒවගෙ ඉන්න ඕනෙ දෙන්නයි. මම ඉන්නෙ මේ දෙවැනියට කිව්ව ජාතියේ කාමරයක. මගෙ කාමර සගයා ලoකාවෙ කොල්ලෙක්.
නම අකලoක. ඉන්නෙ ගම්පහ. මිනිහ ගැන මම ටිකක් කලින් blog post එකකදි කියල ඇති.
මේ hostel එකේ කෑම උයන්න ඉන්නව හෙන සයිස් uncle කෙනෙක්. නම නම් මතක නැහැ. මිනිහගේ කෑම ගැන කියනවනම්.....
මිනිහ හැමදාම හවසට වෙන කඩේකට ගිහින් කාල එන්නෙ. මෙයාගෙ ජoගම දුරකතනයේ ring tone එක තමයි, " චල චයිය චයිය චයියා චයියා" කියල ප්‍රසිද්ඩ හින්දි සින්දුවක්. එයාට උදව්ව්ට ඉන්නව තව uncle කෙනෙක්. අපි මෙයාට කියන්නෙ පොඩි මාම කියල (Code name)
මේ අය ගැන හොඳ කතා නම් තියෙනවා. ඒත් ඒවා මේ බ්ලොග් එකේ දාන්න පුලුවන්ද කියන එක ගැන තමයි සැක. අපේ මේ අනිත් uncle ට අපි කිව්වෙ "කෝකියා" කියල. (මේ code නම අපිට ගොඩක් ප්‍රයොජනවත් වෙනවා. අපි සිoහලෙන් කතා කරද්දි, විශේෂයෙන්ම වෙන අය ඉන්න තැන් වලදි (ඉන්දියානුවන්) මේක ගොඩක් ප්‍රයොජනවත්. අපේ කැම්පස් එකේ කාර්යාල සහායක කෙනෙක් ඉන්නවා "සන්තුශ්". මෙයාට අපි කියල. මෙයට අපි කියන්නෙ "භාතියගෙ යාලුවා" කියල, Chairman ට කියන්නෙ "පුටුවෙ එකා" කියලා, තව "ජෝශප්" කියලා ඕමානයේ මස්කට් කියන නගරයේ ළමයෙක්ට කියන්නෙ "දොදොලා" කියල. මේ code names දාල තියෙන්නෙ එයා ඉන්න තැනකදි උනත් එ ගැන, එයාට නොතේරෙන විදියට කතා කරන්න.
දවසක් මම උදේට කන්න කෑම කාමරේට ගියාම උණු උණු පූරි තිබ්බ. අපි කන්න ආසම කැම තමයි මේක. ඉතින් මම ඉක්මනට මගෙ කාමර සගයාට "කෙටි පණිවිඩයක් යැව්වා පූරි නිවෙන්න කලින් කන්න එන්න කියලා. මෙන්න නිදාගෙන හිටිය එකා විනාඩි 2ක් යන්න කලින් කෑම කාමරේ. මිනිහත් මම වගේ පූරි පෙරේතයෙක්.
අපිට පොඩි පූරි 4ක් දෙනව කන්න. ඔන්න මිනිහගෙ පූරි පිඟාන ගේන අතරෙ මිනිහ සද්දෙන් කියනව.. “කෝකියෝ, මට ලොකු පූරියක් දීපන්" කියල. (සිoහලෙන් - ජෝක් එකට) වෙනද අපි සිoහලෙන් කතා කරද්දි හිනාවෙන මිනිහා අද ටිකක් දරුණු විදියට බැල්මක් දාල රවල බැලුව. අපිට මේක ෆුල් කචල්. මොකද අපි පුරුදු වෙල හිටියෙ අපේ නේවාසිකාගාරයේ කාටවත් තේරෙන්නෙ නැති හින්ද අපි ඕනෙම දෙයක් කතා කරන්න. මොකද කාටත් සිoහල වචනයක්වත් බහැනෙ.
මෙන්න මේ හේතුව නිසා අපි දෙන්න තීරණය කලා මේ සිද්ඩිය "ව්කේෂ්" කියල අපේ හොඳ යාලුවෙකුට කියල බලන්න. අපි මිනිහට මේක කිව්වට පස්සෙ මිනිහ ඇස් දෙක ලොකු කරගෙන අපෙන් අහනව, කව්ද මේක අපිට කියල දුන්නෙ කියල (මේ කෝකියා කියන නම) . අපිට මේක ප්‍රෙහේලිකාවක්. අපි මිනිහට ඇත්තම කිව්ව. මේ නම අපි පාවිච්චි කරන්නෙ කෑම උයන කෙනෙක්ව හඳුන්වන්න කියල. මේක අහපු විකේෂ් බඩ අල්ලගෙන හිනාවෙන්න පටන් ගත්තා. අපිට තවත් පුදුමයි.
මීට අමතරව මම ඉස්සෙල්ල කිව්ව වගේ, ඉන්දියාවෙ හැම පත්තකින්ම වගේ ආපු ළමයි ඉන්නවා. මගේ හොඳම Fit එක තමයි උමේශ්. උමේශ් කුමාර් පටේල්. එයා නෙපාල ජාතිකයෙක්.මෙයා තමයි මගේ (Official translator - Hindi to English, English to Hindi) විදියට කටයුතු කරන්නෙ. උමේශ්ට හින්දි, බෙන්ගාලි, බජ්පූරි, ගුජරාටි වගේ භෂා 10 - 12ක් කතා කරන්න පුලුවන්. මව් භෂාව නේපාලි.ගොඩාක් හොඳ යාලුවෙක්. මෙයාට උතුරු ඉන්දියානුවන් පෙන්නන්න බැහැ. මයලාලි, දෙමළ, කර්නාටක වගේ දකුණු ඉන්දියානු ළමයි එක්ක තම යි මෙයා ගොඩාක් හිතවත්. ලoකාවෙ ළමයි එක්ක නම් ගොඩාක් හිතවත්. මෙයාට අපේ ලoකාවෙ ගෑණු ලමයෙක් ගැන පොඩි crush එකක් වගේ තිබ්බ. මේක නිසා එයාට තැපෑලෙන් සියඹලා, අඹ වගේ දෙවල් තාමත් යවනව. ඒත් අහිoසකයා පොඩ්ඩක් පරක්කු වැඩී. මෙයා නිතරම කියන්නෙ.... “Nadee..., She (Dh_ _s_i) can be the queen of my mango state. I know she loves Mangoes. Still she has time.. :P :P” මෙයා මට කියන්නෙ භායි ජාන් (loving brother) කියල.
අනිත් එක්කෙනා තමියි, අශීෂ් ථාකූර්. මෙයා එයාගෙ පෙලපත ගැන කියන්න හරිම කැමති. මෙයා එන්නෙ රජ පෙලපතකින්ලු. අපෙ ලoකාවෙ ගැණු ළමයි කීප දෙනෙක් මෙයාට try කලත් වැඩේ නම් පොඩ්ඩක් අසාර්ථක උනා. මෙයාට කියන්නෙ අයිෂු කියලා
ඊලඟට රන්දීප් සිo. මෙයා පන්ජාබි ජාතිකයෙක්, හරි පණ්ඩිතයෙක්. උමේශ්ගේ මෙයාගේ පොඩි කෝන්තරයක් තියෙනවා. උන් දෙන්න වලි දා ගන්න ගියාම ගොඩක් වෙලාවට විසදන්නෙ මම. මෙයාට accounts නම් හොඳට පුලුවන්. මෙයා ගිරවා දන්න ගොඩක් ප්රශසිද්ඩයි. Nick name එක “ජට්ටේ”
මේ පාර මම හිතුවා මගේ Faculty එක ගැන ටිකක් ලියන්න.
මේක තියෙන්නෙ මැoගලොර් නගරයට ටිකක් ඈතින්. පොඩි කඳු මුදුනක. ඔක්කොම ළමයි ඉන්නව 200ක් විතර මගේ හිතේ.
(My campus)
ඔක්කොටම ඉන්නෙ ගෑණු ළමයි 2ක් විතරයි (යාමිනී - හසන් දිස්ත්‍රි2ක්කය, කර්නාටක ප්‍රා.න්තය සහ රශ්මී (කේරල ප්රාවන්තය. මේ රශ්මී නම් මාත් එක්ක කතා කරල තියෙන්නෙ 2 - 3 පාරක් විතරයි.මෙයා හැමදේකටම ලැජ්ජාවෙන් හිනාවෙන ළමයෙක්. එයත් එක්ක කතා කිරීමට තියෙන මූලික සුදුසුකම තමයි මලයාලම් භාෂාව දැනගෙන සිටීම. කොටින්ම කිව්වොත් සෙමෙස්තර් අවසාන විභගේ ප්රාකයොගික පරීක්ෂණය දවසෙත් මෙයා කිසිම ප්රනශ්ණකට උත්තර නොදී හිනා වෙවී ඉඳල. මෙයත් අර සාම්ප්‍රදායික විදියටම කොන්ඩෙ ගොතා ගෙන, කකුලෙ වලලුකර දක්වා දිග සායක් එක්ක බෝරිච්චි අත් දාපු හැට්ටයක් අන්දින, දුග ලොකු කරාබු දාන, වලලු දගෙන ඉන්න ගෑනු ළමයෙක්. , සමහර වෙලාවට හේතුවක් නැතුවත් ලැජ්ජාවෙන් හිනා වෙනව.
අනිත් එක්කෙනා ඊට ගොඩාක් වෙනස්. නම යාමිනී. මෙයාගෙ විනොදාන්ශෙ තමයි අර අනිත් ගෑණු ළමයව (රශ්මි) Bite කිරීම. ගොඩක් forward ළමයෙක්.
අද මම කියන්නම් මගේ ජීවිතයේ අමතක නොවන දවසක් ගැන....
මේක මම මුලින්ම ඉන්දියාවට ආපු දවස ගැන. මීට අවුරුදු දෙකකට කලින් තමයි මේ සිද්ඩිය උනේ. මම මගෙ විශ්ව විද්යාආලයට ආවෙ නියෝජිතයෙක් හරහා. මම මීට කලින් ඉන්දියාවට ගිහින් තිබුනෙත් නැහැ. ඔන්න ඉතින් ඒ දවසෙ මම සහ තව ළමයි කීප දෙනෙක් එක්ක මම කටුනායක ගුවන් තොටුපලින් චෙන්නායි නගරයට ගියා. ශ්‍රී ලාන්කිකයෙකු වීම ගැන මට මුලින්ම ආඩම්බර වුනේ එදා කියල කියන්න පුලුවන්. මොකද, "1st impression is the lasting impression" කියන දේ මම ඇත්ත කියල මට හිතුනා..
මුලින්ම ගුවන් තොටුපොල ඇතුලට ගියාම එක තැනක මිනිහෙක් බදාම අන අන හිටියෙ.මම පුදුම උනා. මේක අන්තර්ජාතික ගුවන් තූටුපොලක් නේද කියල. පස්සෙ මම ආගමන - විගමන කවුලුවට ගියාම එතන පරණ වෙච්ච සාරියක් ඇඳගත්ත වයසක කාන්තාවක් කොළපතකින් පොළව අතු ගගා හිටිය. එදා තමයි මට හිතුනෙ මම යන්නෙ මොනවගේ රටකටද කියල.
ඔන්න ඉතින් කලබල ජරමර අතරේ මම ගුවන් තොටුපොලින් එලියට ආව මගෙ නියෝජිතයා එක්ක. අපිත් එක්ක ඔක්කොම ළමයි 100ක් විතර අවිත් හිටියා. මට පස්සෙ තමයි දැන ගන්න ලැබුනේ එයාල ඔක්කොම යන්නෙ බැoගලොර් විශ්ව විද්යා්ලයට කියල.
ඒත් මගෙ හිතේ පුන්චි බලා පොරොත්තුවක් තිබ්බ මැoගලොර් යන කෙනෙක් මේ අතරෙ ඉඳීවි කියල.
අපේ නියෝජිතයා කිව්ව විදියට මමත් ගිහිල්ලා එතන නවත්තල තිබ්බ බස් එකට නැග්ගා. නැගල එතන හිටිය යාලුවෙක් එක්ක පොඩි චැටක් දාගෙන හිටිය. එතකොටම අර uncle අවිත් කියපි.... "ඔයා මොකද මේ බස් එකෙ කරන්නෙ. ඔයා මේකෙන් බහින්න. මේකෙ යන්නෙ බැoගලොර් යන ළමයි විතරයි" කියල. මමත් ඉතින් බස් එකෙන් බැහැගත්තා. ඊට පස්සෙ මේ uncle කියනව, “මැoගලොර් යන්නෙ ඔයා විතරයි. ඔයා යන්නෙ ට්‍රේ,න් එකෙන්. මේ මනුස්සය ඔයවව එහෙට එක්ක යයි” කියල මාව එතන හිටිය මනුස්සයෙක්ට බාර දුන්න. එයාගෙ නම "බාසා". මිනිහා චෙන්නයි උනාට සිoහල, දෙමළ කතා කරන්න පුලුවන්. ඔන්න ඉතින් මගේ යලුවො ටික අර බස් එකේ යන අතරේ මමත් බාසාත් එක්ක ගියා ත්‍රී විලර් එකක නැගල ස්ටේශන් එකට. මේ යන අතරේ මිනිහා මට ට්රෙේන් ටිකට් එක දීල මාව වෙන ත්රී්විලර් එකකට නග්ග්ගවල කිව්ව, "He will drop you to there" කියල. මමත් ඉතින් "Ok" කියල ආව.
මේ මනුස්සයා මාව චෙන්නයි දුම්රිය පොළින් මාව බස්සවල මට දෙමළින් මොනවදො කිව්ව.මට ඒක හරියටම තෙරුනේ නැතැත්, මෙතන ඉඳල මට තනියෙම යන්න වෙන බව මට තේරුනා. මේ වෙද්දි වෙලාව දවල් 12.00 ට විතර ඇති. මට දෙයියන් බුදුන් සිහි උනේ චෙන්නායි දුම්රිය පොළ ඇතුලට ගියාට පස්සෙ. සෙනග 100ක් විතර මාව වට කරගත්තා. "ස’ර්.. තමිල් තෙරියමා ? konsa language? Sri Lanka ? ඒ මිනිසුන් මගේ බැග් එක අරගෙන ගිහින් දෙන්න පොර කෑව. අලි මදිවට හරක්!!! බොහොම අමාරුවෙන් ඒ වදෙනුත් බේරිලා මම "station" එක ඇතුලට ආව.
ඒක ගොඩාක් කලබල තැනක්. මම මගේ ලොකු බැග් දෙකත් තල්ලු කරගෙන එතන හිටිය පොලිස් කාරයෙක් ගෙන් කොච්චිය ගැන විස්තර ඇහුවා. බොහොම අමාරුවෙන් හස්ත භාශාවෙන් කොච්චිය තියෙන තැනයි, ඒක චෙන්නයි වලින් පිටත් වෙන්නෙ රෑ 8.10 කියලයි අහගත්තා.ඉතින් දවල් 12.00 ඉඳල රෑ 8.00 වෙනකන් මම දුම්රිය පොළේ එහේ මෙහේ ඇවිද ඇවිද හිටියා.
ඉන්දියාවෙ කොච්චර දුප්පත් මිනිස්සු ඉන්නවද කියල බලන්න කාට හරි "station" එකට ගියාම හොඳටම ඇති. මේ ඔක්කොම අතරේ ඉන්දියාවට බොහොම ලස්සන ස්Oස්කෘතියක් තියෙනවා කියල මට හිතුන. කොහොමින් කොහොමහරි රෑ 8.00ට විතර ආපු ට්‍රේන් එකට මම නැග්ගා. (Flat form number 17) ට්‍රේන් එකේ නම west cost express.
මම කලින් නිතරම වගෙ ට්‍රේන් එකේ ගිහිල්ල තිබ්බත් මේක මට අලුත්ම අත්දැකීමක් උනා. ඔක්කොම දෙවල් වෙනස්. මගේ ලඟම හිටියෙ වයස 40ක් විතර වෙච්ච uncle කෙනෙක්. මෙයා දවස් 3ක් තිස්සෙ ට්‍රේන් එකේ එනවලු. (බිහාර් ඉඳල) එයත් මැoගලොර් යනව කිව්ව නිසා ටිකක් විතර බය අඩු උනා.
කලින්ම මම අහල තිබ්බ විදියට මගේ ට්‍රේන් එක මැoගලොර් වලට යද්දි 2.30 වෙනව කිව්ව. මම හිතුවෙ පැය 6කින් විතර මැoගලොර් ව්ලට යයි කියලා. මම කෝකටත් කියල එතන හිටිය කෙනෙක් ගෙන් අහුව මේක මැoගලොර් යනකොට කීය විතර වෙයිද කියල. ඔන්න එතකොට තමයිමම දන ගත්තෙ අර "බාසා" කියල තියෙන්නෙ පාන්දර 2.30 නෙමේ, පහුවෙනිද දවල් 2.30 ගැන කියල. ඔක්කොම පැය 17 1/2ක්.
ගොඩාක් ලොකු කොච්චියක්. පෙට්ටි 20 – 25 ක් විතර තිබ්බා. එතුවක් කාලෙකට මම දැකල තිබ්බ ලොකුම කොච්චිය. මේ පැය 17 ඇතුලත ගොඩක් මිනිස්සු කොච්චියට නැගල බැහැල ගියා. එක එක විදියෙ මිනිස්සු.
හැම තිස්සෙම "කිරි"යි "කෝපි"යි අරගෙන මිනිස්සු "චායා... චායා.... කෆේ... කෆේ... කිය කියා යනවා.
මේ අතරෙ තව මිනුස්සයෙක් බිරියානි, චපාති, පුලාවො, පූරි අරගෙන යනව. ලoකාවෙ වගේම කඩල, ටොෆි, වතුර බෝතල්, බීම බොතල් අරගෙන යන වෙළෙන්දොත් ගොඩාක් හිටිය. මේ මොහොමයක් දෙවල් මට අලුත් දේවල්. මමත් ගෙදර ගැන, අලුත් විශ්ව විද්‍යා ල ජීවිතය ගැන හිත හිත කොච්චියේ ගියා. සමහර දුම්රිය ස්ථාන වල විනඩි 15 - 20ක් විතර නවත්තල තිබ්බ. (කට්පඩි Katpadi, ඊරෝඩ් ජන්ශන් Eroad Junction, කැලිකට් Calicut) සමහර මිනිස්සු මේ වගේ තැන් වලදි, කොච්චියෙන් බැහැල වතුර ටිකක් නා ගත්තා. කොහොමින් කොහොම හරි හරි වෙලාවටම කොච්චිය කන්හන්ගෝඩ් (Kanhangod), කාසර්ගෝඩ් (Kasargod) දුම්රිය ස්ථාන පහුකරල පහුවෙනිදා දවල් 2.30 වෙද්දි මැoගලොර් වලට ආව.
මම මැoගලොර් දුම්රිය ස්ථානයෙන් බැහැල ඒ වෙද්දි එහේ ඉගෙන ගන්න ලoකාවෙ ශිෂ්යලයෙක් වෙච්ච රoගික ඇවිල්ලද කියලා ටිකක් එහේ මෙහේ බැලුවා. අඳුර ගන්න බැරි වෙච්ච හින්ද මම ලඟ තිබ්බ "Coin Box" එකකින් රoගිකට call එකක් දුන්න. කොහොමින් කොහොම හරි විනාඩි 15 කට විතර පස්සෙ රoගිකව හොයා ගත්තා.
ඒ වෙද්දි මගෙ විශ්ව විද්යා්ලයේ වාහනයක් අවිල්ල තිබුන මාව එක්ක ගෙන යන්න. ඒ වෙලාවෙදි අපි මැoගලොර් නගරය මැද්දෙන් ලාල්බාග් (Lalbagh), වගේ නගර පහු කරල මගේ විශ්ව විද්යාකලයේ, අපේ Department එකට ආවා. එදා ඉරිදා දවසක්. ඒක නිසා ළමයි හිටියේ නැහැ. මම Admission කාමරයට ගිහින් මගේ ගෙවීම් කරලා ඔක්කොම වැඩ ඉවර කර ගත්තා.
ඊට පස්සෙ අපේ විශ්ව විද්යාඔලයේ සභපති තුමා මගෙන් ඇහුවෙ Do you like to stay in the hostel or……? කියලයි. මේකට උත්තරේ දෙන්නෙ කොහොමද කියල මට රoගික කියල තිබ්බෙ. මම කිව්ව "Sir, I prefer to stay out, I wish to stay with other Sri Lankan students”
මම හිටපු ගෙඩනැගිල්ලෙම තමඉ අපේ ලoකවෙ ගෑණු ළමයින්ගෙ නේවාසිකාගාරය තිබ්බෙත්.(එයාලට නේවාසිකාගාරයේම නැවතීම අනිවාර්යයී) ඔන්න ඒ වෙලවෙම දක්ෂි කියලා අපේ ලoකාවෙ ළමයෙක් අපිව හම්බ වෙන්න ආවා. (දැන් නම් ඉතින් හොඳ යාලුවෝ)
ඔන්න ඊට පස්සෙ අපි ගියා අපේ බෝඩිමට. මට මතක් වුනේ අර TV එකේ ගිය ටෙලි නාට්යුය. "බොඩිම". ඊට වඩා වැඩි වෙනසක් තිබ්බෙ නැහැ. (කොල්ලොන්ගෙ ගොඩක් බෝඩිම් ඔහොම තමයි නේද:)
ඒ ගෙදර ඔක්කොම 4 දෙනයි (මාත් එක්ක)
රoගික (මාවනැල්ල), ප්ර්සාද් (නුවර), කවිරත්න (කලුතර)
මේ අය ගැන විස්තර පස්සෙ කියන්නම්....
එදා උයලා තිබ්බෙ අලයි පරිප්පුයි බතුයි : ) ලoකාවෙ විදියට.
ටොක වෙලාවකින් මම දක්කා රoගික, කවී එහෙම නාලා, එහෙම හොඳ ඇඳුමක් දාගෙන,, පව්ඩර් එහෙම දාගෙන ලැස්ති වෙනව. මම හිතුවෙ කොහේ හරි යන්න ලැස්ති වෙනව කියල. ඒක නිස මම ඇහුව කොහේද යන්න හදන්නෙ කියල. ඔන්න එතකොට මම දැන ගත්ත තව ටිකකින් ලoකාවෙ ගෑණු ළමයි ටික අපේ බෝඩිමට එනව කියල.
විනාඩි 10කින් විතර ඔන්න 10 ක් විතර කට්ටිය අපේ බෝඩිමට කඩා පත් උනා. :) මේක කවී හැඳින්වුවේ "සුනාමි තත්වයක්" කියල. : )
මෙතන හිටිය අලුත් අය 4 දෙනෙකුත්. සුපුන් (බත්තරමුල්ල) උදාරා (මතුගම) අකලන්ක (ගම්පහ) හිරුණි (මාතර)
පරණ අය හිටියෙ නවම්මලී (නාරාහේන්පිට), දක්ෂි (ගම්පහ), මඩූ (නුවර), ශෂි (ගාල්ල), රoගික, ප්රටසාද්, කවිරත්න, චාමර (පානදුර), දිනේෂ් (මාතලේ), ගොඩ්ෆ්රිග (ත්‍රිකුණාමලය)
ඔන්න ඉතින් අපේ අයියල ටික මේ ඔක්කොටම කතා කරල තිබ්බෙ පොඩි රැග් එකක් දෙන්න. (මොකක් උනත් ලoකාවෙ නේ…....)
හැබයි අපේ සෙට් එක හිතූ තරම් රැග් උනේ නම් නැහැ. (පව් අපේ seniors ලා එක නoගි කෙනෙකුට කිව්වා A/L Bio කරල තිබ්බ නිස ප්‍රeජනනය ගැන කතවක් කරන්න කියල. මේ නoගිත් මො මොලේ පාවිච්චි කරල ශාක ප්රිජනනය ගැන, වයිරස ප්‍ර ජනනය ගැන, කතා කරල අන්තිම ටිකේදි පොඩ්ඩක් විතර සත්ව ප්‍ර ජනනය ගැන කතා කරල කතාව ඉවර කලා. ඔන්න ඔතෙන්දි තමයි අපේ seniors ලට ටිකක් මළ පැන්නෙ. මම A/L bio කරල තිබ්බ නිසා මට කිව්ව මෙයා කතා කරන දේ හරිද කියල බලන්න කියල. මම කිව්ව හරියටම හරි කියල එයට මිස් වෙච්ච පොයින්ට්ස් ටිකක් මතක් කරල දුන්න. ඔන්න අපේ අයියලාට ඒ පාර මාත් එක්කත් මළ පැනලා. තවත් ටිකක් ඒ නoගිගෙන් අහුවා. ඊත් ඉතින් එයාව bite කරන්න කාටත් ටිකක් අමාරු උනා.
මටත් ඉතින් ටිකක් happy. මොකද ඉතින් අපේ සෙට් එකේ කෙල්ලෙක් නේ. ඔන්න ඊලඟ වාරෙ මගේ. මේ වෙද්දි රoගික එහෙම දැනගෙන හිටිය මම Ceylon Hotel School එකේ ඉගෙන ගෙන ඇවිත් තියෙන්නෙ කියල. මෙතන "Hospitality Science" කරන අය ඔක්කොම හිටිය 4 දෙනෙක්. (රoගි, කවි, ගොඩ්ෆ්‍රි , දිනේශ්), ඔන්න මගේ පලවෙනි ප්‍රiශ්ණෙ මම ගැන හැඳින්වීමක්. ඒකත් ඉවර උනා. ඒට පස්සෙ මගෙ French දැනුම බලන්න මගෙන් ෆ්රෙනන්ච් ප්රයශ්න ටිකක් ඇහුව. ඒකත් පාස්. ඊට පස්සෙ Cookery ප්රනශ්න ටිකකුත් ඇහුව. අන්තිමට ඉතින් සින්දුවකුත් කියල, ස්තුති කතාවකුත් කරල මගේ වාරෙත් ඉවර උනා.
සුපුන්ට කිව්ව English song එකකට සිoහල විදියට නටන්න කියලා මේ අතරේ නවම්මලී සහ ප්‍රyසාද් අපිට තේ ටිකකුත් හැදුව. හැබැයි ඉතින් overall අපි සෙට් එක වැඩිය රැග් උනේ නම් නැහැ. අපි ඕක පස්සෙ මතක් කරල හිනා වෙච්ච වෙලාවල් තිබ්බ. අපේ Seniors ල ටික නම් අපිව රැග් කරන්න ගිහින් ගොඩක් රැග් උනා. (මම හිතනව රoගි මේක කියවල මළ පනින එකක් නැහැ කියල) :) මොකක් උනත් එදා ආපු ගොඩක් අය අද හොඳ යාලුවො.magelokayahttp://www.blogger.com/profile/05177344517329424383noreply@blogger.com0tag:blogger.com,1999:blog-4647076038710552786.post-51235602416525110952010-01-06T08:57:00.001-08:002010-01-06T08:57:42.378-08:00මගේ විශ්ව විද්‍යාලෙ විස්තර කිව්වොත්, මේක තියෙන්නෙ මැOගලොර් (මOගලූරු)(Mangalore) කියන ගමේ. බැOගලෝර්(Bangalore) නගරයේ ඉඳල පැය 8ක ගමනක්. (ඉන්දියාවෙ දුරවල් කියන්නෙ තාම පැය වලින්) කොහොම උනත් කිලෝ මීටර් 390ක් විතර දුර.
මෙක නගරයකට වඩා කිට්ටු ගමකට. මැOගලොර් යන ඕනෙම කෙනෙකුට මුම්බායි, ගෝවා වගේ ලොකු නගර වලට යන අඩිවේගී පාරවල්, සුඛොපභෝගී බස් රථ වගේම අස් වද්දපු කුඹුරු යායවල්, බොහොම සද්දෙන් දෙයියන්ට කන්නලව් කරන මිනිස්සු, නලලෙ තිලක තියාගෙන බුලත් විට කොටන අච්චි අම්මල එහෙමත් බලා ගන්න පුලුවන්. ඒක නිසා මට මේක නගරයකට වඩා ගමක්.
මගේ විශ්ව විද්‍යාලය කර්නටක ප්‍රාන්තයේ තියෙන පිලිගත් විශ්ව විද්‍යාලයක්. ඊට අමතරව මේ මැOගලොර් නගරය ප්‍රසිද්ඩ වෙලා තියෙන්නෙ අඩ්යාපනය සඳහා. මේ නගරයෙ අවුරුදු සිය ගනන් පැරණි පාසල්, උපාඩි ආයතන එහෙමත් තියෙනව. මේ හේතු නිසා කර්ණාටක ප්‍රාන්තයෙ විතරක් නෙමේ, ඉන්දියවෙ අනිත් ප්‍රාන්ත වන කේරල, හිමාචල් ප්‍රදේශ්, මඩ්ය ප්‍රදේශ්, පන්ජාබ්, තමිල්නාඩු, කාශ්මීර්, බිහාර්, ගුජරාත්, ගෝවා, මනිපූර් වගේම නේපල්ය, බOගලාදේශය, මාලදිවයින, ඉරාණය, ඩුබායි, කෙන්යාව, ටැන්සානියාව, කටාර් වගේ රටවල් විසි ගණනක ළමයින් මේකෙ ඉගෙන ගන්නවා.magelokayahttp://www.blogger.com/profile/05177344517329424383noreply@blogger.com0tag:blogger.com,1999:blog-4647076038710552786.post-13890949371688964562010-01-06T07:47:00.000-08:002010-01-06T09:19:12.778-08:00මම ගැන පොඩ්ඩක්....
ඔන්න කලෙක ඉඳල මට blog එකක් ලියන්න තිබ්බ ආසාව අද ඉශ්ඨ උනා. මට මොනව හරි දෙයක් ලැබෙන්න නම් ටිකක් මහන්සි වෙන්න වෙනව. මේකත් ඒ වගේ තමයි.
මම එක කරන්න පටන් ගත්ත වෙලවෙ ඉඳල පස් වතාවක් මහේ මේ නාකි පරිගණකෙ restart උනා. :)
මම මොනව ලියන්නද කියල තාම නම් හිතුවෙ නැහැ. ඒත් සමහර වෙලාවට හිතට එන දෙයක් කාට හරි කියන්න ඕනෙ වෙන වෙලවල් තියෙනව. ඒක නිසා මගේ මේ බ්ලොග් එක මට හොඳ යාලුවෙක් වෙයි.
ඉතින් මම මේක කලොත් සමහර විට කියවන කෙනෙක්ට හිතෙයි මෙක අච්චාරුවක් කියල. :)
මම ගැන පොඩ්ඩක් කිව්වොත්.......
වයස නම් 24ක් විතර වෙනව මයෙ හිතේ. මම දැනට ඉන්දියාවෙ කර්නාටක ප්‍රාන්තයේ මැන්ගලොර් විශ්ව විද්‍යාලයේ සත්කාරක සේවා විද්‍යාව කියන උපාඩිය හදාරනව"B. Sc. (Hospitality Science)". මේක නිසා ගෙදරින් ඇත් වෙලා ඉන්න වෙලා තියෙනව. ගොඩක් වෙලාවට මට blog එකක් ලියන්න හිතෙන්න ඇත්තෙ මේක හන්ද වෙන්න ඇති.magelokayahttp://www.blogger.com/profile/05177344517329424383noreply@blogger.com1