Friday, January 08, 2010

කෝකි අoකල්

මම නැවතිලා ඉන්නෙ පෞද්ගලික නේවාසිකාගාරයක. මේකෙ ඔක්කොම නේවාසිකයන් 50ක් විතර ඉන්නවා. කාමර වර්ග දෙකක් තියෙනවා. එක ජාතියක කාමරයක ඉන්න ඕනෙ 5දෙනෙක්. අනිත් වර්ගයේ ඒවගෙ ඉන්න ඕනෙ දෙන්නයි. මම ඉන්නෙ මේ දෙවැනියට කිව්ව ජාතියේ කාමරයක. මගෙ කාමර සගයා ලoකාවෙ කොල්ලෙක්.

නම අකලoක. ඉන්නෙ ගම්පහ. මිනිහ ගැන මම ටිකක් කලින් blog post එකකදි කියල ඇති.
මේ hostel එකේ කෑම උයන්න ඉන්නව හෙන සයිස් uncle කෙනෙක්. නම නම් මතක නැහැ. මිනිහගේ කෑම ගැන කියනවනම්.....
මිනිහ හැමදාම හවසට වෙන කඩේකට ගිහින් කාල එන්නෙ. මෙයාගෙ ජoගම දුරකතනයේ ring tone එක තමයි, " චල චයිය චයිය චයියා චයියා" කියල ප්‍රසිද්ඩ හින්දි සින්දුවක්. එයාට උදව්ව්ට ඉන්නව තව uncle කෙනෙක්. අපි මෙයාට කියන්නෙ පොඩි මාම කියල (Code name)
මේ අය ගැන හොඳ කතා නම් තියෙනවා. ඒත් ඒවා මේ බ්ලොග් එකේ දාන්න පුලුවන්ද කියන එක ගැන තමයි සැක. අපේ මේ අනිත් uncle ට අපි කිව්වෙ "කෝකියා" කියල. (මේ code නම අපිට ගොඩක් ප්‍රයොජනවත් වෙනවා. අපි සිoහලෙන් කතා කරද්දි, විශේෂයෙන්ම වෙන අය ඉන්න තැන් වලදි (ඉන්දියානුවන්) මේක ගොඩක් ප්‍රයොජනවත්. අපේ කැම්පස් එකේ කාර්යාල සහායක කෙනෙක් ඉන්නවා "සන්තුශ්". මෙයාට අපි කියල. මෙයට අපි කියන්නෙ "භාතියගෙ යාලුවා" කියල, Chairman ට කියන්නෙ "පුටුවෙ එකා" කියලා, තව "ජෝශප්" කියලා ඕමානයේ මස්කට් කියන නගරයේ ළමයෙක්ට කියන්නෙ "දොදොලා" කියල. මේ code names දාල තියෙන්නෙ එයා ඉන්න තැනකදි උනත් එ ගැන, එයාට නොතේරෙන විදියට කතා කරන්න.

දවසක් මම උදේට කන්න කෑම කාමරේට ගියාම උණු උණු පූරි තිබ්බ. අපි කන්න ආසම කැම තමයි මේක. ඉතින් මම ඉක්මනට මගෙ කාමර සගයාට "කෙටි පණිවිඩයක් යැව්වා පූරි නිවෙන්න කලින් කන්න එන්න කියලා. මෙන්න නිදාගෙන හිටිය එකා විනාඩි 2ක් යන්න කලින් කෑම කාමරේ. මිනිහත් මම වගේ පූරි පෙරේතයෙක්.
අපිට පොඩි පූරි 4ක් දෙනව කන්න. ඔන්න මිනිහගෙ පූරි පිඟාන ගේන අතරෙ මිනිහ සද්දෙන් කියනව.. “කෝකියෝ, මට ලොකු පූරියක් දීපන්" කියල. (සිoහලෙන් - ජෝක් එකට) වෙනද අපි සිoහලෙන් කතා කරද්දි හිනාවෙන මිනිහා අද ටිකක් දරුණු විදියට බැල්මක් දාල රවල බැලුව. අපිට මේක ෆුල් කචල්. මොකද අපි පුරුදු වෙල හිටියෙ අපේ නේවාසිකාගාරයේ කාටවත් තේරෙන්නෙ නැති හින්ද අපි ඕනෙම දෙයක් කතා කරන්න. මොකද කාටත් සිoහල වචනයක්වත් බහැනෙ.

මෙන්න මේ හේතුව නිසා අපි දෙන්න තීරණය කලා මේ සිද්ඩිය "ව්කේෂ්" කියල අපේ හොඳ යාලුවෙකුට කියල බලන්න. අපි මිනිහට මේක කිව්වට පස්සෙ මිනිහ ඇස් දෙක ලොකු කරගෙන අපෙන් අහනව, කව්ද මේක අපිට කියල දුන්නෙ කියල (මේ කෝකියා කියන නම) . අපිට මේක ප්‍රෙහේලිකාවක්. අපි මිනිහට ඇත්තම කිව්ව. මේ නම අපි පාවිච්චි කරන්නෙ කෑම උයන කෙනෙක්ව හඳුන්වන්න කියල. මේක අහපු විකේෂ් බඩ අල්ලගෙන හිනාවෙන්න පටන් ගත්තා. අපිට තවත් පුදුමයි.

අපි විකේෂ්ගෙන් තමයි දැනගත්තෙ"කෝකි" කියන වචනයෙ කන්ණඩා" භෂාවෙන් තේරුම "පුරුෂ ලිoගය" කියන එක බව.

Thursday, January 07, 2010

යාලුවෝ....






මීට අමතරව මම ඉස්සෙල්ල කිව්ව වගේ, ඉන්දියාවෙ හැම පත්තකින්ම වගේ ආපු ළමයි ඉන්නවා. මගේ හොඳම Fit එක තමයි උමේශ්. උමේශ් කුමාර් පටේල්. එයා නෙපාල ජාතිකයෙක්.මෙයා තමයි මගේ (Official translator - Hindi to English, English to Hindi) විදියට කටයුතු කරන්නෙ. උමේශ්ට හින්දි, බෙන්ගාලි, බජ්පූරි, ගුජරාටි වගේ භෂා 10 - 12ක් කතා කරන්න පුලුවන්. මව් භෂාව නේපාලි.ගොඩාක් හොඳ යාලුවෙක්. මෙයාට උතුරු ඉන්දියානුවන් පෙන්නන්න බැහැ. මයලාලි, දෙමළ, කර්නාටක වගේ දකුණු ඉන්දියානු ළමයි එක්ක තම යි මෙයා ගොඩාක් හිතවත්. ලoකාවෙ ළමයි එක්ක නම් ගොඩාක් හිතවත්. මෙයාට අපේ ලoකාවෙ ගෑණු ලමයෙක් ගැන පොඩි crush එකක් වගේ තිබ්බ. මේක නිසා එයාට තැපෑලෙන් සියඹලා, අඹ වගේ දෙවල් තාමත් යවනව. ඒත් අහිoසකයා පොඩ්ඩක් පරක්කු වැඩී. මෙයා නිතරම කියන්නෙ.... “Nadee..., She (Dh_ _s_i) can be the queen of my mango state. I know she loves Mangoes. Still she has time.. :P :P” මෙයා මට කියන්නෙ භායි ජාන් (loving brother) කියල.



_______________
අනිත් එක්කෙනා තමියි, අශීෂ් ථාකූර්. මෙයා එයාගෙ පෙලපත ගැන කියන්න හරිම කැමති. මෙයා එන්නෙ රජ පෙලපතකින්ලු. අපෙ ලoකාවෙ ගැණු ළමයි කීප දෙනෙක් මෙයාට try කලත් වැඩේ නම් පොඩ්ඩක් අසාර්ථක උනා. මෙයාට කියන්නෙ අයිෂු කියලා



________________
ඊලඟට රන්දීප් සිo. මෙයා පන්ජාබි ජාතිකයෙක්, හරි පණ්ඩිතයෙක්. උමේශ්ගේ මෙයාගේ පොඩි කෝන්තරයක් තියෙනවා. උන් දෙන්න වලි දා ගන්න ගියාම ගොඩක් වෙලාවට විසදන්නෙ මම. මෙයාට accounts නම් හොඳට පුලුවන්. මෙයා ගිරවා දන්න ගොඩක් ප්රශසිද්ඩයි. Nick name එක “ජට්ටේ”



________________
අනිත් එක්කෙනා නම් බොහොම කලාතුරකින් දකින්න ලැබෙන කෙනෙක්. මෙයාගෙ නම සෙරීන්. සෙරීන් වන්ගියාර් (Xerin Wangiyar). මෙයා ටිබෙට් ජාතිකයෙක්. සෙරීන් කොච්චර කථිකාචර්යවරු බැන්නත් පන්තියට එන්නෙ ඔලුවට band එකක් දාගෙන. අපෙ ප්‍රන්ෂ භෂා කථිකාචර්යාට මොහු දකිනකොට ප්‍රන්සය මතක් වෙනවාලු.

මගේ Faculty එක



මේ පාර මම හිතුවා මගේ Faculty එක ගැන ටිකක් ලියන්න.

මේක තියෙන්නෙ මැoගලොර් නගරයට ටිකක් ඈතින්. පොඩි කඳු මුදුනක. ඔක්කොම ළමයි ඉන්නව 200ක් විතර මගේ හිතේ.


(My campus)

ඔක්කොටම ඉන්නෙ ගෑණු ළමයි 2ක් විතරයි (‍යාමිනී - හසන් දිස්ත්රි2ක්කය, කර්නාටක ප්රා.න්තය සහ රශ්මී (කේරල ප්රාවන්තය. මේ රශ්මී නම් මාත් එක්ක කතා කරල තියෙන්නෙ 2 - 3 පාරක් විතරයි.මෙයා හැමදේකටම ලැජ්ජාවෙන් හිනාවෙන ළමයෙක්. එයත් එක්ක කතා කිරීමට තියෙන මූලික සුදුසුකම තමයි මලයාලම් භාෂාව දැනගෙන සිටීම. කොටින්ම කිව්වොත් සෙමෙස්තර් අවසාන විභගේ ප්රාකයොගික පරීක්ෂණය දවසෙත් මෙයා කිසිම ප්රනශ්ණකට උත්තර නොදී හිනා වෙවී ඉඳල. මෙයත් අර සාම්ප්‍රදායික විදියටම කොන්ඩෙ ගොතා ගෙන, කකුලෙ වලලුකර දක්වා දිග සායක් එක්ක බෝරිච්චි අත් දාපු හැට්ටයක් අන්දින, දුග ලොකු කරාබු දාන, වලලු දගෙන ඉන්න ගෑනු ළමයෙක්. , සමහර වෙලාවට හේතුවක් නැතුවත් ලැජ්ජාවෙන් හිනා වෙනව.
අනිත් එක්කෙනා ඊට ගොඩාක් වෙනස්. නම යාමිනී. මෙයාගෙ විනොදාන්ශෙ තමයි අර අනිත් ගෑණු ළමයව (රශ්මි) Bite කිරීම. ගොඩක් forward ළමයෙක්.



අනිත් එක්කෙනා ඊට ගොඩාක් වෙනස්. නම යාමිනී. මෙයාගෙ විනොදාන්ශෙ තමයි අර අනිත් ගෑණු ළමයව (රශ්මි) Bite කිරීම. ගොඩක් forward ළමයෙක්.

අමතක නොවන දවසක්





අද මම කියන්නම් මගේ ජීවිතයේ අමතක නොවන දවසක් ගැන....

මේක මම මුලින්ම ඉන්දියාවට ආපු දවස ගැන. මීට අවුරුදු දෙකකට කලින් තමයි මේ සිද්ඩිය උනේ. මම මගෙ විශ්ව විද්යාආලයට ආවෙ නියෝජිතයෙක් හරහා. මම මීට කලින් ඉන්දියාවට ගිහින් තිබුනෙත් නැහැ. ඔන්න ඉතින් ඒ දවසෙ මම සහ තව ළමයි කීප දෙනෙක් එක්ක මම කටුනායක ගුවන් තොටුපලින් චෙන්නායි නගරයට ගියා. ශ්‍රී ලාන්කිකයෙකු වීම ගැන මට මුලින්ම ආඩම්බර වුනේ එදා කියල කියන්න පුලුවන්. මොකද, "1st impression is the lasting impression" කියන දේ මම ඇත්ත කියල මට හිතුනා..

මුලින්ම ගුවන් තොටුපොල ඇතුලට ගියාම එක තැනක මිනිහෙක් බදාම අන අන හිටියෙ.මම පුදුම උනා. මේක අන්තර්ජාතික ගුවන් තූටුපොලක් නේද කියල. පස්සෙ මම ආගමන - විගමන කවුලුවට ගියාම එතන පරණ වෙච්ච සාරියක් ඇඳගත්ත වයසක කාන්තාවක් කොළපතකින් පොළව අතු ගගා හිටිය. එදා තමයි මට හිතුනෙ මම යන්නෙ මොනවගේ රටකටද කියල.

ඔන්න ඉතින් කලබල ජරමර අතරේ මම ගුවන් තොටුපොලින් එලියට ආව මගෙ නියෝජිතයා එක්ක. අපිත් එක්ක ඔක්කොම ළමයි 100ක් විතර අවිත් හිටියා. මට පස්සෙ තමයි දැන ගන්න ලැබුනේ එයාල ඔක්කොම යන්නෙ බැoගලොර් විශ්ව විද්යා්ලයට කියල.
ඒත් මගෙ හිතේ පුන්චි බලා පොරොත්තුවක් තිබ්බ මැoගලොර් යන කෙනෙක් මේ අතරෙ ඉඳීවි කියල.
අපේ නියෝජිතයා කිව්ව විදියට මමත් ගිහිල්ලා එතන නවත්තල තිබ්බ බස් එකට නැග්ගා. නැගල එතන හිටිය යාලුවෙක් එක්ක පොඩි චැටක් දාගෙන හිටිය. එතකොටම අර uncle අවිත් කියපි.... "ඔයා මොකද මේ බස් එකෙ කරන්නෙ. ඔයා මේකෙන් බහින්න. මේකෙ යන්නෙ බැoගලොර් යන ළමයි විතරයි" කියල. මමත් ඉතින් බස් එකෙන් බැහැගත්තා. ඊට පස්සෙ මේ uncle කියනව, “මැoගලොර් යන්නෙ ඔයා විතරයි. ඔයා යන්නෙ ට්රේ,න් එකෙන්. මේ මනුස්සය ඔයවව එහෙට එක්ක යයි” කියල මාව එතන හිටිය මනුස්සයෙක්ට බාර දුන්න. එයාගෙ නම "බාසා". මිනිහා චෙන්නයි උනාට සිoහල, දෙමළ කතා කරන්න පුලුවන්. ඔන්න ඉතින් මගේ යලුවො ටික අර බස් එකේ යන අතරේ මමත් බාසාත් එක්ක ගියා ත්රී විලර් එකක නැගල ස්ටේශන් එකට. මේ යන අතරේ මිනිහා මට ට්රෙේන් ටිකට් එක දීල මාව වෙන ත්රී්විලර් එකකට නග්ග්ගවල කිව්ව, "He will drop you to there" කියල. මමත් ඉතින් "Ok" කියල ආව.
මේ මනුස්සයා මාව චෙන්නයි දුම්රිය පොළින් මාව බස්සවල මට දෙමළින් මොනවදො කිව්ව.මට ඒක හරියටම තෙරුනේ නැතැත්, මෙතන ඉඳල මට තනියෙම යන්න වෙන බව මට තේරුනා. මේ වෙද්දි වෙලාව දවල් 12.00 ට විතර ඇති. මට දෙයියන් බුදුන් සිහි උනේ චෙන්නායි දුම්රිය පොළ ඇතුලට ගියාට පස්සෙ. සෙනග 100ක් විතර මාව වට කරගත්තා. "ස’ර්.. තමිල් තෙරියමා ? konsa language? Sri Lanka ? ඒ මිනිසුන් මගේ බැග් එක අරගෙන ගිහින් දෙන්න පොර කෑව. අලි මදිවට හරක්!!! බොහොම අමාරුවෙන් ඒ වදෙනුත් බේරිලා මම "station" එක ඇතුලට ආව.
ඒක ගොඩාක් කලබල තැනක්. මම මගේ ලොකු බැග් දෙකත් තල්ලු කරගෙන එතන හිටිය පොලිස් කාරයෙක් ගෙන් කොච්චිය ගැන විස්තර ඇහුවා. බොහොම අමාරුවෙන් හස්ත භාශාවෙන් කොච්චිය තියෙන තැනයි, ඒක චෙන්නයි වලින් පිටත් වෙන්නෙ රෑ 8.10 කියලයි අහගත්තා.ඉතින් දවල් 12.00 ඉඳල රෑ 8.00 වෙනකන් මම දුම්රිය පොළේ එහේ මෙහේ ඇවිද ඇවිද හිටියා.
ඉන්දියාවෙ කොච්චර දුප්පත් මිනිස්සු ඉන්නවද කියල බලන්න කාට හරි "station" එකට ගියාම හොඳටම ඇති. මේ ඔක්කොම අතරේ ඉන්දියාවට බොහොම ලස්සන ස්Oස්කෘතියක් තියෙනවා කියල මට හිතුන. කොහොමින් කොහොමහරි රෑ 8.00ට විතර ආපු ට්රේන් එකට මම නැග්ගා. (Flat form number 17) ට්රේන් එකේ නම west cost express.
මම කලින් නිතරම වගෙ ට්රේන් එකේ ගිහිල්ල තිබ්බත් මේක මට අලුත්ම අත්දැකීමක් උනා. ඔක්කොම දෙවල් වෙනස්. මගේ ලඟම හිටියෙ වයස 40ක් විතර වෙච්ච uncle කෙනෙක්. මෙයා දවස් 3ක් තිස්සෙ ට්රේන් එකේ එනවලු. (බිහාර් ඉඳල) එයත් මැoගලොර් යනව කිව්ව නිසා ටිකක් විතර බය අඩු උනා.
කලින්ම මම අහල තිබ්බ විදියට මගේ ට්රේන් එක මැoගලොර් වලට යද්දි 2.30 වෙනව කිව්ව. මම හිතුවෙ පැය 6කින් විතර මැoගලොර් ව්ලට යයි කියලා. මම කෝකටත් කියල එතන හිටිය කෙනෙක් ගෙන් අහුව මේක මැoගලොර් යනකොට කීය විතර වෙයිද කියල. ඔන්න එතකොට තමයිමම දන ගත්තෙ අර "බාසා" කියල තියෙන්නෙ පාන්දර 2.30 නෙමේ, පහුවෙනිද දවල් 2.30 ගැන කියල. ඔක්කොම පැය 17 1/2ක්.
ගොඩාක් ලොකු කොච්චියක්. පෙට්ටි 20 – 25 ක් විතර තිබ්බා. එතුවක් කාලෙකට මම දැකල තිබ්බ ලොකුම කොච්චිය. මේ පැය 17 ඇතුලත ගොඩක් මිනිස්සු කොච්චියට නැගල බැහැල ගියා. එක එක විදියෙ මිනිස්සු.

හැම තිස්සෙම "කිරි"යි "කෝපි"යි අරගෙන මිනිස්සු "චායා... චායා.... කෆේ... කෆේ... කිය කියා යනවා.
මේ අතරෙ තව මිනුස්සයෙක් බිරියානි, චපාති, පුලාවො, පූරි අරගෙන යනව. ලoකාවෙ වගේම කඩල, ටොෆි, වතුර බෝතල්, බීම බොතල් අරගෙන යන වෙළෙන්දොත් ගොඩාක් හිටිය. මේ මොහොමයක් දෙවල් මට අලුත් දේවල්. මමත් ගෙදර ගැන, අලුත් විශ්ව විද්යා ල ජීවිතය ගැන හිත හිත කොච්චියේ ගියා. සමහර දුම්රිය ස්ථාන වල විනඩි 15 - 20ක් විතර නවත්තල තිබ්බ. (කට්පඩි Katpadi, ඊරෝඩ් ජන්ශන් Eroad Junction, කැලිකට් Calicut) සමහර මිනිස්සු මේ වගේ තැන් වලදි, කොච්චියෙන් බැහැල වතුර ටිකක් නා ගත්තා. කොහොමින් කොහොම හරි හරි වෙලාවටම කොච්චිය කන්හන්ගෝඩ් (Kanhangod), කාසර්ගෝඩ් (Kasargod) දුම්රිය ස්ථාන පහුකරල පහුවෙනිදා දවල් 2.30 වෙද්දි මැoගලොර් වලට ආව.

මම මැoගලොර් දුම්රිය ස්ථානයෙන් බැහැල ඒ වෙද්දි එහේ ඉගෙන ගන්න ලoකාවෙ ශිෂ්යලයෙක් වෙච්ච රoගික ඇවිල්ලද කියලා ටිකක් එහේ මෙහේ බැලුවා. අඳුර ගන්න බැරි වෙච්ච හින්ද මම ලඟ තිබ්බ "Coin Box" එකකින් රoගිකට call එකක් දුන්න. කොහොමින් කොහොම හරි විනාඩි 15 කට විතර පස්සෙ රoගිකව හොයා ගත්තා.
ඒ වෙද්දි මගෙ විශ්ව විද්යා්ලයේ වාහනයක් අවිල්ල තිබුන මාව එක්ක ගෙන යන්න. ඒ වෙලාවෙදි අපි මැoගලොර් නගරය මැද්දෙන් ලාල්බාග් (Lalbagh), වගේ නගර පහු කරල මගේ විශ්ව විද්යාකලයේ, අපේ Department එකට ආවා. එදා ඉරිදා දවසක්. ඒක නිසා ළමයි හිටියේ නැහැ. මම Admission කාමරයට ගිහින් මගේ ගෙවීම් කරලා ඔක්කොම වැඩ ඉවර කර ගත්තා.
ඊට පස්සෙ අපේ විශ්ව විද්යාඔලයේ සභපති තුමා මගෙන් ඇහුවෙ Do you like to stay in the hostel or……? කියලයි. මේකට උත්තරේ දෙන්නෙ කොහොමද කියල මට රoගික කියල තිබ්බෙ. මම කිව්ව "Sir, I prefer to stay out, I wish to stay with other Sri Lankan students”
මම හිටපු ගෙඩනැගිල්ලෙම තමඉ අපේ ලoකවෙ ගෑණු ළමයින්ගෙ නේවාසිකාගාරය තිබ්බෙත්.(එයාලට නේවාසිකාගාරයේම නැවතීම අනිවාර්යයී) ඔන්න ඒ වෙලවෙම දක්ෂි කියලා අපේ ලoකාවෙ ළමයෙක් අපිව හම්බ වෙන්න ආවා. (දැන් නම් ඉතින් හොඳ යාලුවෝ)
ඔන්න ඊට පස්සෙ අපි ගියා අපේ බෝඩිමට. මට මතක් වුනේ අර TV එකේ ගිය ටෙලි නාට්යුය. "බොඩිම". ඊට වඩා වැඩි වෙනසක් තිබ්බෙ නැහැ. (කොල්ලොන්ගෙ ගොඩක් බෝඩිම් ඔහොම තමයි නේද:)
ඒ ගෙදර ඔක්කොම 4 දෙනයි (මාත් එක්ක)
රoගික (මාවනැල්ල), ප්ර්සාද් (නුවර), කවිරත්න (කලුතර)
මේ අය ගැන විස්තර පස්සෙ කියන්නම්....
එදා උයලා තිබ්බෙ අලයි පරිප්පුයි බතුයි : ) ලoකාවෙ විදියට.
ටොක වෙලාවකින් මම දක්කා රoගික, කවී එහෙම නාලා, එහෙම හොඳ ඇඳුමක් දාගෙන,, පව්ඩර් එහෙම දාගෙන ලැස්ති වෙනව. මම හිතුවෙ කොහේ හරි යන්න ලැස්ති වෙනව කියල. ඒක නිස මම ඇහුව කොහේද යන්න හදන්නෙ කියල. ඔන්න එතකොට මම දැන ගත්ත තව ටිකකින් ලoකාවෙ ගෑණු ළමයි ටික අපේ බෝඩිමට එනව කියල.

විනාඩි 10කින් විතර ඔන්න 10 ක් විතර කට්ටිය අපේ බෝඩිමට කඩා පත් උනා. :) මේක කවී හැඳින්වුවේ "සුනාමි තත්වයක්" කියල. : )

මෙතන හිටිය අලුත් අය 4 දෙනෙකුත්. සුපුන් (බත්තරමුල්ල) උදාරා (මතුගම) අකලන්ක (ගම්පහ) හිරුණි (මාතර)
පරණ අය හිටියෙ නවම්මලී (නාරාහේන්පිට), දක්ෂි (ගම්පහ), මඩූ (නුවර), ශෂි (ගාල්ල), රoගික, ප්රටසාද්, කවිරත්න, චාමර (පානදුර), දිනේෂ් (මාතලේ), ගොඩ්ෆ්රිග (ත්රි‍කුණාමලය)
ඔන්න ඉතින් අපේ අයියල ටික මේ ඔක්කොටම කතා කරල තිබ්බෙ පොඩි රැග් එකක් දෙන්න. (මොකක් උනත් ලoකාවෙ නේ…....)
හැබයි අපේ සෙට් එක හිතූ තරම් රැග් උනේ නම් නැහැ. (පව් අපේ seniors ලා එක නoගි කෙනෙකුට කිව්වා A/L Bio කරල තිබ්බ නිස ප්රeජනනය ගැන කතවක් කරන්න කියල. මේ නoගිත් මො මොලේ පාවිච්චි කරල ශාක ප්රිජනනය ගැන, වයිරස ප්ර ජනනය ගැන, කතා කරල අන්තිම ටිකේදි පොඩ්ඩක් විතර සත්ව ප්ර ජනනය ගැන කතා කරල කතාව ඉවර කලා. ඔන්න ඔතෙන්දි තමයි අපේ seniors ලට ටිකක් මළ පැන්නෙ. මම A/L bio කරල තිබ්බ නිසා මට කිව්ව මෙයා කතා කරන දේ හරිද කියල බලන්න කියල. මම කිව්ව හරියටම හරි කියල එයට මිස් වෙච්ච පොයින්ට්ස් ටිකක් මතක් කරල දුන්න. ඔන්න අපේ අයියලාට ඒ පාර මාත් එක්කත් මළ පැනලා. තවත් ටිකක් ඒ නoගිගෙන් අහුවා. ඊත් ඉතින් එයාව bite කරන්න කාටත් ටිකක් අමාරු උනා.

මටත් ඉතින් ටිකක් happy. මොකද ඉතින් අපේ සෙට් එකේ කෙල්ලෙක් නේ. ඔන්න ඊලඟ වාරෙ මගේ. මේ වෙද්දි රoගික එහෙම දැනගෙන හිටිය මම Ceylon Hotel School එකේ ඉගෙන ගෙන ඇවිත් තියෙන්නෙ කියල. මෙතන "Hospitality Science" කරන අය ඔක්කොම හිටිය 4 දෙනෙක්. (රoගි, කවි, ගොඩ්ෆ්රි , දිනේශ්), ඔන්න මගේ පලවෙනි ප්රiශ්ණෙ මම ගැන හැඳින්වීමක්. ඒකත් ඉවර උනා. ඒට පස්සෙ මගෙ French දැනුම බලන්න මගෙන් ෆ්රෙනන්ච් ප්රයශ්න ටිකක් ඇහුව. ඒකත් පාස්. ඊට පස්සෙ Cookery ප්රනශ්න ටිකකුත් ඇහුව. අන්තිමට ඉතින් සින්දුවකුත් කියල, ස්තුති කතාවකුත් කරල මගේ වාරෙත් ඉවර උනා.
සුපුන්ට කිව්ව English song එකකට සිoහල විදියට නටන්න කියලා මේ අතරේ නවම්මලී සහ ප්රyසාද් අපිට තේ ටිකකුත් හැදුව. හැබැයි ඉතින් overall අපි සෙට් එක වැඩිය රැග් උනේ නම් නැහැ. අපි ඕක පස්සෙ මතක් කරල හිනා වෙච්ච වෙලාවල් තිබ්බ. අපේ Seniors ල ටික නම් අපිව රැග් කරන්න ගිහින් ගොඩක් රැග් උනා. (මම හිතනව රoගි මේක කියවල මළ පනින එකක් නැහැ කියල) :) මොකක් උනත් එදා ආපු ගොඩක් අය අද හොඳ යාලුවො.

Wednesday, January 06, 2010

මගේ විශ්ව විද්‍යාලෙ විස්තර කිව්වොත්, මේක තියෙන්නෙ මැOගලොර් (මOගලූරු)(Mangalore) කියන ගමේ. බැOගලෝර්(Bangalore) නගරයේ ඉඳල පැය 8ක ගමනක්. (ඉන්දියාවෙ දුරවල් කියන්නෙ තාම පැය වලින්) කොහොම උනත් කිලෝ මීටර් 390ක් විතර දුර.

මෙක නගරයකට වඩා කිට්ටු ගමකට. මැOගලොර් යන ඕනෙම කෙනෙකුට මුම්බායි, ගෝවා වගේ ලොකු නගර වලට යන අඩිවේගී පාරවල්, සුඛොපභෝගී බස් රථ වගේම අස් වද්දපු කුඹුරු යායවල්, බොහොම සද්දෙන් දෙයියන්ට කන්නලව් කරන මිනිස්සු, නලලෙ තිලක තියාගෙන බුලත් විට කොටන අච්චි අම්මල එහෙමත් බලා ගන්න පුලුවන්. ඒක නිසා මට මේක නගරයකට වඩා ගමක්.

මගේ විශ්ව විද්‍යාලය කර්නටක ප්‍රාන්තයේ තියෙන පිලිගත් විශ්ව විද්‍යාලයක්. ඊට අමතරව මේ මැOගලොර් නගරය ප්‍රසිද්ඩ වෙලා තියෙන්නෙ අඩ්‍යාපනය සඳහා. මේ නගරයෙ අවුරුදු සිය ගනන් පැරණි පාසල්, උපාඩි ආයතන එහෙමත් තියෙනව. මේ හේතු නිසා කර්ණාටක ප්‍රාන්තයෙ විතරක් නෙමේ, ඉන්දියවෙ අනිත් ප්‍රාන්ත වන කේරල, හිමාචල් ප්‍රදේශ්, මඩ්‍ය ප්‍රදේශ්, පන්ජාබ්, තමිල්නාඩු, කාශ්මීර්, බිහාර්, ගුජරාත්, ගෝවා, මනිපූර් වගේම නේපල්ය, බOගලාදේශය, මාලදිවයින, ඉරාණය, ඩුබායි, කෙන්යාව, ටැන්සානියාව, කටාර් වගේ රටවල් විසි ගණනක ළමයින් මේකෙ ඉගෙන ගන්නවා.

මම ගැන පොඩ්ඩක්....



ඔන්න කලෙක ඉඳල මට blog එකක් ලියන්න තිබ්බ ආසාව අද ඉශ්ඨ උනා. මට මොනව හරි දෙයක් ලැබෙන්න නම් ටිකක් මහන්සි වෙන්න වෙනව. මේකත් ඒ වගේ තමයි.
මම එක කරන්න පටන් ගත්ත වෙලවෙ ඉඳල පස් වතාවක් මහේ මේ නාකි පරිගණකෙ restart උනා. :)

මම මොනව ලියන්නද කියල තාම නම් හිතුවෙ නැහැ. ඒත් සමහර වෙලාවට හිතට එන දෙයක් කාට හරි කියන්න ඕනෙ වෙන වෙලවල් තියෙනව. ඒක නිසා මගේ මේ බ්ලොග් එක මට හොඳ යාලුවෙක් වෙයි.

ඉතින් මම මේක කලොත් සමහර විට කියවන කෙනෙක්ට හිතෙයි මෙක අච්චාරුවක් කියල. :)

මම ගැන පොඩ්ඩක් කිව්වොත්.......
වයස නම් 24ක් විතර වෙනව මයෙ හිතේ. මම දැනට ඉන්දියාවෙ කර්නාටක ප්‍රාන්තයේ මැන්ගලොර් විශ්ව විද්‍යාලයේ සත්කාරක සේවා විද්‍යාව කියන උපාඩිය හදාරනව"B. Sc. (Hospitality Science)". මේක නිසා ගෙදරින් ඇත් වෙලා ඉන්න වෙලා තියෙනව. ගොඩක් වෙලාවට මට blog එකක් ලියන්න හිතෙන්න ඇත්තෙ මේක හන්ද වෙන්න ඇති.