Tuesday, June 22, 2010

To Nepal by train......

Part 2.......................

ටික වෙලාවකින් අපි "විසාකාපට්නම්" වලට ලඟා උනා. පහුවෙනිදා දවල් 1.00 ට විතර අපි හවුරා (Hawrah / Calcutta) වලට ආවා. අපි දවස් දෙකක් එක දිගට කොච්චියේ.
“හවුරා” කියන්නෙ ඉන්දියාවෙ තියෙන ලොකුම station එකක්. දැ නට මේකෙ ඔක්කොම වේදිකා 23ක් තියෙනවා. අපි ආවෙ 12 වෙනි වේදිකාවට. එතන ඉඳල 22වෙනි වේදිකාවට යන්න අපිට විනාඩි 40ක් විතර ගියා. මේ station එකේ තරම හිතාගන්න පුලුවන් නේද ?

මේ station එක ලොකු වගේම ගොඩක් දියුනුයි. බැoකු, හොඳ කඩ සාප්පු, රථ වාහන සේවා, වගේ හැම සේවාවක්ම තිබුනා. අපේ ඊලඟ train එකට වෙලාව තිබුනු නිසා අපි කල්කටා නගරයේ ඇවිදින්න හිතුවා. අපි ගියා "කාලි මාතා" කෝවිලට. නගරයේ හොඳ ටැක්සි සේවාවක් තිබ්බා. අපි දවල්ට කෑවෙ බෙoගාලි කෑම. මට මේ බෙoගාලයේදි අපේ අම්මාව මතක් උනා. අපේ අම්මා බෙන්ගාලි නව කතා කියවන්න ගොඩක් කැමතී.

අපේ ඊලඟ ට්රේන් එකත් බොහොම නම ගිය එකක්, මේක නම් නම් ගිහින් තියෙන්නෙ මේකෙ ඉන්න මoකොල්ල කාරයො නිසා. මේ ට්රේඑන් එක යන්නෙ බිහාරයට. බිහාරය කියන්නෙ ඉන්දියාවෙ තියෙන දරුණුම මoකොල්ලකාරයො ඉන්න ප්රතදේශය. මේ ට්රේනන් එකේදි උමේෂ්ගේ අයියාගෙ බෑග් එකක් උසගෙන ගිහින් තිනුන මීට අවුරුද්දකට කලින්. ඒ වගෙම තමයි රිකීගෙ තාත්තගේ බෑග් එකකුත් නැති වෙලා තිබුනා. ඒ අoකල් උසස් නිලයක් දරන පොලිස් නිලධාරියෙක්.
මම මේ ට්රේන් එකට නගින්න කලින්ම මට උමෙෂ් උපදෙස් මාලවක් ම දීල තිබුනෙ. එයා ලොකු දම්වැලක් අරගෙන බෑග් ඔක්කොම ටික එකතු කරල ඒක සීට් එකට තියල ලොක් කලා. ඒ තරම්ම තත්වය දරුණුයි කියල මම දැන ගත්තෙ, ටික වෙලාවකින් පොලීසියෙන් අවිත් මිනිසු ට්රේදන් එකෙන් අල්ලන් යද්දි.

අපි යද්දි ට්රේකන් එකෙ හිටිය කාන්තාවක් හයියෙන් කෑගමින් කාටදෝ බනිනව ඇහුනා. අපි බලද්දි එය එයගෙම සැමියට බැනල තිබෙබෙ.පස්සෙ මේ මනුස්සයා එයගේ භර්යාව ගොඩක් හයියෙන් වෙන තැනකට තල්ලු කලා.මෙයා අඬන්න ගත්ත. ඉතින් භාර්යාවට ගහද්දි අනිත් මිනිස්සු ඇහුවා රන්ඩුවට හේතුව. මනුස්සයගේ උත්තරේ උනේ තමන්ගෙ භර්යාවට යකෙක් වැහිල කියල. ටික වෙලාවකින් සද්දෙ තව ටිකක් වැඩි උනා.
අර මනුස්සය කාන්තාවගේ අතේ තිබ්බ වීදුරු වලලු ටික ඔක්කොම බිඳල දැම්මා. මේ වෙලවේ ඒ කාන්තාව විලාප තබමින් ඇඬුව. ඒ වෙලාවෙ ට්රේකන් එකේ හිටපු අනිත් ගැනු අයත් භය උනා වගෙ දෙයක් උනා කියල මම දැක්කා. පස්සෙ උමේෂ් මට කිව්වෙ අතේ වීදුරු වලලු බිඳින එකේ තේරුම ඒ වෙලාවෙ ඉඳන් ඒ දෙන්නගෙ විවාහයේ අවසනය කියල. මට මේක හිතාගන්නත් බැරි දෙයක් උනා.


ඒත් එක්කම මට අම්තක වෙන්නෙ නැති තව සිද්දියක් තමයි කොච්චියට නැග්ගල සල්ලි එකතු කල අම්මඉ දුවයි. මේ ගොල්ලන් සල්ලි එකතු කරන්න හේතුව තමයි දුවගෙ දෑවැද්දට සල්ලි එකතු කර ගැනීම. ඉන්දියාවෙ කෙල්ලෙකුට දෑවැද්ද කොච්චර බලපානවද කියල මට හරියටම තේරුනේ එදා තමයි.


මට කියන්න බැරි උනා. මේ කොච්චියේ නම "මිතිලා" (Mithila Express). බිහාරයේඑදිත් අපි කුඹුරු, ඉඳි වතු, ඉලුක් ගෙවල්, මැටි ගෙවල් අතරින් ආව. ළමා මෙහෙකාර සේවය කොච්චර දරුණු විදියට ඉන්දියාවෙ තියෙනවද කියල මේ ට්රේචන් එකේ යන අයට දැක ගන්න පුලුවන් වෙයි. වයස අවුරුදු 5ක් විතර තරම් පොඩි දරුවො වැලි තාච්චි ඔලුව උඩ තියන් යන හැටි.... කොච්චියේ බඩු විකුණන හැටි ගොඩාක් සුලබ දසුන්...


අන්තිමට අපි දවස් හතරකට පස්සෙ ගමනාන්තය කරා පැමිණියා.මේ රක්ශෝල් (Raxaul) ඉන්දියාවේ හා නේපාලයේ දෙශ සීමාව.

No comments:

Post a Comment