මහකතරෙ කෙළවරක.
ජීවිතය ගෙනියන්න
පලුදු තැන් ගොතන්නට
වෙරවැරූ යෞවනි....
නැවතුමක් නොමැතිවම
ඉසිඹුවක් නොවිඳමින
රිද්මයක් නොරඳමින
හතිලමින්
ඉකි බිඳු ප්‍රියාවී....
පුoචි පුතු රැකගන්න
ණය බරින් වියැකෙන්න
පාලුවූ ගෙළවටට
රන් දමින් හැඩවන්න
දුක්ක්‍රියා කරන්නී....
පැයක් ඇත ගෙවන්නට
වැලි කතරෙ රැඳෙන්නට
පොඩි පුතුගේ කිරි සුවඳ
ආයෙමත් විඳගන්න
කඳුලු අතරින් වුවද,
සිනහවෙන පින්වතී.....
No comments:
Post a Comment