Saturday, March 26, 2011

බස් ගමනක්



මේ ජනවාරි මාසෙ දෙවෙනි සතියෙ දවසක්. මම මහේ හෝටලේ ඉඳලා ගෙදර එන්න හිතන් දවල් දොළහට විතර ගියා බස් හෝල්ට් එකට. කණ්ඩලම කියන්නේ ටිකක් දුෂ්කර පැත්තක්නේ... කොහොම හරි බස් එකක් එන්න තව පැයක් විතර ගියා. මගේ හෝටලේ ඉඳලා දඹුල්ලට එන්නත් විනාඩි හතලිස් පහක් විතර යනවා.



මේ පාර තමයි මම ලoකාවේ ගිහිල්ලා තියෙන ලස්සනම පාර. කණ්ඩලම වැව උඩින් බස් එක යනකොට කොච්චර ලස්සනද කියල ගිහිල්ලම බලන්න ඕනේ. බස් එක සපත්තු පාලම උඩින් යනකොට ගොඩක් ලස්සනයි තමයි. ඒත් ටිකක් අනතුරු සහිතයි. ඒත් දැන් නම් අලුතින් පාලමක් හදනව කියලා ආරන්චී. වෑවල - දඹුල්ල බස් එකේ තමයි මම යන්න ඕනෙ. කණ්ඩලම වැව වාන් දමන දවසට නම් ටිකක් දුර පයින් ඇවිදගෙන ගිහින් කිඹිස්ස කණ්ඩලම බස් එකක, හන්දියට යන්න ඕනෙ.



මේ සපත්තු පාලම පහුකරලා ටික දුරක් යනකොට හම්බ වෙනවා ඉස්කෝලයක්. මේක කණ්ඩලම, දඹුල්ල ඩී. එස්. සේනානායක විද්‍යාලය. මම මේ ඉස්කෝලෙ පහුකරල යනකොට හැමදාම බලන්න අලුත් දෙයක් තියෙනවා. අපි ඉස්කෝලෙ යනකොට අත් නොදැකපු දෙවල්.

එක දවසක් යනකොට පහ වසර වගේ පන්තියක ළමයි රවුමක් විදියට වට වෙලා බිම ඉඳගෙන ඉගෙන ගන්නවා. ගුරුතුමී රවුම මැද. ඔක්කොම ළමයි සහ ගුරුතුමී බිම ඉඳගෙන හිටියෙ. අපිත් පන්ති කාමරෙන් එළියෙ පුටු රවුමට තියාගෙන පාඩම් ඉගෙන ගත්ත තමයි. ඒත් ඒ පොඩි වෙනසකට. මේක පන්ති කාමරයක අඩු පාඩුවක්ද, නැත්තම් වෙනසකටද කියල නම් මම දන්නෙ නැහැ. තව දවසක් ඉස්කොලෙ ළමයි 50ක් විතර එකතු වෙලා කොට්ටම්බා තලනවා. :) සමහර දවසට ළමයි ගස් උඩ. :)



කොහොමින් කොහොමහරි, මම එදා බස් එකේ යද්දි මේ ඉස්කොලෙ පහුකලේ ඉස්කොලෙ ඇරෙන වෙලාවට. දවල් දෙකට විතර ඇති. බස් එක පිරෙන්නම නැග්ගා ඉස්කොලෙ ළමයි. මම ඉඳගෙන හිටිය තැනට ආපු ළමයි ඔක්කොම ටික මගේ උකුල උඩින් තිබ්බ පොත් බෑග් ටික. (අපේ කාලෙට වඩා නම් බෑග් එකේ බර ටිකක් අඩු වෙලා වගේ.)

ටිකෙන් ටික ටිකෙන් ටික මගෙ උකුල උඩ පොත් බෑග් දහයක් විතර. :) ටික දුරක් යනකොට එක එක්කෙනා තමන්ගෙ බෑග් ආයෙත් ඇරලා සල්ලි දුන්නා බස් එකට. :)



තව ටිකකින් මේගොල්ල බෑග් ඇරල ඊව ඇතුලෙ තියෙන කෑම ජාති එලියට අරන් එක එක්කෙනාට බෙදල දීල කන්න පටන් ගත්තා. සෙනග පිරිච්ච බස් එකත් හරි හයියෙන් යනවා. ඒත් මේ අයට ගානක්වත් නැහැ.

එක්කෙනෙක් එලියට ගත්තා පෙර ගෙඩි වගයක්. අනිත් එක්කෙනා මුරුක්කු. :) ඔහොම ඔහොම හැමෝම එක එක කෑම ජාති බෙදාගෙන කන්න පටන් ගත්තා.

පොඩි කාලේ, අපේ ඉස්කෝල් ගාව හිටියා අච්චි කෙනෙක්, පේර, වෙරලු, අච්චාරු විකුණන්න. මෙයාට අපි කිව්වෙ "වෙරලු ආච්චි" කියලා. එයා ගැන නම් වැඩිය විස්තර ඕනේ නැහැ. මොකද ඉතින් නෝන්ඩි වෙන්නේ මමම තමයි. :) :)



ටික වෙලාවකින් ඔක්කොම වගේ ළමයි බස් එකෙන් බැහැලා ගියා. යද්දි ඉස්කෝලෙ හය වසර විතර හිටිය එක ළමයෙක් තව ළමයෙක්ට කියනවා.. මේ... හවස පන්ති එනවා නේද ? මම ගෙදරින් එන්න කලින් ඔයාගෙ අම්මගේ හෑන්ඩ් ෆෝන් එකට රිo කට් එකක් දෙන්නම්. ඔය එතකොට එලියට එන්නකෝ. මතක ඇතුව රoජිත් ස'ර් ගේ ටියුට් ටිකත් අරගේන එන්න.....



මමත් දඹුල්ලට ගිහින් කොළඹ - ත්‍රිකුණාමලය බස් එකක නැගලා කොළඹට ආවා....

Thursday, December 09, 2010

මගේ සමරුපොත

පහුගිය දවස් වල මම ගෙදර ඇවිත් පරණ පොත් රාක්ක්කයක් අවුස්සද්දි මට හම්බ උනා 1997 දි, එකියන්නේ මීට අවුරුදු දහ තුනකට කලින් මම පාවිච්චි කරපු සමරු පොතක්. දන්න විදිහට කිව්වොත්, Autograph book එකක්.
මට මේක කියවද්දි පරණ යාලුවො මතක් වෙච්ච එකට වඩා ඒ ලියල තියෙන ඒව දැකල හිනා ගියා. මම ඒවයින් ටිකක් විතරක් කියන්නම්.....

මම මේක පටන් ගෙන තියෙන්නේ මෙහෙමයි..... (මම ලියපු එකක් නම් නෙමෙයි.. මේක මට ලියල දුන්නේ අපේ මට ලියල දුන්නෙ අපේ කුමාර අයියා...(කුමාර හේවගේ))

“එක්ව සිටියත් අද රන් රස විලස
දුරස් වෙනු ඇත අප එකිනෙකාගෙන්,
යම් දිනක ඉදිරියේ, තබනු මැන සමරුවක්,
මගේ මේ පුoචි සමරුවේ..
සිහිවන්නට ඒ සොඳුරු අතීතය.”

.......නදීශ රoගනාත් පල්ලියගුරු.......


ඊලඟ එක නම් ටිකක් හින යනා එකක්. මේක ලියල තියෙන්නෙ ශානිකා කියල මගේ යාලුවෙක්. මේකෙ තිබ්බ දෙවල් ඒ දවස් වල තේරෙන්නෙ නැතුව තියෙන්න ඇති අපිට. අනිවර්යයෙන්ම මට හිතෙන්න ඇත්තෙ ඒ දවස් වලත් ශානිකාගේ සාහිත්යත දැනුම ඉතා ඉහල මට්ටමක තියෙන්න ඇති කියල...

“පාසලේදී
හිතාදර මිතුරු නදීශ,
ජීවිතයේ එක් සොඳුරු ළමා වියක,
ශිල්ප උගත් මා සුමිතුර සිහිවී යලිත්....
පැමිණියෙමි දකින ලෙස ඔබ වතකම,
පෙරදිනේ සිනාසුන ඔබ ගොලු වෙලා....
ඇයිද මා නොදන්නා ලෙසින් නිහඬ,
පරිසරය බිඳිමින් ඉඳ හිට උලමෙකු පමනක් හඬ නoවයි,
යහන් කෙඳිරිය අතරින් ඉකි බිඳුමකුත් ඇසේ.....
මෙදින ඔබ ගොලුවෙලා නොහඳුනන ලෙසින් මා...

මෙයට ඔබේ සදාදර මිතුරි
ශානිකා”


මේක ගයානී ගෙන්............................

“1998/06/18
සිසු පුටුවේදී,
මා දයාබර මිතුර N. R. P. ,
ඉගෙනීම නැමති යතුරෙන් ජීවිතය නැමති ආලින්දයට පියනගන්න.
ඔබට මල් මල් අනාගතයකට සුභ පතමි.
මීට,

ගයානි”


මේක ලිව්වෙ අචලා.................

“1998/06/18
සිසු පියසේදී,

සොයුරු නදීශ,
ඉගෙනීම නැමති රත්තරන් වස්තුව ඇති පාසල නම් සිප් හලට ඇතුලු වනවිට, ආදරය නැමති සවන මන් මත් කරන පාවහන් ගැලවිය යුතුයි....
ඔබට දුකෙන් තොර සැපෙන් බර අනාගතයකට ආසිරි පතන මා,
අචලා”


මේක ලිව්වෙ දිනූශා. මතකද අපි එයාට කිව්වේ "සායි බාබා" කියල. (එයාගේ කොන්ඩෙ නිසා) :) මම දන්නව දිනූශා මේක දැක්කොත් තරහ වෙන එකක් නම් නැහැ.

“අමතමි සොයුර ඔබහට,
විද්යානවෙන් අවිද්යාතව දුරුවේ,
ජීවිතය යනු විලක පිපි නෙලුමකි,
සුන්දරත්වයේද, අසුන්දරත්වයේද සoකේත විලෙහි ඇත්ත සේ මට හැඟේ,
ඔබ එහි පිපි නෙලුමක් නම්,
සුවඳවත් බව දසත පතුරන මැනවි

මෙයට ඔබගේ හිතවත් මිතුරිය... දිනූශා”



මේක දිනූශ දමිත් ගෙන්. (දොඹයා)........

“99-11-23
පාසලේදී,

මිතුරන් + කරගන්න
සතුරන් - කරගන්න
ඉගෙනීම X කරගන්න
සාම්ය :- ගන්න

මීට මිතුරු,

දිනූශ”


මේක තමයි මට කසුන් ලියල තිබ්බේ...

“දයාබර සොයුර,
98-06-18,
විදු මවු තුරුලේදී,

උත්තරීතර දෙමාපියන්ගේ මැණික් වැනි ඔවදන් පිලිගන්න. ඉගෙනීම නැමති පාසලට ඇතුල්වීමේදී, ආදරය නැමති පාවහන් ගැලවන්න. ඉන් 90%ක්ම සාර්තක වෙවි,
සුවබර අනාගතයකට ආසිරි පතන මා...
කසුන්
Wish you all the best. I love you.”



දසුන් ගෙන්....................

“98.06.18,
සිසු පුටුවේ,
විදු මවු තුරුලේ හමුවූ අපි, කවදා හෝ යලි වෙන් විය යුතුයි. යලි හමුව බලාපොරොත්තුවෙන් වෙන්ව යමු අප මෙලෙසින්..
ඔබට මල් මල් අනාගතයක්....
මා දසුන් මිතුරා...

(තිලින දසුන් ආරියසිoහ)”


මලිත් ගෙනුත් එකක්.................

“1998/06/18
සිසු පියසේදී,
විදුහල නැමති සිප් මවුගෙන් ශිල්පය පමණක් ගෙන කටු ගොඩවල් හා අනවශ්යන දෑ ඉවත දමා යන ඉදිරි ගමන බොහෝ දුරය.
මිනිස් කම පරදා සල්ලි රජවූ මොහොතක ඔබ යන ගමනට ආසිරි..

මීට සොයුරු,
මලිත ජයලත්”


මේක මට ගොඩක් වටින එකක්... මමත් එක්ක 1996 ඉඳන් අද වෙනකන් (අවුරුදු 14ක්) ඉස්සර වගේම හොඳ යලුවෙක් වෙච්ච ටීනා ගෙන්....

"මතකය ඇසුරින් සිහිකර ගන්න"
30.06.2000
සුපුරුදු විදු බිම,

ප්රාන සරි සොයුර,
කෙලි බිම, පන්ති කාමරය,
සිනා සිත්, නිල් දෙනයනය,
සුන්දර අපේ ලෝකය....
එනමුදු සොයුර,
කාලය පමිණ ඇත,
සමුගන්නට ඔබෙන්,
ඉඳින් ඔබේ මතකය ගෙන...
ඉගිල යමි මගේ ලොවට,
සමුගන්නෙමි ඔබෙන්, යලි ඔබේ මතකයේ සැරි සරන සිතින්

මා... ටීනා නිලක්ෂි ධර්මතිලක.
Dear Nadee, wish you all the best !!!

ලිපිනය : xxxx, xxxxxxxxxx, xxxxxxx
දුරකතන අoකය :0112 – xxx xxx”



මේ මගේ නැති වෙච්ච පොත් දෙකෙන් එකක තිබ්බ ඒවා විතරයි.. හිමායනී, සකුන්තලා, චාමර, කුමාර, නිලේශ්, දුල්මිනි, ගිහාන්, පාටලී, අසoක, වගේ යාලුවො ලියපු අනිත් පොත තාම මට හම්බ උනේ නැහැ. හම්බ වෙච්ච ගමන් දාන්නම්....

"Happiness is time spent with a friend and looking forward to sharing time with them again."
- Lee Wilkinson


Wednesday, October 06, 2010

එන්දිරන් (Robot)


ඉන්දියාව ගැන කතා කරද්දි, ඉන්දීය සිනමාව ගැන කතා නොකරම බැහැ. ඉන්දියාවෙ ඉන්න මිනිස්සුන්ගෙන් වැඩි දෙනෙක් සිනමාව නිසා පිස්සු හැදුනු මිනිස්සු. මගේ නේවාසිකාගාරයෙත් ඉන්නේ ඒවගේ පිස්සො ටිකක් තමයි.

මමත් මෙහේ ආවට පස්සේ චිත්‍රපටි කීපයක්ම බැලුවා. පළවෙනි එක තමයි "Rabne bana di Jodi"මේක බලන්න ගියේ රoගිකයි, නවම්මලියි, එයගේ අක්කයි එක්ක.

ඊට පස්සෙ ගියෙ "Gajini" බලන්න. මේකට නම් ගියේ තනියෙම, මොකද ඒ වෙද්දි නේවාසිකාගාරයේ ඔක්කොම “දිවාලි” උත්සවයට ගෙවල් වල ගිහින් හිටපු නිසා.


ඊට පස්සෙ ගියේ මගේ බැච් එකේ යාලුවො තුන් දෙනෙක් එක්ක "We are a Family" කියල අලුත් චිත්‍රපටියක් බලන්න. මේකෙදි අපි චිත්‍රපටිය බලනවට වඩා කලේ වටේ පිටේ හිටපු අනිත් මිනිස්සු අඬනවා බලපු එකයි, නිදාගෙන හිටපු යාලුවො අවදි කරපු එකයි, පොප් කෝන් ටික ඉවර කරන්න මහන්සි වෙච්ච එකයි විතරයි, මොකද මේකෙ වැඩි හරියක් තිබ්බේ එක ගෙදරක මිනිස්සු ටිකක් අඬපු හැටි විතරයි.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

අපි ගිය සතියෙ දවසක අපේ මොහන් කියලා තමිල්නාඩු යාලුවෙක් කතා කලා "එන්දිරන් (Robot)" කියලා චිත්‍රපටියක් බලන්න යන්න. මේක ද්‍රවිඩ චිත්‍රපටියක්. මේකෙ හින්දි චිත්‍රපටිය තිබුනත් අපේ කට්ටිය කැමති උනේ ද්‍රවිඩ එක බලන්න. නිෂ්පාදනය කරන්න්න ඉන්දියානු රුපියල් ක්‍රෝර් 150 විතර වියදම් කරල තියෙනවා. (ශ්‍රී ලoකා මුදලින් රුපියල් බිලියන 3.75)


මේක තමයි මගේ ජීවිතේ ලබපු හොඳම සිනමා ශාලා අත්දැකීම. ......

චිත්‍රපටිය පටන්ගෙන විනාඩි කීපයකින් ප්‍රධාන නළුවා, “රැජිනි කාන්ත්” පෙනී හිටියා. චිත්‍රපටිය බලන්න ආපු දාහක් විතර මිනිස්සු මුලු ප්‍රෙක්ශකාගාරයම දෙවනත් වෙන්න කෑගහමින් තම සතුට පල කලා. මේක මට අලුත්ම අත්දැකීමක්. විනාඩි කීපයක්ම යනකන් මිනිස්සු ආසන වලින් නැගිටලා අත්පොලසන් දෙන්න පටන් ගත්තා.

ඊලඟට ආවේ අයිශ්, (අයිශ්වර්යා රායි බච්චන්). ප්‍රධාන නිලිය,

මැoගලොර් ඇගේ බලකොටුව හා සමානයි. මොකද මැoගලොර් තමයි ඇය උපන් ගම.
හිතාගන්න පුලුවන් නේද කොයි වගේ පිළිගැනීමක් තිබුනද කියලා. මිනිස්සු තමන් පැලඳගෙන හිටපු කමීස, ජටා, ලේනු, තොප්පි වගේ දෙවල් තිරය පැත්තට විසි කලා. ඒ තමන්ගේ ආසම නිළිය දැකීමේ සතුටට. මේක බලද්දි මට හිතුනේ බලන මිනිස්සුන්ට මේක චිත්‍රපටියක් කියල අමතක වෙලා කියල. ප්‍රතිචාර ඒතරම්ම සජීවි.


මේ චිත්‍රපටියේ එක දර්ශනයක් තියෙනවා අයිශ් කෝලාහලයකට මැදිවෙනවා. මේ වෙලාවෙදි මිනිස්සු තම ආසන වලින් නැගිටලා "හින්දි","කණ්නඩා","තුලු" වගේ භාෂා වල අසැබි වචන වලින් කෑගහනවා. මේකට හේතුව චිත්‍රපටියකදි හරි ඇයට මෙවැනි තත්වයක් උද්ගත වීම.


තත්වය තවත් දරුණු උනොත්, ආරක්ශක නිලධාරීන්ගේ උදව් ගන්නත් වෙනවලු.

මේ වගේම තමයි "සිප ගන්න දර්ශන"

මේවෙලාවෙදිත් කෑගසමින් නොසතුට පල කරනවා... මේ තරු ඔවුන්ට තමන්ගේ ජීවිත හා සමානයි. ඉදිරි පෙල අසුන් ඉස්සරහට ප්ලාස්ටික් බොතල් ප්‍රහාර, කඩදාසි ගුලු ප්‍රහාර එල්ල වෙන්නෙත් මේ වගේ වෙලාවට තමයි.


මේ වගේ දර්ශනයකදි මට එහා පැත්තේ හිටිය අවුරුදු විසි පහක විතර කෙනෙක් නැගිටල හයියෙන් කෑගහන වා "Kya hai yaar" කියලා.


මම මේ චිත්‍රපටියට අකමති වෙන්න හේතුව තමයි මේකේ සජීව කරන (Animation) අනවශ්‍ය විදියට පාවිච්චි කරල තිබීම.


නමුත්... මේ චිත්‍රපටිය මගේ ජීවිතයේ හොඳම සිනමා ශාලා අත්දැකීම කිව්වොත් හරි....

Thursday, September 30, 2010

හොඳම තෑග්ග




අපි දෙමව්පියො, වැඩිහිටියො දිහා බලන විදිය වයසත් එක්ක වෙනස් වෙනවා කියන එක ලඟදි දවසක් මට කල්පනා කරද්දි ගොඩක්ම හිතුනා.

මම පොඩි කාලෙදි මගේ යලුවෙක් කිව්වා (2 වසරෙදි )

"ඔයාගේ අම්මා නම් හරි නපුරුයි. එයා ඊයෙ මගේ දතක් ගැලෙව්වා. ලේ ගොඩාක් ගැලුවා" කියල.

මම පොඩි කාලෙදි මගේ යාලුවන්ට මගේ අම්ම ගැන තිබ්බෙ ඒ වගේ වැටහීමක්. මේක අම්මාගේ රැකියාව කියලා එයාලට ඒකාලේ තේරෙන්නෙ නැතුව ඇති.

ඒත් මගේ තාත්තා ගැන තිබ්බේ ඊට සම්පූර්ණයෙන්ම ප්රතිවිරුද්ඩ අදහසක්. ඉස්සර තාත්තා මට ටොෆි ගොඩක් දීල කියනව යාලුවොන්ට දෙන්න කියල. ඇත්තටම මේව දෙන්නෙ අම්මා. ඒත් මේව ගෙදරට ගේන්නෙ තාත්තා නිසා මම කියන්නේ තාත්තා දුන්න කියල. ඉතින් ඒ කාලෙ මගේ යාලුවො බලන් ඉන්නේ මම උදේට ඉස්කෝලෙට එනකන්.

දවසක් මම ඉස්කොලේ හවස පන්ති තියෙන දවසක අම්ම ආව මාව ගෙදර එක්ක යන්න. අම්ම ටිකක් කලින් පන්තියට ආවා. මම හතර වසර පන්තියේ ඉන්න කාලේ මගෙ පන්ති භාර ගුරුතුමිය වෙලා හිටියෙ පෙරේරා කියල ටීචර් කෙනෙක්. මේ ටීචර් ටිකක් සැර කෙනෙක්. මේ ටීචර් කොච්චර සැරද කිව්වොත් මුලු දවසම මම භයෙන් සැකෙන් තමයි හිටියෙ. ඒ පන්තියේදි මාත් එක්ක එකට හිටිය යුරේෂා, චාමිකා, සඳුන් වගේ මගේ යාලුවන්ටත් තාම ඒ කාලේ මතක ඇති කියල මම හිතනවා. මගේ වෙලාවටම අම්මා එන වෙලාවේ අපේ ටීචර් මාව තව ළමයි හය හත් දෙනෙක් එක්ක මේසෙ ලඟ තියාගෙන අනුසසනා කරමින් හිට්යේ. අපේ පන්තියට ගොඩක් වෙලාවට එන්නෙ තාත්තා නිසා මේ ටීචර්ට අපේ අම්මව අඳුර ගන්න බැරි උනා. මේක නිසා මේ ටීචර් අම්මව දැක්ක ගමන් වෙන ළමයෙක්ගේ අම්මා කෙනෙක් කියල හිතාගෙන එක හුස්මට කියවගෙන යන්න ගියා හෙන හෑල්ලක් .

"අනේ මිස්, බලන්නකෝ, මෙයාගේ තත්තා ඉස්සර උසස් පෙල ගණිත ගුරුවරයෙක්, දැන් කස්ටම් එකේ. අම්මත් හොඳට ඉගෙන ගෙන තියෙනවා. ඒත් මේ ළමයට චක්කරේ බැහැනේ."


මට දැන් මේ සිද්ඩිය මතක් වෙද්දි දුක හිතෙන්නෙ අම්ම දුන්න උත්තරේට. අම්ම ඒක කිව්වෙත් මට බනිනව අහන් ඉන්න බැරි නිසා බව අද මට තේරෙනවා.

"මිස්............. මම නදීශගේ අම්මා"


මම ලඟදි දවසක් කාමරේ වතුර නතර වෙලා තිබ්බ වෙලාවක, පහළට ගිහින් වතුර පනිට්ටුවක් ගෙනෙද්දි ඒ අමාරුව නිසා මට ඉස්සර අපි තුන් දෙනාගේ පොඩිකාලේ මතක් උනා.
අපේ අම්මයි, තත්තයිදෙන්නම එකතු වෙලා හැම ඉරිදා දවසකම අපේ ගෙදර තිබ්බ ලොකු ටැoකිය හොඳට හොදලා ලිඳෙන් වතුර ඇදලා, ටැoකිය වතුර වලින් පිරෙව්වා. අම්මයි තත්තයි මාරුවෙන් මාරුවට වතුර ඇද්දා. මේ ලිඳත් ගොඩක් ගැඹුරු ලිඳක්. පස්සේ අපිට හිතේ හැටියට නාන්න ඉඩ දුන්නා. ඒ දවස් වල ඉරිදා දවසක් එනකන් ඇඟිලි ගැන ගැන හිටියත්, ඒ ලොකු ටැoකිය පිරෙන්න වතුර ඇදල අම්මටයි, තත්තාටයි කොච්චර අමාරුද කියල අපිට ඒ කාලෙ වැටහීමක් තිබ්බේ නැහැ.

ඉගෙන ගත්ත අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, ආච්චි අම්මා කෙනෙක්, නෑදෑයෝ ඉන්න එක වාසනාවක් කියල අද අපිට හිතුනත් ඉස්සසර ඒ ඔක්කොම දැනුනේ වදයක් විදියට. ඉස්කොලේ ගිහින් ඇවිල්ලා, සෙල්ලම් කරලා හවසට පැයක් විතර පොත් එක්ක ඉන්න එක තරම් අමිහිරි දෙයක් තව තියෙන්න නැතුව ඇති.
නමුත්.. අදත් මට සතුටුයි, අපි තුන්දෙනාගෙන් කාටවත් ඉගෙන ගන්න කියලා අනිසි බලපෑමක් තිබ්බෙ නැහැ. විභාග කාලෙට පාඩම් කලේ නැති උනාම අම්මගේ බැනුම් ඇහුව තම්යි, තාත්ත්වය තව ටිකක් දරුනු නම්, තත්තා කැඳවන පවුලේ රැස්වීමට යන්න උනා තමයි, නමුත්.. ඒක තමයි උපරිම දඬුවම. අද මම මගේ උපාඩියේ අන්තිම අවුරුද්දේ ඉන්නකොටත් මගේ තාත්තා මට උගන්නපු දේවල් මම පාවිච්චි කරනවා. මම සූප ශාස්ත්රය ගැන ඉගෙන ගත්ත ආචාර්ය මහාචාර්යවරු යටතේ ඉගෙන ගත්තත්, අම්මා ඒ විෂය ගැන කියල දුන්නු දේවල් ගැන ඒ අය පවා පුදුම වෙනවා.

මගෙන් කවුරු හරි ඇහුවොත් ජීවිතේ හම්බ වෙච්ච හොඳම තෑග්ග මොකක්ද කිව්වොත් මට ආයෙත් කල්පනා කරල බලන්න ඔනෙ කමක් වෙන්නෙ නැහැ. උත්තරේ “මගේ අම්මයි තාත්තයි”.

අද 01/10/2010, අම්මගෙයි, තාත්තගෙයි 29 වෙනි විවාහ සoවස්තරය. මේ සටහන මේ ලෝකෙ ඉන්න හොඳම අම්මටයි, හොඳම තාත්තටයි ආදරයෙන්........

-නදී-

Friday, September 24, 2010

Innocent him !!

It was a fine Sunday evening. Since it was a rainy day, my hostel mates couldn’t go out for their daily cricket torment. So, Me and my roommate Akalanka started playing water game, which is our favourite.



The game is like this. First we have to knock the door of a room in the hostel by keeping a hidden bucket of water in the hand. As soon as he opens the door we should make him have a nice basketful of water.



As usual that day also we started our water game. This time our aim was Roshan. He is from Goa and studying in the 2nd year Business Management. This guy always use to come to our room and wasting time by talking nonsense.



We gave him a nice bath as soon as he opened the door. And at the 2nd time when he was passing our room for evening tea.

After sometimes we both saw that he is coming towards our room with a jug of water. Then again we got our water basket and chased him.

This poor chap, Roshan slipped down in the ground. That also was a good chance for us and we again did the same thing before he gets up.

After about 1 hour, I heard someone is knocking the door of our room. I knew that it is Roshan with his jug of water and I suggest my roommate Akalanka, a small plan.



That is to through the water in the basket as soon as I open the door.

As we planed earlier I opened the door. At the same time Akalanka thrower the water in the basket to the Person....Can you guess what happened ???



It was not Roshan... But one the senior lecturers in my department who came to my room to ask for my syllabus copy. Just think how much I was embarrassed to see him like a wet chicken !

Sunday, August 01, 2010

My Hostel !!!

Back to the blog…..

This time thought of writing in English as I don’t have any other way. Since I have Problems in my Internet connection and as I don’t have sinhala fonts in my lapy…
Today I’ll share the memories of my hostel.

Though it is not a home away from home, I have started loving my hostel, may be because I’ll be leaving not only this hostel, but also from Mangalore and India as well. I’m now in the final semester of my degree. The name of my loving hostel is “Laxshmi” and it is situated very near to my faculty. Early in the morning when I open the window of my room I can see the main gate my faculty as well as the entrance door of my III year lecture hall.

Two years back me, together with my Sri Lankan friend Akalanka stepped to this hostel just because of horrible Hostel Foods of my previous hostel. Usually Karnataka State of India is having the worst foods. I love Kerala foods, Tamilnadu foods and specially Gujarathi foods. But.. Never Karnataka foods. These Karnataka people’s favorite dish is Sambar, which is more like flavored water. Sambar is a must for their dinner and lunch.

1st I’ll share you about the meals and Meal plans of my hostel.
I like most of the breakfast food items.

MONDAY - Pulao rice. (One of my favourites)

TUESDAY – Uththappam with coconut curry (Chutney), known as plain Dosa too (Not bad)

WEDNESDAY – Tomato rice. (I’m the only one like this in whole Hostel)

THURSDAY – Poori (Waw. My favourite)

FRIDAY – Lime Rice (Not bad. I like rice dishes)

SATURDAY – Upma (I hate this)

SUNDAY – Parota and Potato curry. (We all love this)

All most all love poori and all are counting days for THURSDAY to have poori. One person is allowed to have only 4 pooris. . When it comes to poori, I remembered another story of mine. Once I have told you about my Nepal tour. While we were traveling in the train, my good friend Umesh ask about my favourite Indian food Item. I told him that it is “Poori”.
How unlucky I was. During my stay in Nepal, from each and every house I was served Poori. For Breakfast it was Poori, Lunch – Same. Again for dinner also Poori. That was really a difficult time for me. Hehehe.

For Lunch every day Sambar curry, two chapatis and one cup of Rice. Every Sunday to Saturday it is same. I don’t like Chapati much. Whenever I go to our Dining hall, there are few North Indian guys, waiting till I offered one of my chapatis to them. They are chapati lovers. They can have Chapati for all three meals of them.
For dinner they serve four days veg meals. Rest three days, One day they serve chicken, two days eggs.
That is all about our never changing meal plans of our Hostel.

Let’s move on to my hostel mates. I’ll tell about some of the famous characters in the hostel.

………………………………………………………………………………………………………………………..

1) Mohan (Mona) is From Pondicherry, which was a French colony. Situated in Tamilnadu state. A Tamil guy, whose passion is Dancing. He can draw as well. A caring and Friendly guy, studying in the final Year of Fashion designing degree program of the same university. Since my roommate also in the same department and same year, he always uses to visit our room. His Girl Friend’s Name is _____. Poor girl, who is doing all most all his assignments and Projects. When it comes to exam time, every night he comes to my room and asking my roommate,
“Machaaa Tomorrow is Garment Manufacture Paper ryt ? Don’t you have any notes to read ?” That is how he studies for the exam. After every paper we know what he says
“Ahh.. SHIT… That Paper was damn difficult. This time also Backlog”
2) Sharafath Hussein (Sharu) Room mate of Mohan, 2nd year Interior designing student. Who can’t go even to next door shop without his bike. Same characters like his room mate. Same State, Same city. In his last semester exam, he had exams continuously from 13th to 17th and the final paper was scheduled to be held on 25th. That paper was a common paper for all the 2nd year degree students of Mangalore University and one of the easiest papers (Indian Constitution). A compulsory paper. But, this guy never wanted to write that paper because of the gap of 8 days. He left Mangalore on 17th afternoon, soon after his exam. He will write the paper this time.

3) Wjey has completed his studies in the field of Graphic designing, From Kerala State and was working in a nearby institution as a designer. He is very friendly with me and my room mate. Only Problem we have is this guy is too much caring. When we go near to the bridge he says “Don’t go !! Don’t go !! You will fall down. “ When we have any foods from outside “Don’t eat out side foods.. you’ll get stomachache !! One day both I and my room mate were standing near to a small shop, where they sell Beetles. We were waiting for one of our friends. Suddenly we saw this guy is coming towards us. He told, “You came here to have beetles ?? Don’t have such bad habits. It causes cancers” My room mate, Akalanka is always telling this guy is same like his grand ma.

4) Sandy (Sandeepan) from Assam State, doing his degree in Business Management, born in Sri Lanka and have had come back to India at the age of 4 years. Still he has some memories in Sri Lanka. This guy has 3 – 4 denim pants and among them two are his favorites. He always wears those two. But never wash. According to his room mate he is washing them only once in a semester (5 months) that is just before he goes home for vacation. Trust me, when ever he comes to my room we have to clean our room because of the dust particles (including soil) which are falling to the ground. Having a bath once In a week is very much sufficient to him.

Contd !!!!

Thursday, June 24, 2010

නේපාලය සහ නේපාල විවාහ උත්සව........







ඔන්න ඉන්දිය නේපාල දෙශසීමාව හරහා අපි නේපාලෙට ආවා. අපි ආවෙ අශ්ව කරත්තෙක. මේකත් මරු අශ්ව කරත්තෙ. ගොඩක් වෙලාවට අශ්ව කරත්තෙකට යොදා ගන්නෙ ගෑණු සතෙක්ලු. මොකද, හොඳට බර අදින්න පුලුවන් නිසා. මේකට කියන්නෙ "ටඟා" කියල. මෙ ගමනත් මරු. අපි කරත්තෙ පිටි පස්සෙ තමයි වාඩි වෙන්න ඕනෙ. පිටි පස්ස පැත්ත පාරට සම්පූර්ණයෙන්ම නිරාවරණය වෙලා තමයි තියෙන්නෙ.

හැමෝම වගේ යන්නෙ කරත්තේ නිසා ට්‍රැෆික් වෙලාවට අශ්වයා ගිහින් ඉස්සරහ කරත්තේ යන අයව ලෙව කනවා. (ආදරේට වෙන්න ඇති ). එතකොට ඒකෙ ඉන්න මිනිස්සු යටි ගිරියෙන් කෑගහන්න පටන් ගන්නවා. මේ සිද්දිය ගොඩක් තැන් වලදි උනා.:) :) :) තව සමහර වෙලාවට හදිස්සියෙවත් පිරිමි අශ්වයෙක් දැක්කොත් ගමන දාල ඒ අශ්ව්ය පස්සෙන් දුවනවා.. ඔය අතරෙ කරත්ත අනතුරු එහෙමත් වෙනවා. මේ ටඟා කරත්තේ ගාන බොහොම අඩුයි. කිලොමීටර ගානක් ඇවිල්ලත් ඒ මනිස්සයට දුන්නේ ල0කාවෙ සල්ලි වලින් රුපියල් 30ක් විතර. රික්ශා සහ කුලී කියන ඒවත් මෙහෙ කෙටි දුර ගමන් යන්න යොද ගන්නවා. රික්ශාවෙ එක මනුස්සයෙක් බයිසිකලය වගේ පැදගෙන යනවා. පිටිපස්සෙන් මිනිස්සු ඉඳගෙන යනවා. කුලී කියලා කියන්නේ මිනිහෙක් ඇදගෙන යන කරත්තක්.

මම නම් නේපාලෙදි රික්ශාවක ගියේ එක පාරයි. මට ඒ මිනිහා ගැන ගොඩක් අනුකම්පා හිතුනා. කුලී එකක නම් කවදවත් යන්න ඕන කමක් තිබ්බේ නැහැ. මම ගිය කරත්තෙ හිටියෙ උමේශ් සහ මම විතරයි. අපිත් ඉතින් වල වල් වල වැටි වැටී ටිකක් දුරක් ගියා.

ටික වෙලාවකින් උමේශ් මට කිව්ව අපි දන් නේපාල සීමවට කිට්ටුයි කියලා. මමත් තකහනියක් මගේ බෑග් එක ඇරල මගේ “Pass port” එක එලියට ගත්තා. මමත් ඉතින් ආගමන විගමන කටයුතු කරන තැනට ආවාම කියන්න කියල මගේ යාලුවට කිව්වා. නේපාලෙට එන්න කලින් වීසා ගන්න ඕනෙ කමක් තිබ්බෙත් නැහැ, මොකද “Visa on arrival” නිසා.
ටික වෙලාවකින් අපේ කරත්තෙ නැවත්තුවා නේපාල පොලිස් නිලධාරියෙක්. එය උමේශ් එක්ක වචන දෙක තුනක් කතා කලා. ඒට පස්සෙ අපි අයෙත් දිගටම කරත්තෙන් ගියා. විනාඩි 5 කට විතර පස්සෙ උමෙශ් කියනව....අපි ගෙදරට ආව...කරත්තෙන් බහින්න කියලා.

එතකොට තමයි මට දෙයියො බුදුන් සිහි උනේ.මේක මාව රට ඇතුලට අරන් ඇවිල්ල තියෙන්නෙ වීසා ගන්නෙ නැතුව. මම ඕක කිව්වහම මිනිහ හිනා වෙවී කියනව, "වීසා ගන්න ගියා නම් තව පැය දෙකක් වත් අපිව රස්තියාදු කරයි.. ඒක නිසා සද්ද නැතුව ඉන්න" කියල. කොහොමත් මට කේරලා ලුක් එකක් තියෙනවා කියල හැමෝම කියනවා. ඒක නිසා මමත් සද්ද නැතුව හිටියා.
නේපාලය කියන්නෙ බොහොම දුප්පත් රටක්. ඉන්දියාවටත් වඩා දුප්පත් ඇති.

මම එදා හිටියේ රොෂන්ගේ ගෙදර. ඒ ගෙදරදි මම කවදාවත් හිතපු නැති විදියට පිළි ගත්තා. රොෂන්ගේ අම්මා ඇවිත් සාම්ප්‍රදායික විදියට මාව පිලි ගත්තා. (අර හින්දි ෆිල්ම් වල වගේ). ඒට පස්සෙ රතු තිලකයක් මගේ නලලේ තිබ්බා. මමත් දන්න විදියට ෆුල්ල් ඉන්දියන් විදියට වැඩිහිටියන්ට වැඳල ඇතුලට ආවා. මගේ කාමරේ තිබ්බෙ 3වෙනි තට්ටුවේ.

ඉතින් ඊට පස්සෙ හැම විනාඩි 10කටම වගේ පස්සෙ කවුරු හරි කාමරේට ඇවිත් කෑම කෑවද? බඩගිනි නැද්ද ? මොනවා හරි බොනවද ? මොනවද ඕනෙ ? කියල මගේන් ඇහුවා. මේක මම යනකම් හැමදාම වෙච්ච දෙයක්.

මාව ගමේ අයට අඳුන්වල දුන්නෙ "රාවනා දේශයෙන් ආවා කියලා” ඒ අච්චිල සීයලා ලoකාව කිව්වට වඩා රාවණා දේශය කිව්වහම දන්නවලු. තව සමහර අච්චිලා මාත් එක්ක පැය ගනන් කියව කියවා හිටියා. ඒත් මම නේපාලි භාෂාව දන්නෙ නැති නිසා හිනා වෙවි හිටියා. (හරියට දන්නව වගේ) එක අච්චි කෙනෙක් රොෂන්ට කියල තිබ්බ මම අඩම්බර නිසා කතා කලේ නැහැ කියල. පස්සෙ රොෂන් හිනා වෙවී කියල තිබ්බ මට නේපාලි භාෂාව බැරි බව.

ඇවිල්ල පහුවෙනිදා අපිට කත්මණ්ඩු නගරයට යන්න උනා. මොකද මම මෙහෙ ආවේ රෝෂන්ගේ අයියාගේ විවාහ උත්සවයට නිසා. ඒකෙ මනාලියගේ පාර්ශවයේ උත්සවය තිබ්බේ එහේ. කත්මණ්ඩු යන්න කලින් ගෙදර පොඩි පූජාවක් තිබ්බා. ඒක මනමායා ගෙදරින් යන නිසා මනමාලයාට අශිර්වාද කරලා. ඊට පස්සෙ ඔක්කොම නැග්ගා බස් එකකට. එතකොටම කව්ද ආච්චි කෙනෙක් ඇවිල්ල මට ආශිර්වාද කරල ගෑවෙ නැතෑ හෙන ටීකා තලියක්(නලලේ ගාන ඒවා) . විශ්වාස කරන්න මගේ නලළෙන් එකයි. ඒකට මීකිරියි, පොඩි කරපු කෙසෙල් ගෙඩියි අනල ගාලා. මට ඒ කිරි ගඳ ආවහම වමනෙටත් ආව. පස්සෙ හිමින් සැරේ ගිහින් මම මුණම හෝද ගත්තා. තව ටික වෙලාවකින් තව අච්චි කෙනෙක් ඇවිල්ල හැමෝටම මොනවද හැන්දකින් කව කවා ගියා. මොනවද කියල අහන්න විදියකුත් නැහැ. කිසිම යාලුවෙක් අහල පහල හිටියෙ නැහැ. අච්චීත් කඩ්ඩ දන්න එකක්යැ. මම කොකටත් එපා කිව්වා. මෙයා මට බල කරනව කන්න කියලා. පව්නෙ...අච්චිකෙනෙක්නෙ කියල මම කෑවා. ඒ පාර සීනි වත් නැතුව මීකිරි. මේගොල්ලන් දුර ගමන් යනකොට හැමෝම කන්න ඕනෙලු.

ඔක්කොම දුර පැය 10ක් විතර. පහුවෙනිදා උදේ අපි කත්මණ්ඩු නගරයට ආවා. නගරයට එන්න ක්ලින් හිමාලයා කඳු පන්තිය දැක්කා. මේක හරිම ලස්සනයි. මේ කාලය නේපාලයේ රස්නෙම කාලය උනත් එදා උදේ නම් මට වෙවුලන්න තරම් හීතලයි. අපි ගිහින් නතර උනේ හෝටලයක. ටික වෙලාවකින් අපි ගියා පොඩ්ඩක් ඇවිදින්න කියලා නගරයට. මුලින්ම අපි ගියේ ස්වම්බුනාත් බෞද්ධ විහාරයට. (Swayambhunath)

මට මෙහේදි නම් ටිකක් ලජජා හිතුනා. මත් එක්ක ගියේ උමේශ් එය හින්දු භක්තිකයෙක්., සොයේබ් ඉස්ලාම් භක්තිකයෙක් සහ රිකී, එයත් හින්දු බැතිමතෙක්. මාම් ඉතින් බුද්ඩාගම ගැන කිය කියා තමඉ ගියේ. ටික වෙලාවකින් තමයි මම දැක්කේ. මෙ ලොක ප්‍රසිද්ධ පන්සලේ වැඩි හරියක් ඉන්නෙ පෙම්වතුන් කියල. පාසල් නිල අඳුම් වලින් ගොඩක් දෙනෙක් හිටියේ. මමත් ඉතින් වැඳලා කියලා ආව එලියට. පස්සෙ අපි නගරේත් ටිකක් ඇවිදලා අයෙත් ආවා හෝටලයට.

එදාම රෑ අපි ගිය මගුල් ගෙදරට. තව දෙයක් තමයි මනමාලිගේ ගෙදරට යනකොට කිලෝමීටරයක විතර ඉඳලා ඔක්කොම අය නට නටා තමයි යන්න ඕනේ. මේකෙදි අවිවාහක පිරිමි නටන එක අනිවාර්යයයි. ඉතින් කවුරු හරි කමති උනත් නැතත් නටන්නම වෙනවා. පපර බෑන්ඩ් එකක් ඉස්සරහින් යනවා. අපිව පිලිගත්තෙ පිච්ච මල් මාලවක් දාල . මේක අනිත් පාර්ශව්යේ අයව අඳුර ගන්න දාපු දෙයක්. මනමාලි පෙන්න හිට්යේ නැහැ. මනමාලයාගේ ගෙදරට ගන්නේ මනමාලියගේ සහොදරයන්ගේ කර පිටින්. ඒට පස්සෙ ටික වෙලාවකින් මනමාලයගේ පැත්තේ නෑදෑයන් සහ මනමාලියගේ නෑදෑයන් පැති දෙකකට බෙදෙනවා. ඒට පස්සෙ තමයි මනමාලයා මනමාලිගෙ කරේ මාලයක් දාන්නේ. මේක දානකොටම මනමාලි පස්සට පනින්න ඕනෙ.(නැත්තම් මනමාලිගෙ පාර්ශවයේ අය මනමාලිව පස්සට තල්ලු කරනවා) කොහොම හරි ඒ දිග මාලය මනමාලයා මනමාලිගේ කරේ දම්මොත් මනමාලයාගේ පාර්ශවය දිනුම්. නත්තම් මනමාලිගේ පාර්ශවය දිනුම්. මේකත් බොහොම විනොද ජනක අවස්තාවක්. මේ මගුල් ගෙදර දිනුවේ මනමාලයාගේ පාර්ශ්වය.

නේපාලේ කසාද බඳින එක ඒතරම්ම ලේසි දෙයක් නෙමේ. මගුල් ගෙදරට කලින් මනමාලයයි මනමාලී දෙන්නම දවස් 5ක් විතර නොකා නොබී ඉන්න ඕනේ. කන්න පුලුවන් කැවිලි විතරයි. මේකත් හම තිස්සෙම බැහැ. මගුල් ගෙදර දවස් 6ක් විතර තියෙනව. එක එක උත්සව.

පහුවෙනිදා අපි පස්පතිනාත් පන්සලත් බලලා අයෙත් බිර්ගන්ජ් නගරයට ආවා. මගදි නම් මට ලොකු කෑම අරුචියක් තිබ්බා. මේක දවස් 5ක් විතර යනකන් තිබ්බා. ඒ දවස් වල වඩිපුර ජීවත් උනේ පෙප්සි වලින්.


ඒට පස්සෙ දවසේ මම ගියා රිකීගෙ ගෙදර උදෙ කෑමකට. තිබ්බේ පූරි සහ තව මොනවද එලවලුවක්. ගොඩක් රසයි, ගොඩක් මහන්සි වෙල තිබ්බ. උමේෂ්ගේ ගෙදර දවල් කෑම....මේක තමයි ගොඩක්ම විනොද ජනක අවස්තාව. උමේශ්ගේ අයිය්යටයි මල්ලිටයි ඉOග්‍රීසි භෂාව කතා කරන්න පුලුවන්. ඒක නිසා මෙයාල මගෙන් උමේෂ් ගැන ගොඩක් දෙවල් ඇහුවා. මේක ගෙදරට කියල තියෙන්නේ බැච් එකේ හොඳම එකා මේකා කියල. මම ඉතින් ඒවගේම කියල වගේ තමයි කතා කලේ. මට ගෙදරට ගිය ගමන්ම ගෙදර එල්ලල තිබ්බ පදක්කම් වගයක් පෙන්නල කිව්ව, නදීශ.. මම දැන් වැඩිය ඉගෙන ගන්නෙ නැති උනාට ඉස්සර මම ගොඩක් දක්ෂයි. මේ ඔක්කොම මගේ ඒවා කියලා. ඒවා පන්තියෙ පළවෙනියා වෙච්ච පදක්කම් ටිකක්. (10ක් විතර )
ටිකකින් මෙයාගේ අම්ම කියනවා අර ඔක්කොම පදක්කම් එයාගෙ අයියගේයි මල්ලිගෙයි කියල. මේකගේ මූන රතු උනා. :) :) :)

ටික දවසකට පස්සෙ මනමාලයගේ පාර්ශවයේ උත්සවයට පස්සෙ මම අයෙත් ගෙදර එන්න ලැස්ති උනා. මේ වෙලාවෙ ගෙදර හැමෝම මට එක එක තෑගි දුන්නා ඒ ඒ අයට ගැලපෙන විදියට. (රොෂන්ගේ ගෙදර අය )

මුලින්ම රෝෂන්ගේ අම්මා මට කලිසම් රෙද්දකුයි කමීස රෙද්දකුයි, ගණ දෙවි රූපයක් එක්ක කාසියකුයි තව නේපාල සල්ලි ටිකකුයි දුන්නා, ලොකු අක්කා (මීනා) මට දුන්නෙ බිත්තියේ එල්ලන රූපයක්. රොෂන්ගේ තත්තා මට දුන්නේ පොඩි ලාම්පුවක්, එයාගේ පොඩි නOගි දුන්නෙ පෑනක්. පොඩි අක්කා දුන්න ගණ දෙවි පිලිමයක් එක්ක බිත්තියේ එල්ලන රූපයක්. මුන්නා අයියා (පොඩි අයියා) දුන්නේ පෑනක්. ලොකු අයියා දුන්නේ ලී වලින් හදපු නේපාලේ සිතියමක්. අලුත් මනමාලි මට දුන්නේ බිත්ති ඔරලොසුවක්. පස්සෙ මම බෑග් එක අරිද්දි දැක්කේ මගේ බෑග් එක පිරෙන්න අඹයි රසකැවිලී පුරවලයි කියලා. මට ඉතින් කර ගන්න දෙයක් තිබ්බේ නැහැ. මොකද.. මට ඒගොල්ලන්ට කියන්න පුලුවන් කමක් තිබ්බේ නැහැ මට ගුවන් තොටුපලින් ගෙනියන්න අවසර තියෙන්නේ කිලෝ 20ක් විතරයි කියලා. මම ඔකොටම කතා කරලා එලියට බහිද්දි දැක්කේ එයාගේ අම්මලයි අක්කලයි මම යනව කියල අඬනවා කියලා. මට මගින් මගටම කීප පාරක් කිව්ව ඒගොල්ලන් අමතක කරන්න එපා, ඊලඟ මගුල් ගෙදරටත් එන්න ඕනෙ කියල.

අමතක නොවෙන ගමනක්. මට ඒ අයගේ ආගන්තුක සත්කාර නම් කවදාවත් අමතක වෙන එකක් නම් නැහැ