Wednesday, October 06, 2010

එන්දිරන් (Robot)


ඉන්දියාව ගැන කතා කරද්දි, ඉන්දීය සිනමාව ගැන කතා නොකරම බැහැ. ඉන්දියාවෙ ඉන්න මිනිස්සුන්ගෙන් වැඩි දෙනෙක් සිනමාව නිසා පිස්සු හැදුනු මිනිස්සු. මගේ නේවාසිකාගාරයෙත් ඉන්නේ ඒවගේ පිස්සො ටිකක් තමයි.

මමත් මෙහේ ආවට පස්සේ චිත්‍රපටි කීපයක්ම බැලුවා. පළවෙනි එක තමයි "Rabne bana di Jodi"මේක බලන්න ගියේ රoගිකයි, නවම්මලියි, එයගේ අක්කයි එක්ක.

ඊට පස්සෙ ගියෙ "Gajini" බලන්න. මේකට නම් ගියේ තනියෙම, මොකද ඒ වෙද්දි නේවාසිකාගාරයේ ඔක්කොම “දිවාලි” උත්සවයට ගෙවල් වල ගිහින් හිටපු නිසා.


ඊට පස්සෙ ගියේ මගේ බැච් එකේ යාලුවො තුන් දෙනෙක් එක්ක "We are a Family" කියල අලුත් චිත්‍රපටියක් බලන්න. මේකෙදි අපි චිත්‍රපටිය බලනවට වඩා කලේ වටේ පිටේ හිටපු අනිත් මිනිස්සු අඬනවා බලපු එකයි, නිදාගෙන හිටපු යාලුවො අවදි කරපු එකයි, පොප් කෝන් ටික ඉවර කරන්න මහන්සි වෙච්ච එකයි විතරයි, මොකද මේකෙ වැඩි හරියක් තිබ්බේ එක ගෙදරක මිනිස්සු ටිකක් අඬපු හැටි විතරයි.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

අපි ගිය සතියෙ දවසක අපේ මොහන් කියලා තමිල්නාඩු යාලුවෙක් කතා කලා "එන්දිරන් (Robot)" කියලා චිත්‍රපටියක් බලන්න යන්න. මේක ද්‍රවිඩ චිත්‍රපටියක්. මේකෙ හින්දි චිත්‍රපටිය තිබුනත් අපේ කට්ටිය කැමති උනේ ද්‍රවිඩ එක බලන්න. නිෂ්පාදනය කරන්න්න ඉන්දියානු රුපියල් ක්‍රෝර් 150 විතර වියදම් කරල තියෙනවා. (ශ්‍රී ලoකා මුදලින් රුපියල් බිලියන 3.75)


මේක තමයි මගේ ජීවිතේ ලබපු හොඳම සිනමා ශාලා අත්දැකීම. ......

චිත්‍රපටිය පටන්ගෙන විනාඩි කීපයකින් ප්‍රධාන නළුවා, “රැජිනි කාන්ත්” පෙනී හිටියා. චිත්‍රපටිය බලන්න ආපු දාහක් විතර මිනිස්සු මුලු ප්‍රෙක්ශකාගාරයම දෙවනත් වෙන්න කෑගහමින් තම සතුට පල කලා. මේක මට අලුත්ම අත්දැකීමක්. විනාඩි කීපයක්ම යනකන් මිනිස්සු ආසන වලින් නැගිටලා අත්පොලසන් දෙන්න පටන් ගත්තා.

ඊලඟට ආවේ අයිශ්, (අයිශ්වර්යා රායි බච්චන්). ප්‍රධාන නිලිය,

මැoගලොර් ඇගේ බලකොටුව හා සමානයි. මොකද මැoගලොර් තමයි ඇය උපන් ගම.
හිතාගන්න පුලුවන් නේද කොයි වගේ පිළිගැනීමක් තිබුනද කියලා. මිනිස්සු තමන් පැලඳගෙන හිටපු කමීස, ජටා, ලේනු, තොප්පි වගේ දෙවල් තිරය පැත්තට විසි කලා. ඒ තමන්ගේ ආසම නිළිය දැකීමේ සතුටට. මේක බලද්දි මට හිතුනේ බලන මිනිස්සුන්ට මේක චිත්‍රපටියක් කියල අමතක වෙලා කියල. ප්‍රතිචාර ඒතරම්ම සජීවි.


මේ චිත්‍රපටියේ එක දර්ශනයක් තියෙනවා අයිශ් කෝලාහලයකට මැදිවෙනවා. මේ වෙලාවෙදි මිනිස්සු තම ආසන වලින් නැගිටලා "හින්දි","කණ්නඩා","තුලු" වගේ භාෂා වල අසැබි වචන වලින් කෑගහනවා. මේකට හේතුව චිත්‍රපටියකදි හරි ඇයට මෙවැනි තත්වයක් උද්ගත වීම.


තත්වය තවත් දරුණු උනොත්, ආරක්ශක නිලධාරීන්ගේ උදව් ගන්නත් වෙනවලු.

මේ වගේම තමයි "සිප ගන්න දර්ශන"

මේවෙලාවෙදිත් කෑගසමින් නොසතුට පල කරනවා... මේ තරු ඔවුන්ට තමන්ගේ ජීවිත හා සමානයි. ඉදිරි පෙල අසුන් ඉස්සරහට ප්ලාස්ටික් බොතල් ප්‍රහාර, කඩදාසි ගුලු ප්‍රහාර එල්ල වෙන්නෙත් මේ වගේ වෙලාවට තමයි.


මේ වගේ දර්ශනයකදි මට එහා පැත්තේ හිටිය අවුරුදු විසි පහක විතර කෙනෙක් නැගිටල හයියෙන් කෑගහන වා "Kya hai yaar" කියලා.


මම මේ චිත්‍රපටියට අකමති වෙන්න හේතුව තමයි මේකේ සජීව කරන (Animation) අනවශ්‍ය විදියට පාවිච්චි කරල තිබීම.


නමුත්... මේ චිත්‍රපටිය මගේ ජීවිතයේ හොඳම සිනමා ශාලා අත්දැකීම කිව්වොත් හරි....