Thursday, April 21, 2011

වින්දෙමු මෙසේ


වින්දෙමු මෙසේ....
පළමු කොටස


මා දෙවියේ එක් සොඳුරු තෙවසරක් පිළිබඳව තබනා වූ සටහනකි මේ...

2008 ජුනි මස 26 වැනි දින මෙහි මා පැමිණි අවදියේ මාගේ සිතුවිලි කෙසේ වීදැයි සිතා ගැනීමට මට අද කොහෙත්ම නොහැකිය. මෙයට හේතුව කුමක්දැයි මෙම සටහන අවසානයේ ඔබට අවබෝධ වනු ඇත.

මා සමාගමයට මුලින්ම එකතුවන්නේ රoගික, තිලාන් සහ ප්රෝසාද් වේ. එකිනෙකාට ප්රුතිවිරුද්ධ අදහස් හා ගතිගුණ ඇති මොවුන් තිදෙන විශ්ව විද්යාලයේ ලාoකික සිසුන් අතර ප්රකට "ත්රිවිධ රත්නය" නමිනි. මෙයට හේතුව ඔවුන්ගේ වාසගම් අගට "සෝමරත්න", "කවිරත්න" සහ "ගුණරත්න" ලෙස "රත්න" යන්න තෙවරක් යෙදී ඇති බැවිනි. මාගේ ප්ර"ථම නවාතැන වූයේ "විවේකානන්ද නගර්" හි වූ ඔවුන්ගේ බෝඩිමයි.

සෑම ඉරිදා දිනකම විශ්ව විද්යාලයීය ලාoකික සිසුන්ගේ වාස භවන මෙය වේ.එම නිසා ඉරිදා දින වලදී මෙය "විවේකානන්ද ලොජ්" බවට පත්වේ. මේ හේතුව නිසාවෙන් සෑම ඉරිදාවකට දින දෙක තුනකට පොරොතුව ඔවුන්ගේ පෙර සූදානම් වීම් සිදුකරනු ලැබේ.

ශෂී දින පහ හයකටම පෙර සිටම උදේ - හවස "පැක්" දැමීම සිදුකරයි. දක්ෂී මේ සඳහා "කඩල පිටි" යොදයි. නවා ඇයගේ කොණ්ඩය දන්නා උපරිම අයුරින් සකසයි. සමහරෙක් කොණ්ඩය අයන් කරයි. මධු බ්ලීච් කරයි. හිරුණි සහ උදාරා ඔවුන්ගේ අඩුපාඩු බලා රූපලාවන්යඩ උපදෙස් සපයයි. මේරියන් ආක්කාට නම් පැක්, බ්ලීච්, කොන්ඩා මෝස්තර යන සියල්ල අවශ්යය වේ.

මේ අතර රoගික ඔහුගේ සුවඳ විලවුන් බෝතල් ස්නානය පටන් ගනී. කවී ඔහුගේ "ඔරේන්ජ් මාස්ක්" එක දා ගන්නා අතර ප්රඩසාද් මයිසූර් ක්රී ම්ගා ලේබලයට අනුව උනු වතුරෙන් මුලින් සෝදා පසුව සිසිල් ජලයේ සොදයි.

ඉරිදා උදෙන්ම නැගිට මම, රoගි, කවී සහ ප්ර සාද් මුලු ගෙදරම අස් කරයි. මේ අතර සියලුම රෙදි වැලවල් වල ඇති රෙදි පෙට්ටගම් තුලට යයි. (ගැහණු ළමයි එන නිසා එසේ කරන්න යැයි රoගිකගෙන් විශෙෂ නියෝගයක් ලැබේ.)
ප්රෝසාද් ගේ කාර්යය ගිණුම්කරනය සහ කඩේ යෑම නිසා ඔහු ඉරිදා උදෙන්ම හාල්, පොල්, ලූණු, මිරිස්, ලුනු, තක්කාලි, අල, පපඩම්, කිරි පිටි, සීනි ආදිය කන්ද උඩ අoකල් ගේ කඩෙන් ගෙනත් තබයි. මෙයට මාද සහභාගි වෙයි.

උදේ 10 - 11 වන විට ඉස්කෝලේ ඇරියා මෙන් සියල්ලෝ අප නිවසට පැමිණෙයි. ඉන්පසු ප්රනඩාන කාර්යය දවල් ආහාරයයි. සියල්ලන්ම එකතුවී, විශෙෂයෙන් දිනේෂ්, රoගි, ප්ර්සාද්, මම, උදාරා, දක්ෂි එකතුවී දහවල් ආහාරය පිළියෙල කරයි. මෙහිදී විශේශයෙන්ම සඳහන් කල යුත්තේ ශෂීද පපඩම් බැදීම සඳහා නොමසුරුව දායක වන බවයි.
කල්හාරී ගැනද මෙහිදී සඳහන් කල යුතුමය. ඉරිදා දින වලදී ඇය නොපැමිණියත් සමහර දින වලදී ඇය පැමිණෙනේ නූඩ්ල්ස් සාදා ගැනීමටයි. රුපියල් පහේ මැගී නූඩ්ල්ස් පැකට් එකක් අරගෙන එන ඇය කියන්නේ... "අනේ අයියා.... නිකන් මොකටද නාස්ති කරන්නේ" කියාය. කුමක් වුවත් ඇයට අප තේ හදන්න ඉඩ නොදෙන්නේ ඇය තේ සාදන අන්දම අප ප්රාකයෝගිකව දන්නා නිසයි. එය කෙටියෙන් දැක්වුවහොත්, ඇය එක් තේකක් සාදන්නට පිටි හැඳි 7ක්, සීනි හැඳි 7ක් සහ වතුර කෝප්ප 7ක් දමන්නේ නිවසේදී ඇය තේ හදන්නේ හත් දෙනෙකුට බැවිනි.
මින් පසු ඇරඹෙන්නේ ඕපාදූප වටයයි. මෙහිදී ප්ර කට මාතෘකා වශයෙන් අහල පහල විශ්ව විද්යාලවල ලාoකික සිසුන්, ඔවුන්ගේ ගැටලු, ඔවුන්ගේ නඩු හබ, පෙම් සබදතා, අප විශ්ව විද්යාලයේ එවැනි ගැටලු ආදියයි. මේ අතර මම, උදාරා සහ සුපුන් ටෙරසයට ගොස් අපට අදාල දෙයක් කතා කරයි. මෙහිදී බොහොවිට අප විෂය වන්නේ අප ජේෂ්ඨ සිසුන්ය. (සුපුන්, අකලOක, උදාරා, හිරුණි මා සමඟ එකම වසරේ විශ්ව විද්යාලයට පැමිණියෝය.)

ඉන්පසුව ඇරඹෙන්නේ නවාගේ "කාඩ් කුට්ටමේන් විවාහ දිවියේ පලා ඵල කීමයි" මෙයට අවශය්යර වන්නේ තම පෙම්වතාගේ හෝ පෙම්වතියගේ නමේ අකුරු සoඛ්යාිව පමණි. ප්රේකමයට අදාල වූ දෙමපිය අනුමැතිය, යහලුවන්ගේ උදව්, විවාහ වන වයස, පෙම්වතාගේ හෝ පෙම්වතියගේ පෙර තිබු සම්බන්ධතා, අනාගතය, දරුවන් සoඛ්යා,ව ආදී සියලු පලා ඵල එසැනින් ලබා ගැනීමට ඔබට හැකිවනු ඇත.

හවස තේ වෙලවටද පෙට්ටගම් වලින් ලoකාවේ සිට ගෙන ආ සමපෝෂ, ක්රීැම් ක්රැේකර් ආදිය එළියට පැමිණේ.
මේ අතරතුර මධූ සහ මම අඹ අච්චාරු සඳහා සූදානම් වේ. අප එම නිවසේ අසල්වැසි නිවසේ විශාල අඹ ගසකි. මෙහි ගෙඩි කැඩීමට සුදුසුම වේලාව හවස හතරට පමණ වේ, මක්නිසාද යත් එම නිවසේ අයිතිකරු නිදා ගන්නා වේලාව මෙය බැවිනි.
මෙදිනද සුපුරුදු පරිදි මධූ, මම හා ප්රේසද් කෙක්කත් රැගෙන අප ටෙරසයට (Roof Top) නැග්ගේ අඹ කැඩීමටයි. මධූ කෙක්කෙන් අඹ කැඩීමට පටන් ගත්තාය. ඇයට එම කාර්යය ඇතිවන ස්වරූපයක් නම් නොපෙනිනි. අඹ ගෙඩි 10 - 15ක් පමණ බිම හෙලිනි. මේ අතර ප්රනසද් පහලට බැස්සේ කැඩූ අඹ ඇහිලීමටයි. ටිකකින් ඇසුනේ මධු නoගිගේ කටහඬයි....
"නදීශ අයියා...... නදීශ අයියා.... අන්න අර මිනිහා ගහ මුල බලන් ඉන්නවා... දුවමු... දුවමු...."
එදා අපේ අන්තිම අඹ අච්චාරු දවස විය. අප නිවස දෙසට වූ අතු ටික දිනකින් කපා දැමු අතර, ඉතුරු අඹ ගෙඩි හැදුනු වහා කඩා ගන්නා ලදී.

අප විශ්ව විද්යාලයේ ගැහණු ළමුන්ට එලියට යෑමට ලැබෙන්නේ ඉරිදා දිනවල පමනි. අනිත් දින වලදි එලියට යෑමට නම් විශේශ අවසරයක් ලබා ගත යුතුය. නගර සීමාවෙන් එලියට යෑමට නම් දෙමාපිය අවසරය අනිවාර්ය වේ. ශෂී මේ අවසරය ලබා ගන්නේ අපූරු ආකාරයකටයි.

ඇය පළමුව නේවාසිකාගාරයේ ටෙරසයට (Roof Top) නැග කාර්යාලයේ ඇති පරණම, CLI පහසුකම් නැති දුරකථනයට ඇමතුමක් ලබාගනී..

ඇයගේ කතා විලාශයද (Accent) ඇමරිකානු ස්වරූපයට සකසා ගනි.

Hellooooww... Itz me, Shashika’s mother from Sri Lanka. My daughter needs to go to Mysore to meet her cousin. Can you please let her go ?? Please !!! :)
පිළිතුරක්ද ලැබේ...
OK M’am.. Thank you.

මේ නිවසේ බොහෝ කාර්යයන් සිදුවිය. කෑම පිළියෙක කිරීම, කාමර අස් පස් කිරීම, කුණු අස් කිරීම. මේවා Duty Roaster එකකට අනුව සිදුවිය.
ප්රාියෝගික පරීක්ෂණ කාලයේ (මාර්තු - අප්රේ ල්) සහ (සැප්තැම්බර් - ඔක්තොම්බර්) මේ නිවස ක්ර මයෙන් නගර සභා කුණු ගොඩක් බවට පෙරලේ. සති අන්තයේ සියලුම පාහේ ශ්රීrලාන්කීය සිසුන් මේ නිවසට පැමින ප්රාියෝගික පරීක්ෂණ සඳහා සූදානම් වේ.
ප්රාසාද් හා සුපුන් කාඩ්බෝඩ්, ෆෙවිකෝල්, සහ ලී කෑලි වලින් කාමරය පුරවයි. මේ ඔවුන් ගෘහ අභ්යoන්තර අලoකරණ (Interior Design) උපාධියක් හදාරන නිසයි. මධු, රන්ගි, කවි, දිනේශ් හා මම මේ සඳහා දයකත්වය ලබා දෙන්නේ පරණ කාඩ්බොඩ් හා මැගසින් වලිනි. මේ අපගේ සත්කාරක සේවා විද්යාමව (Hospitality Science)පිලිබඳ උපාධියේ ජර්ණල් සෑදීම සඳහායි.
අකලoක, උදාරා, හා නවා පරණ රෙදි කෑලි, රේන්ද වලින් කාමරය වනස දමයි. මේ ඔවුන් මොස්තර නිරූපන (Fashion Design)උපාධි හදාරණ බැවිනි.


cont....