Thursday, December 09, 2010

මගේ සමරුපොත

පහුගිය දවස් වල මම ගෙදර ඇවිත් පරණ පොත් රාක්ක්කයක් අවුස්සද්දි මට හම්බ උනා 1997 දි, එකියන්නේ මීට අවුරුදු දහ තුනකට කලින් මම පාවිච්චි කරපු සමරු පොතක්. දන්න විදිහට කිව්වොත්, Autograph book එකක්.
මට මේක කියවද්දි පරණ යාලුවො මතක් වෙච්ච එකට වඩා ඒ ලියල තියෙන ඒව දැකල හිනා ගියා. මම ඒවයින් ටිකක් විතරක් කියන්නම්.....

මම මේක පටන් ගෙන තියෙන්නේ මෙහෙමයි..... (මම ලියපු එකක් නම් නෙමෙයි.. මේක මට ලියල දුන්නේ අපේ මට ලියල දුන්නෙ අපේ කුමාර අයියා...(කුමාර හේවගේ))

“එක්ව සිටියත් අද රන් රස විලස
දුරස් වෙනු ඇත අප එකිනෙකාගෙන්,
යම් දිනක ඉදිරියේ, තබනු මැන සමරුවක්,
මගේ මේ පුoචි සමරුවේ..
සිහිවන්නට ඒ සොඳුරු අතීතය.”

.......නදීශ රoගනාත් පල්ලියගුරු.......


ඊලඟ එක නම් ටිකක් හින යනා එකක්. මේක ලියල තියෙන්නෙ ශානිකා කියල මගේ යාලුවෙක්. මේකෙ තිබ්බ දෙවල් ඒ දවස් වල තේරෙන්නෙ නැතුව තියෙන්න ඇති අපිට. අනිවර්යයෙන්ම මට හිතෙන්න ඇත්තෙ ඒ දවස් වලත් ශානිකාගේ සාහිත්යත දැනුම ඉතා ඉහල මට්ටමක තියෙන්න ඇති කියල...

“පාසලේදී
හිතාදර මිතුරු නදීශ,
ජීවිතයේ එක් සොඳුරු ළමා වියක,
ශිල්ප උගත් මා සුමිතුර සිහිවී යලිත්....
පැමිණියෙමි දකින ලෙස ඔබ වතකම,
පෙරදිනේ සිනාසුන ඔබ ගොලු වෙලා....
ඇයිද මා නොදන්නා ලෙසින් නිහඬ,
පරිසරය බිඳිමින් ඉඳ හිට උලමෙකු පමනක් හඬ නoවයි,
යහන් කෙඳිරිය අතරින් ඉකි බිඳුමකුත් ඇසේ.....
මෙදින ඔබ ගොලුවෙලා නොහඳුනන ලෙසින් මා...

මෙයට ඔබේ සදාදර මිතුරි
ශානිකා”


මේක ගයානී ගෙන්............................

“1998/06/18
සිසු පුටුවේදී,
මා දයාබර මිතුර N. R. P. ,
ඉගෙනීම නැමති යතුරෙන් ජීවිතය නැමති ආලින්දයට පියනගන්න.
ඔබට මල් මල් අනාගතයකට සුභ පතමි.
මීට,

ගයානි”


මේක ලිව්වෙ අචලා.................

“1998/06/18
සිසු පියසේදී,

සොයුරු නදීශ,
ඉගෙනීම නැමති රත්තරන් වස්තුව ඇති පාසල නම් සිප් හලට ඇතුලු වනවිට, ආදරය නැමති සවන මන් මත් කරන පාවහන් ගැලවිය යුතුයි....
ඔබට දුකෙන් තොර සැපෙන් බර අනාගතයකට ආසිරි පතන මා,
අචලා”


මේක ලිව්වෙ දිනූශා. මතකද අපි එයාට කිව්වේ "සායි බාබා" කියල. (එයාගේ කොන්ඩෙ නිසා) :) මම දන්නව දිනූශා මේක දැක්කොත් තරහ වෙන එකක් නම් නැහැ.

“අමතමි සොයුර ඔබහට,
විද්යානවෙන් අවිද්යාතව දුරුවේ,
ජීවිතය යනු විලක පිපි නෙලුමකි,
සුන්දරත්වයේද, අසුන්දරත්වයේද සoකේත විලෙහි ඇත්ත සේ මට හැඟේ,
ඔබ එහි පිපි නෙලුමක් නම්,
සුවඳවත් බව දසත පතුරන මැනවි

මෙයට ඔබගේ හිතවත් මිතුරිය... දිනූශා”



මේක දිනූශ දමිත් ගෙන්. (දොඹයා)........

“99-11-23
පාසලේදී,

මිතුරන් + කරගන්න
සතුරන් - කරගන්න
ඉගෙනීම X කරගන්න
සාම්ය :- ගන්න

මීට මිතුරු,

දිනූශ”


මේක තමයි මට කසුන් ලියල තිබ්බේ...

“දයාබර සොයුර,
98-06-18,
විදු මවු තුරුලේදී,

උත්තරීතර දෙමාපියන්ගේ මැණික් වැනි ඔවදන් පිලිගන්න. ඉගෙනීම නැමති පාසලට ඇතුල්වීමේදී, ආදරය නැමති පාවහන් ගැලවන්න. ඉන් 90%ක්ම සාර්තක වෙවි,
සුවබර අනාගතයකට ආසිරි පතන මා...
කසුන්
Wish you all the best. I love you.”



දසුන් ගෙන්....................

“98.06.18,
සිසු පුටුවේ,
විදු මවු තුරුලේ හමුවූ අපි, කවදා හෝ යලි වෙන් විය යුතුයි. යලි හමුව බලාපොරොත්තුවෙන් වෙන්ව යමු අප මෙලෙසින්..
ඔබට මල් මල් අනාගතයක්....
මා දසුන් මිතුරා...

(තිලින දසුන් ආරියසිoහ)”


මලිත් ගෙනුත් එකක්.................

“1998/06/18
සිසු පියසේදී,
විදුහල නැමති සිප් මවුගෙන් ශිල්පය පමණක් ගෙන කටු ගොඩවල් හා අනවශ්යන දෑ ඉවත දමා යන ඉදිරි ගමන බොහෝ දුරය.
මිනිස් කම පරදා සල්ලි රජවූ මොහොතක ඔබ යන ගමනට ආසිරි..

මීට සොයුරු,
මලිත ජයලත්”


මේක මට ගොඩක් වටින එකක්... මමත් එක්ක 1996 ඉඳන් අද වෙනකන් (අවුරුදු 14ක්) ඉස්සර වගේම හොඳ යලුවෙක් වෙච්ච ටීනා ගෙන්....

"මතකය ඇසුරින් සිහිකර ගන්න"
30.06.2000
සුපුරුදු විදු බිම,

ප්රාන සරි සොයුර,
කෙලි බිම, පන්ති කාමරය,
සිනා සිත්, නිල් දෙනයනය,
සුන්දර අපේ ලෝකය....
එනමුදු සොයුර,
කාලය පමිණ ඇත,
සමුගන්නට ඔබෙන්,
ඉඳින් ඔබේ මතකය ගෙන...
ඉගිල යමි මගේ ලොවට,
සමුගන්නෙමි ඔබෙන්, යලි ඔබේ මතකයේ සැරි සරන සිතින්

මා... ටීනා නිලක්ෂි ධර්මතිලක.
Dear Nadee, wish you all the best !!!

ලිපිනය : xxxx, xxxxxxxxxx, xxxxxxx
දුරකතන අoකය :0112 – xxx xxx”



මේ මගේ නැති වෙච්ච පොත් දෙකෙන් එකක තිබ්බ ඒවා විතරයි.. හිමායනී, සකුන්තලා, චාමර, කුමාර, නිලේශ්, දුල්මිනි, ගිහාන්, පාටලී, අසoක, වගේ යාලුවො ලියපු අනිත් පොත තාම මට හම්බ උනේ නැහැ. හම්බ වෙච්ච ගමන් දාන්නම්....

"Happiness is time spent with a friend and looking forward to sharing time with them again."
- Lee Wilkinson